රන් සමනල්ලු (The end)

1.1K 112 163
                                    

අමායා දළදා මාලිගාව අසල විකුනන්නට තිබු සුදු පැහැති ලිලි මල් මිටියක් ගත්තාය.. සුදු පැහැති බෙන්ස් රථයයෙ රියදුරු අසුනට නැගී ඇය අනෙක් පස අසුනේ සුදු පැහැති ලිලි මල් මිටිය ප්‍රවේසමෙන් තැබුවාය. නුවර විදි දිගේ ඇය මෝටර් රථය පදවා ගෙන ගියාය. රතු පැහැති මැයි මල් වැටුණු විශාල මැයි ගසක් පාර අයිනේ තිබෙනු දැක  මැයි ගස හෙවනේ වාහනය නතර කොට තණකොළ මත වැටි තිබු රත් පැහැති මැයි මලක් අතට ගෙන කාරයෙ දොරක් හැර ආසනයක්‌ මත හිද ගත්තාය. ඇය මැයි මල අතට ගෙන ඒ මේ අත කැරකෙව්වාය.

"කන්සාය්... අදත් යන්නේ නැද්ද කැම්පස්..."  පෙර දින රාත්‍රියේ වැස්සට තෙමීම නිසා හා කණුවකට වැටීම නිසා තුවාල වී සිටි කන්සාය් ගෙන අමායා ඇසුවාය.

"ම්ම්ම්ම්... අනේ ම්ම්ම්ම් " කන්සාය් කම්මැලි කමෙන්  ඇදේ අනික් පසට පෙරලුනේය.

"හාහා හ‍රි ඔයා ඒනම් ඉන්න.. මම ගිහින් එන්නම් ඔයාටත් එක්ක ලෙක්  එක අහගෙන ඉන්නම් හරිනේ.. ඔයා ඒනම් නිදාගන්නකෝ.. කකුල තාම රිදෙනවද... වින්ටස්ප්‍රේ එක ගහන්ඩද "

"හ්ම්ම්ම්.." නිදගෙනම කන්සාය් ඔලුව වැනුවය.

අමායා කන්සාය්ගේ කකුල් නිරාවරණය කොට වින්ටස්ප්‍රේ එක ගැසුවාය.

"මගේ ඔලුවත් රිදෙනවා.. බාම් ටිකක්‌ ගානවද.." කන්සාය් නළල අත ගමින් ඇස් දෙක පිය ගෙනම කීවාය.

අමායා සිද්දාලේපයත් රැගෙන කන්සාය්ට කරදරයක් නොවන ලෙස ඇගේ පසෙකින් නළලේ බාල්ම් ආලේප කරන්නට යන්නට උත්සහ කිරීමේදී කන්සාය් විසින් ඇයව පපුව මතට ඇද ගත්තාය...

"ඇයි බාම් එපාද " අමායා ඇසුවාය.

කිසිවක් නොකී කන්සායි අමායාගේ දෙතොල් අතරට හාදුවක් දුන් අතර ඇගේ නළලට වැටි තිබු කැරලි කොණ්ඩය කන පසුපසට කලාය.. ඇගේ දෑස් දෙසම බලා සිටි කන්සායි
"දැන් ඉතින් ගිහින් ලෑස්ති වෙන්න.. ඔයාට පරක්කු වෙයි " යයි කිවාය.

"අහ්හ් ඔයා කිවමය් මතක් උනේ මම යනවා " කියමින් කන්සාය්ගේ නළල සිපගත්  අමායා වහ වහා විශ්ව විද්‍යාලය වෙත ගියාය... එදින දේශනය පැය හතරක් තිබිණි... අනෙක් අයට තමා ගැන එතරම් ගණනක් නොවීම ගැන අමායා හිතින් සතුටු වුවාය.. කන්සාය් නොමැතිව දේශනයට හිද ගෙන සිටීම පවා හිතට රැගෙන ආවේ පාලුවකි. අමායාට ඉක්මනින් නිවස වෙත යාමට අවශ්‍ය වීය. කන්සාය් ඊයේ තමා සමග තරහ වීමෙන් නිවසෙන් පිටව ගොස් නැවත කණුවකට වැටි පැමිණි සැටි දැකීමෙන් පෙර දැකීමෙන් මුළු රාත්‍රිය පුරා හැඩීමෙන් අමායාගේ ඇස්ද ඉදිමි තිබිණි.තමා නොහිතා කි දෙය ඇය ඕනෙවට වඩා සිතීම කනගාටු දායක වීය.. උදැසනම සමාව ගන්නට සිටියද ඇගේ උණුසුම් හාදුව හමුවෙ එය අමතක වීම නම් තමාගේ දුර්වලකමම වීය.. මෙය අවසන් වූ සැනින් දුවගෙන ගොස් ඇගෙන් සමාව ගත යුතු යයි අමායා සිතුවාය.. අවසානයේදි ඉවසිමේ සිමාව ඔන්න පනින්නට මෙන්න පනින්නට තිබියදී දේශනය නිමා වීය. වහා පොත් හා කොළ බැගයට ඔහේ ඔබාගත් අමායා බෑගයේ එක් පටියක් දමාගෙන නිවස කරා වේගයෙන් ගියාය.
අමායා එහි යන විට නිමලා මහත්මිය පැමිණ සිටියාය.

🦋රන් සමනල්ලු🦋 (Completed )Where stories live. Discover now