රන් සමනල්ලු 7

929 107 39
                                    

ඊයේ රාත්‍රියේ ප්‍රසංගයෙදී කන්සාය්ගෙ අත වැදීම නිසා තාමත් අත රිදුම් දෙනු අමායාට දැනිණි. ඊයේ රාත්‍රියේ ඇයට කුමන යකෙක් වැහි සිටියේ දැයි දන්නේ උඩ වසනා දෙවියන් පමණක් බව අමායාට සිතිනි.පාසලට පැමිණි මුල් දින වලදී තමාව පිළිකුල් කල ඇය දැන් තමාට වඩා ලං වෙමින් සිටින බව අමායා සිතුවාය.. යහළුවන් සමග ඇති තරම් පිටතට ගොස් විනෝද වුවද කන්සාය් සමග ප්‍රසංගය නැරබීමට‍ ගිය ඊයේ දවසේ තමාට අමුත්තක් දැනුනේ ඇයි දැයි අමායාට සිතා ගැනීමට අපහසු විය. පිරිමි ළමුන් සමග ආශ්‍රයට වැටුනද යහළුකමකට හැර වෙනත් යමක් ඔවුන් සමග සම්බන්ද වීමේදී ඇයට දැනුනේ නැත. එහෙත් කන්සායි ඈත සිට ඇවිද ආ ආකාරය කොණ්ඩය පිටුපසට සකසමින් හැඩ වැඩ වූ ආකාරය මතක්‌ වීමේදී හිතට දැනුනේ යාළුකමක් නම් නොවන බව ඇය සිතුවාය.. ප්‍රථමයෙන්ම ඇය සමග අමතර පන්තියකට ගොස් එහි දී කොල්ලෙක් යයි ඇයට රැවටී එදා බලා සිටි ආකාරය ආදී වශයෙන් කරුණු කාරනා සැලකීමේදී අමායාට දැනුනේ කන්සායි කෙරෙහි තමාගේ හැගීම් යාළුකම අබිබවා යන බවයි. අනෙක් අතට ඇය ඊයේ තමාගේ කොණ්ඩය අවුස්සා ඇගේ දිලිසෙන විශාල දැස් වලින් බලා සිටි හැටි මතක්‌ වන විට සිත කිති කැවී යාමෙන් අමායාට කටකොනකට සිනාවක් නැගුනේය. කන්සායිගෙ අමුතු පෞරුශයට තමා එන්න එන්නම ඇබ්බැහි වෙමින් පවතින බව අමායා ටිකෙන් ටික වටහා ගත්තාය...
" මම කවදාවත්ම මෙහෙම කෙනෙක් ගැන හිතලා නැ.. එත් ඇයි මට කන්සාය් ගැන එහෙම හිතෙන්න ගන්නේ... එයත් කෙල්ලක් මාත් කෙල්ලක්... කිසිම කොල්ලෙක්ට නොගිය හිත ඇයි කෙල්ලෙක් වෙනුවෙන් ගියේ " යයි ප්‍රශ්න වැලක් ඇගේ සිතේ මතුවිය... ආදරේ යයි මිනිසුන් හදුන්වන්නේ මෙයටදැයි ඇය කල්පනා කළාය. එසේනම් මෙ ඇගේ පළමු ආදරයයි. එත් ගැහැණු දෙන්නෙක් අතර ආදරයක් හට ගත හැකිද.. බොහෝ අය පවසන පරිදි සොබාදහම ලොව ගැහැණු සහ පිරිමි යනුවෙන් දෙකොටසක් මවා ඇත්තේ වර්ගයා බො කිරිමටය්. ඒ අනුව ආදරේ නාමයෙන් හො මොන නාමයකින් හො එකතු විය යුත්තේ ගැහැණු සහ පිරිමි පාර්ශවයයි.. ආදරය ඇති වන්නේද ඔවුන් දෙදෙනෙකු අතරයි... එසේ නම් වැරදිලාවත් තමාට කන්සාය් කෙරෙහි ආදරයක් වැඩි වුවහොත් එය අසම්මතයක් විය හැකි යයි ඇයට සිතුනි.. එසේ වුවහොත් තම අසරණ දෙමාපියන් දෙදෙනාගෙ මුනටම නැදැ සනුහරය විසින් කෙල ගසා දැලි ගා යනු ඇත. ඔවුන් දෙදෙනාගෙ එකම බලාපොරොත්තුව වන්නේ කවදා හො හොදින් උගෙන අවසන කඩවසම් පුරුෂයෙක් සොයා තමාව පෝරු මස්තකයට නංවා ජීවිතේ සතුටින් සාමයෙන් ගත කරනු දැකීමයි.. එය කීසිසේත්ම අහක යන ගැහැනියකු නිසා නැති කරගැනීමෙන් සිදු වන්නේ මහත් පාපයකී. එසේ නම් තමා එවන් සිතිවිලි වහා ඉවත දමා වැඩ කිරීම වටින බව නැවත නැවතත් අමායා සිතට ගත්තාය... පළමු ප්‍රේමය වූවද එය නුසුදුසු එකක් නම් එයින් වැලකීම වඩා සුදුසු බව ඇයට නැවතත් සිතට එමෙන් වහා ඇදෙන් නැගිට මුහුණ කට සෝදා පාඩම් කිරීමට ලෑස්ති වුවාය...
පාඩම් කිරීමට සිත එකග කරගත්තද එහෙන් මෙහෙන් කන්සායිගෙ දිලිසෙන විශාල ඇස් සිතට එබෙන්නට පටන් ගත්තේය... ඇත්තෙන්ම තමා ඇයට කැමති වුවද ඇයට මෙ වන විටත් ආදරයක්‌ තිබිය හැකි නේදැය් අමායාට සිතුනි.කෙල්ලක් මෙන් නොහැසිරුනද අරුමොසම් බඩු කනේ කරේ එල්ලා නොසිටියද කන්සායිට ඇත්තේ අමුතුම ලස්සනක් බව අමායා නිරීක්ෂණය කොට තිබුනාය.සුදු පැහැයට හුරු තලෙළු පැහැයත් ඉත්තෑකුරු මෙන් විහිදි තිබු කෙටි කෙස් වැටියත් දීප්තිමත් තියුණු දිගු ඇහි පිහාටු සහිත දෑසත් ගැහැනියකට අතහැරිය නොහැකි ස්ත්‍රී ලාලිත්යෙ නටබුන්ව ගිය අගපසගත් කොල්ලෙකු දැලේ පටලා ගැනීමට හොදටම ප්‍රමාණවත් බව අමායාට සිතුනි. ඒ අනුව කන්සාය්ට පිරිමි ළමයෙකුගේ ඇල්ම බැල්මද තිබිය හැකිය. එසේ සිතීමෙන් පවා අමායාට ඇති වුයේ නොසන්සිදේන කෝපය මුසු ඊර්ශ්‍යාවකි.. තමාගේ ඒක පාර්ශවික ආදරයට වුවද වෙන කෙනෙකු නොසිටිය යුතු වූ අතර කන්සාය්ගෙ පෙම්වතා කවුරු වුවද අනිවාර්යෙන්ම ඔහු අමයාගේ පහර කෑමට ලක්‌ වීමක් වූවද සිදු විය හැකි බව සැලකිය යුතුයි... කන්සාය් දකින දකින හැම මොහොතකම හදවත වේගයෙන් කොත්තු ගැසීමට පටන් ගත්තේ කවදා සිට දැයි අමායා නොදැන සිටියත් මැතක සිට හදවත තමාට හොරා කොත්තු බාස් රස්සාවකට යනවා විය නොහැකි දැයි අමායා අනුමාන කළාය.තමා ආදරය කරන මිනිසා දැක දැකත් නොදැක්ක නොඇසුනා මෙන් සිට අති සාමාන්‍ය ලෙස ඔවුන් සමග කතා බහ කිරීම උගුරට හොරා බෙහෙත් බිමට අන්ත බව කාලයත් සමග අමයා වටහා ගත්තාය... තව දුරටත් එවැනි හැගීම් වලකා ගත නොහැකි තැන කන්සාය්ට සියල්ලම පවසනවා යයි සිතා ඇය දෙසට හැරුණද මව පියා ගෞරවය යන සියල්ල සැලකීමෙදී කන්සාය් යනු නොසැලකිය හැකි තරම් කුඩා ජීවියෙක් බව වැටැහී නැවතත් පියවරක් පිටුපසට ගත්තාය...සියල්ල ඉවසිය හැකි නමුත් කන්සාය් වෙනත් ළමයි සමග පන්තියේ කතා කරන විට ඇති වන විට ඉරිසියාව නම් කෙසේවත් දරාගත හැකි ගනයේ එකක් නොවන බැවින් ඒ හැම විටම ඇය කන්සාය් කුමක් හො වැඩකට කතා කොට අන් අයගෙන් ඇයව ආරක්ෂා කරගන්නට බලයි... මෙය අසම්මත එකක් වුවද හොරෙන් හො ඇයට ඇති හැගීම නම් ගලක අතුල්ලා හො නැති කලා නොහැකි බව එන්න එන්නම වැටහීම නිසා දෙකෙන් එකක් විසද ගැනීම වඩා හොද බව අමායා තේරුම් ගෙන අවසානය.. නමුත් ඇගෙන් ඒ ගැන ඇසීමට අමායාට අමුතු බයක් තිබුනේය................. ජීවිතය තේරුම් ගත නොහැකි ප්‍රශ්න පත්‍රයක් බව අමයාට සිතිනි...
.
.
.
.
කන්සාය් සමග තම ජීවිතය වෙනස් අතකට පෙරලි ඊයෙට අවුරුද්දක්‌ ගත වෙනවා නේදැයි සිතමින් අමායා නිල ඇදුම අදිමින් සිතුවාය.. උසස් පෙළ විබගයට ඇත්තේ තවත් එක් වසරක් පමණක් බව ඇයට මතක් විය.. කෙසේ හො මහන්සි වී පාඩම් කොට විශ්ව විද්‍යාල ප්‍රවේශය හිමි වාසනාවන්තියක් වී මවගේ හා පියාගේ බලාපොරොත්තු ඉෂ්ට කොට ඔවුන්ගේ ඇස් වල සතුටු කදුළු දැකීමට අමායාට අවැසි විය. නමුත් අනික් අතින් කන්සාය් හා තමාට ඇති ඒක පාර්ශවික ආදරයේ කෙළවරක් දැකීමත් සිදු කල යුතු යයි ඇය තීරණය කළාය... අවම විබාග ප්‍රතිපල පැමිනී පසුව හො ඇයට මෙ ගැන පැවසීමට අමායා තදින් ඉටා ගත්තාය. මෙසේ විවිධ එව ගැන සිතමින් ඇය පාසලට ලගා වුවාය.එදින පාසල පටන් ගත් පසු පන්ති බාර ගුරුතුමිය පණිවිඩයක් කීම පිණිස පංතියට ආවාය.

"ළමයි කැ ගහන්න එපා... ශ්ශ්ශ්ශ් " ඇය දබර ගිල්ල දෙතොල් අතර තබා කීවාය.

"ඔයලට විශේෂ පණිවිඩයක් කියන්න තියෙනව.මෙ අවුරුද්දේත් කලා දිනය තියන්න ඉන්නවා අපි.. එකට ඔයාලගෙන් සබාපති ලේකම් ලා පත් කරලා මේක ලස්සනට සන්විදනේ කරන්න් ඔනී.. ඔයාලා සදුදා එද්දී ඔයාලා දක්ෂ මොනව හරී ඉදිරිපත් කිරිම්කට ලෑස්ති වෙලා එන්න.. එකෙන් හොදම අය්ටම්ස් තෝරලා එව ඔක්කොම එදාට ඉදිරිපත් කරන්න් ඉන්නේ ඒ නිසා ඔයාලා හොදට ලෑස්ති වෙලා එන්න... හරී "..
ළමයි අතර කසු කුසුවක් පැතිර ගියේය... තමාට නම් වඩාත් හොදින් හැකි වන්නේ වයලින් වාදනයක් ඉදිරිපත් කිරීමයි... ඒ නිසා එයින් කුඩා ඉදිරිපත් කිරිමක් කිරීමට අමායා සිතුවාය. ඇය කන්සාය් දෙස බැලුවාය.. සුපුරුදු පරිදි ඇය ඔහේ නිදිමතේ මලානික දෑසින් ඩෙස්කුවේ කුරුටු බලි දෙස බලා සිටියාය්... අමායා කන්සායිව මදක් සෙලෙව්වය.

"කන්සා...... කන්සෝ.. මිනිහෝ....."

"ම්ම්ම්ම් " ඔහේ නිදිමතේ කන්සාය් අමායා දෙස බලමින් ඇසුවාය. ඇය බොහෝ ලං වී සිටි නිසාදෝ අමායාගෙ හදවත නැවතත් කොත්තු බාස් වැඩය පටන් ගෙන තිබුනේය... එනමුත් සාමාන්‍ය ලෙස පෙනී සිටිය යුතු නිසා දෙපසින් ගාලා ගිය දාඩිය පිහිද ගනිමින් අමායා පිටුපසට විය.ඇසි පිය කිහිප වරක් සැලූ අමායා කතා කිරීමට පටන් ගත්තාය.

"මෙ... මොනවද ඔයා කරන්න හිතන් ඉන්නේ "

" මම දන්නේ නැ " කන්සායි සුරතල් ලෙස තොල් නොපිට පෙරලමින් කීවාය.

අමායාට ඇයව සපා කැමට තරම් සිතිනි... එයා සගවා ගෙන අමාරුවෙන් අහක බලා ගත් ඇය නියපොතු සැපීමට පටන් ගත්තාය.....

 එයා සගවා ගෙන අමාරුවෙන් අහක බලා ගත් ඇය නියපොතු සැපීමට පටන් ගත්තාය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

A/N

සබාවෙන් අවසරයි මා මෙතනට පැමිණියේ කම්මැලි ඕතර් නොට් එකක් දිමටය්.... මට කම්මැලි... හී top bottom මාරු වෙලා දැනෙන වද...ඉදිරියේදී තවත් සහන... බලාපොරොත්තු වන්න... මෙයාල two tops... ඒනම් මම ගියා

🦋රන් සමනල්ලු🦋 (Completed )Where stories live. Discover now