රන් සමනල්ලු 19

685 76 39
                                    

අමායා නැගිටින විටත් කන්සාය් කාමරයේ සිටියේ නැත. ගතට දැනුනු තෙහෙට්ටුව නිසා ඇය අනෙක් පස හ‍රි නිදන්නට ගත්තාය...යාන්තමට ඇස් දෙක පියා ගෙන එන විට කන්සාය් පැමිණ ඇගේ සර්වාන්ගයම සොලවන්නට වීය.

"එඉ එඉ නැගිටින්න... නැගිටින්න... කෝ යන්නේ නැද්ද "

"අන්නෙ... තව ටිකක් නිදන්න දෙන්නකෝ... අහ්ම් දැම්ම බැ " අමායා ඇස් දෙක පොඩි කරමින් කොටයක් වැලද ගනිමින් කීවාය.

"ඒඉ නැගිටින්නයි කීවේ කෝ... කම්මැලි කෙල්ල... අද යන්නේ නැද්ද අම්බුළුවාවෙත් යන්න ඕනි.

"යන්නම ඕනිද නිදමුකෝ ටිකක් " අමායා කොට්ටයෙන් මුහුණ වසා ගනිමින් කීවාය.

"බැ බැ නැගිටින්න නැගිටින්න යන්.. අන්න කෑම ලෑස්ති.. දැන් වෙලාව අට හමාරයි තව පැයකින් අපි යනවා.. ලෑස්ති නැති අයව දාල යනවා. හ‍රි මම ඇදුම් ටික දාල එන්නම් කා එකට " කියමින් කන්සායි නැවතත් කාමරෙන් පිට වූ වාය.

"අප්පෝ.. නිදන්නවත් දෙන්නේ නැ ඊයේ මහා රෑ මට වද දීලා දීලා ගොන් ගෙම්බා... හුම් නපුරි.." යය් සිතමින් අමායා නාන කාමරයට ගියාය..

කන්සායි කියූ ලෙසම ඔවුන් දෙදෙනා තනායමෙන් උදේ නවය හමරට ආසන්නව අම්බුළුවාව බලා පිටත් වීය.

දාඩිය බේරෙමින් මහා දවාලේ එකිනෙකාව අතෙන් උඩට ඇදගෙන යමින් කෙසේ හො අවසනයේ මුදුනටම නැගි ඔවුන් දෙදෙනාට මුලු සෙන්කඩගල පුරවරයම එක යායට බලා ගැනීමට හැකි වීය. දහවල කෙතරම් උණුසුම් වුවද ඉහලම මහලේදී දැනුනේ සිසිල් සුවයකි. කදුකරයට උඩින් හමන සිසිල් සුලග සමග පහල පෙනුනු කොළ පැහැ ගස් වැල් සහ නොයෙකුත් ගොඩනැගිලි සමගින් මැවුණු දර්ශනය දෙස මද වෙලවක් බලා සිටි ඔවුන් අවසානයේදි නැවත තම නිවස කරා ආහ.
   විශ්ව විද්‍යාලයට ගොස් මාස තුනක් ඉක්ම ගිය තැන අවසාන වතාවටත් ගොම බාල්දි වලින් නැවිමෙන් පසු නවක වදය කාලසීමාව අවසන් කීරීම සිදු කරයි. මෙ කාලය වන විට පෙරදී ඔලුව උදුම්මාගෙන මාන්නයෙන් සිටින එකිනෙකා කැඩී වෙන් වී සිටින සිසුන් සියල්ලෝම එක හා සමානයි යන සැවොම එකම මට්ටමෙය යනුවෙන් සිතන තත්වයට පත් වේ.. මෙ නිසා නවක වදය කලසිමාවෙන් පසු උදා වන්නේ ආදර වසන්තයයි.මෙතෙක් කල් විවිධ වද දුන් වැඩිමහල් පන්ති වල සිසු සිසුවියන් තමාට ගැලපෙ යයි නවක වදය කාලසිමාවේදි අදුනා ගත් අය සමග පෙම් පලහිලව් ඇති කර ගැනීම මෙහිදී සීදුවේ. සමහරක් තමාට වඩා වැඩිමල් අය සමගද සමහරක් තමාට වඩා වයසින් බාලයන් සමගද තවත් සමහරෙක් සම වයසේ අය සමගද තාවකාලික ලිංගික තෘප්තියකට හො සැබෑම ආදරයට හො එකී නෙකා ලංවී තැන් තැන් වල මුණු මුණු ගමින් කාලය ගත කරනු දක්නට ලැබීම මෙ කාලයෙහි සුලබ වේ.කන්සය්ට හා අමායාට නම් තවත් සහකරුවෙක් සොයා ගැනීමේ වුවමනාවක් නොතිබුනේය. ඔවුන් දෙදන නිතරම එකට එහෙ මෙහෙ යනු සැවොම දකින මුත් යහළුවන් දෙදෙනෙකුගෙන් එහාට යමක් නොදුටු වොය.. මෙ නිසා ඔවුන් දෙදෙනා කිසිවෙකු කෙරෙහි නොබැදුනද  පිරිමි ළමුන් කිහිප දෙනෙකුම ඔවුන් දෙදෙනාගෙන් කැමැත්ත ඇසුහ... නමුත් එව කාරුණිකව ප්‍රතික්ෂේප කරමින් කන්සාය් හා අමායා තම තමාගෙ පාඩුවේ පසෙකට වී සිටියහ.ඔවුන් දෙදෙනා කිසි ලෙසකින් වත් විශ්ව විද්‍යාලය තුල කිසිවෙකුට සැක සිතෙන ලෙස හැසිරීමෙන් වැලකි සිටි නිසා කිසිවෙකු ඔවුන්ව සැක නොකළහ. සියල්ලෝම කන්සය් හා අමායා හොදම මිතුරියන් ලෙස සිතු හ. ඔවුන් එතනින් එහා යාමක් දුටුවේ නැත. කන්සාය් හා අමායාද එව ඔප්පු වෙන යන යන තැන හැසිරුනහ.කාගෙන් ගැලවී ගියද කන්සායි හා අමායා දෙසම ඇස ගසාගෙන සිටි දෙදෙනෙක් සිටියහ. ඒ ලවන් අකලංක හා නිලුපුල් දෙනියායයි. දෙක වසරේ ඉගෙනීම් කටයුතු කල ඔවුන් දෙදෙනා කන්සාය්ට හා අමායාට විශ්ව විද්‍යාලයට පැමිණ දෙවන දිනයේදි මුණ ගැසුණු  පොකුට්ටා සහ පොල් ගසායි... පොකුට්ටා ලවන් බවත් පොල් ගසා නිලුපුල් බවත් කන්සය් සහ අමායා පසුව හදුනා ගත්හ. කන්සාය් හා අමායාගෙන් නිරන්තරයෙන් ලවන්ට සහ නිලුපුල්ට ඔවුන්ගේ අකැමැත්ත ප්‍රකාශ කලද ඔවුන් දෙදෙනා තවමත් උත්සාහය අත හැර නැත.මුලදී මුලදී ලවන් කන්සායි කෙරෙහි විශාල ඇල්මක් දැක්‌ වූ මුත් පසු කාලයේදි නිලුපුල් අමායා අතැර වෙනත් පෙම්වතියක් සොයා ගත් නිසා ලවන්ට අමායා කෙරෙහි කැමැත්තක් ඇති වීය. කන්සාය්ගෙ කිසිවෙකුට නොනැමෙන ගතියත් ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලවක අතින් පය්න් ප්‍රශ්න විසදන ස්වරුපයත් මුල්ම දිනයෙදි ඇගෙන් කැමැත්ත විමසීමේදි හොදින් අහගත් ආකාරයත් ඒවාට හේතු වීය. අමායාගේ අහිංසක ස්වරුපයත් තමා වැනිම කැරලි ගැසුණු ඝන කළු කොණ්ඩයත් ඇගේ කාරුණික් ස්වභාවයත් ලවන්ගෙ සිත් ගත්තේය.
  කවුරු කෙසේ වුවද අමායාගෙ සිත තිබුනේ කන්සාය් අසලය. කන්සය් වෙනුවෙන්  ඕනෑම දෙයක් දීමට අමායාට හැකි වීය. ලවන් තමා ගැන ඇස ගසාගෙන සිටීම අමායා ප්‍රිය නොකලාය.

🦋රන් සමනල්ලු🦋 (Completed )Where stories live. Discover now