රන් සමනල්ලු 11

823 85 21
                                    

අමායා දෙකොපුල් දිගේ කදුළු බෙරෙද්දී එහෙම්මම බීම ඉන්ද උනාය.ඊයේ හවස්වන තුරුම පුහුණු වීම් කල නිසාදෝ ඇගේ එහෙ මෙහෙ කකියන්නට විය. බීම හිදගෙන දෙදන තුල හිස සගවා ගත් අමායා ඔහේ කදුළු වලට ගැලීමට ඉඩ දුන්නාය... සියල්ලෝම වෙනත් අංග බැලීමට ශ්‍රවනාගාරයට ගොස් සිටි නිසා අමායාට පහසුවක් දැනිණි.තමා කලේ වරදක් ද?? කෙනෙකුට ආදරය කීරීම වරදක් ද?? තමා කන්සාය්ට ආදරය කලද ඇය තමාට කිසිලෙසකින් ආදරය කර නැත... එසේ නම් ඇගේ මුනවත් මින් පසු නොබැලීමට අමායා ඉටා ගත්තාය.හුන් තැනින් නැගිටගත් අමායා කිසිවෙක් දෙස නොබලා නාන කාමරය වෙත ගියාය. එහි දොර වසා ගත් ඇය කැඩපතෙන් පෙනෙන තම ප්‍රතිබිම්බය දෙස බලා සිටියාය.කදුළු ගාලා යාමෙන් මුහුණේ අලංකාරවත් ලෙස යොදා තිබු ආලේපන සියල්ල දියවී යාමෙන් මුහුණ විරු පි පෙනුමක් ගෙන තිබිණි. වහා ජල කරාමය හැර ඉක්මනින් මුහුණ සෝදා ගත් ඇය නැවතත් තමාගේ ගමන් මලු ආදිය ගැනීමට වෙස් ගනිවීමේ කාමරයට ගියාය. එහි යන විට කන්සායි දොර අසලින් හමු විය. මුහුණ දෙස එක් වරක් බැලු කන්සාය් ගමන් මල්ලද ගෙන එතනින් පිටව ගියාය. ඇගේ ඇස් රතු වී තිබීමෙන් ඇයද හඩා ඇති බව හොදින්ම වැටහිණි. අමායා කන්සාය් කොරිඩෝව දිගේ ඇවිද යන සැටි දිගු වෙලාවක් බලා සිටියාය..නැවත පාසල් ඇදුම් හැදගෙන අමායාද ප්‍රේක්ෂකාගරයේ අසුන් ගෙන නැවතත් කලා දිනයේ විවිධ අංග නරැබූවාය. කලා දිනය අවසානයේ සියල්ලෝ විසිර ගිය අතර විබගයට තවත් ඇත්තේ මාස 10 පමණ කුඩා කාලයක් බැවින් තම උපරිමයෙන් අද සිට හො වැඩ අරබන ලෙස ගුරුවරුනට වදින්නට යන අවස්ථාවේදී ඔවුනට පැවසුහ.
     කලා දිනයෙන් පසු අමායා බොහෝ හිතට ගෙන තම අද්‍යාපනය කටයුතු සිදු කලාය. වෙනදා මෙන් නොව. තම වැඩ ගැනම අවදානය යොමු කලාය.. කඩින් කඩ පාසල් ගිය බැවින් කන්සායි මුනට මුණ නොගැසීම හිතට සහනයක් ගෙන දුන්නේය.කන්සාය්ව කෙසේ හො මතකයෙන් ඈත් කීරීම අමායාගෙ අරමුණ විය. අමායාට දිවා රෑ වෙනසක් තිබුනේ නැත. ඇය දිගින් දිගටම වැඩෙහි යෙදුනාය.
   "කන්සාය් "   පාසලේ මැයි ගස යට සිට සුපුරුදු ලෙස අමායා ඒ විශාල ඇස් දෙස බලමින් කීවාය. වෙනදා මෙන් නොව එව තිබුනේ බොහොම ලංවීය.. කන්සාය්ගෙ හුස්ම පවා තම නාස් පුඩු වල වදින මානයෙ විය.එනමුත් එක් වරම කන්සාය් මැයි ගස ලගින් නැගිට මද දුරක් ඇවිද ගියාය.. ඒ වේලෙහිම අමායා වහා නැගිට කන්සාය්ගෙ පිටුපසින් ගොස් ඇයව තදින් වැලද ගත්තාය... කන්සාය් කුඩා සිරුර බොහෝ මෘදු ලෙස අමායාට දැනුනි...අමායාට හැඩිනි. ඇය කන්සාය්ව තව තවත් වැලද ගනිමින් ඇගේ උරහිස මතින් හිස තබාගෙන දිගටම හැඩුවාය... "යන්න එපා කන්සාය් යන්න එපා.. මම ඔයාට කැමති... යන්න එපා " අමායා එසේ කියමින් හැඩුවාය..... එවිටම වගේ පිටුපසින් පුතේ පුතේ යන හඩක් ඇසිනි. එය අම්මගේ බව අමායා කන්සාය් වැලද ගෙනම සිතුවාය. එහෙත් මව පාසලට පැමිණියේ කෙසේදයි යන්න අමායාට ගැටළුවක් වීය. එවිටම වගේ තමාගෙ මුණට එබීගෙන සිටින මව අමායාට පෙනිණි. තමා මෙතෙක් වෙලා වැලදගෙන සිටියේ කොට්ටයක් බවත් දැක අමායා ඒ හීනයක් බව වටහා ගත්තාය. මව ගෙන දුන් තේ කෝප්පය දැස් වසාගෙන පානය කරමින් අමායා හීනය පිළිබදව සිතුවාය. මාස ගණනකින් ඇයව දුටුවේ නැති බව ඇයට මතක් වීය. නිරන්තරයෙන් වැඩ වල යෙදී සිටියද කන්සාය් මනසේ තාමත් හොල්මන් කරමින් සිටි. කන්සායි යනු අමායාගෙ ප්‍රථම ප්‍රේමයයි.. එය ගසා බසා දා සිටීමට සිතුවද පෙරට වඩා ප්‍රබලව සිතුවිලි මතුවේ.එහෙත් ඒ සියල්ලට වඩා විභාගය වැදගත් යයි මතක් කරගැනීමෙන් කෙසේ හො පාඩමට හිත යොමු කරගැනිමට හැකි වේ.
   උදේම නැගිටී අමායා මුහුන කට සෝදා ගත්තේ විබාග ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට පාසලට පැමිණෙන ලෙස කියා තිබු නිසාය.බොහෝ දෙනා සමග කතා කරමින් සිනා වෙමින් අමායා කතා බහ කරමින් සිටි නමුත් කන්සාය් දෙසද ඇය අවදානයෙන් බලා සිටියාය.කන්සාය් කිසිවෙකු සමග වැඩි කතාවට නොගිය අතර ඇය පසෙකට වී ඔහේ සිටියාය..අමායාට ඇය සමග කතා කිරීමට සිතුනත් කන්සාය් මීට මාස කීපයකට පෙර දුන් කම්මුල් පහර හොදින් මතක නිසා ඇය ඒ පිළිබද අදහස අතහැර දැමුවාය. ගුරුවරුන්ට බුලත් හුරුලු දී වැද සමු දී නිවාස කරා පැමිණි අමායා තව සතියකින් පවතින විබාගයට සුදානම් වුවාය.

 ගුරුවරුන්ට බුලත් හුරුලු දී වැද සමු දී නිවාස කරා පැමිණි අමායා තව සතියකින් පවතින විබාගයට සුදානම් වුවාය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🦋රන් සමනල්ලු🦋 (Completed )Where stories live. Discover now