රන් සමනල්ලු 13

821 100 77
                                    

අමායා කකුල් අතර හිස රුවාගෙන හැඩුවාය.කන්සාය් කිසිවක් නොකියා ජනෙලය ලගට ගොස් රාත්‍රී අහස දෙස බලා සිටියාය.ටික වෙලාවකින් අමායාගෙ ඉකිය නැවතිණි. ඇය ජනේලයෙන් එපිට බලා සිටින කන්සාය් දෙස බැලුවාය. සුළග නිසා ඇගේ කොණ්ඩය මදක් අවුල් වී තිබුනේය. රාත්‍රී අහසත් සුදු තිර දැමු ජනේලයත් සමග තමාට පිටුපා සිටින කන්සායත් එහි අමුතුම දර්ශනයක්‌ මැව්වේය.කදුලු  පිසදාගෙන ඇදෙන් බට අමායා සෙමෙන් සෙමෙන් කන්සාය් ලගට ගියාය.. මෙතෙක් වෙලා හැඩු කදුලින් සිටි අමායා හුරතල් සිනාවක් මවාගෙන කන්සාය්ගෙ බද වටා අත් දමා ඇයව තදින් වැලද ගත්තාය. පිටුපස බැලු කන්සාය් ඇස් දෙක පියාගෙන තමාව වැලදගෙන සිටින අමායා දුටුවාය.මෙතෙක් වෙලා හැඩු ඇගෙ මුහුණේ සිහින් සිනාවක් තිබුනේය.බද වටා එති තිබුණු අමායාගෙ අත් දෙක ලිහිල් කල කන්සාය් අමායා දෙසට හැරුනාය. නැවතත් තම බද මතම ඇගේ අත් තැබූ ඇය අමායා මුහුණට තම මුහුණ ලං කොට සෙමෙන් සෙමෙන් ඇගේ බද වටාද අත් යවා සෙමෙන් සෙමෙන් තමා ලගට ලං කරගත්තාය.අමායාගෙ නහය මත තම නාසය තබා කන්සාය් ඇගේ තොල් කරා පියවරෙන් පියවර ලං වූවාය. නුලක පරතරයක්‌ තබා අමායා ලැජ්ජාවෙන් අහක බලා ගත්තාය. එතනින් පසු නොබැසු කන්සාය් අමායාගෙ නිකටෙන් මෘදුව අල්ලගෙන නැවත තමා දෙස හරවා ගත්තාය.

"කො දැන් අර චන්ඩිය....ඒ පාර හාවෙක් වගේ රග පාන්නේ "
කන්සාය් කට කොනකට හිනා වෙමින් කීවාය.
"කවුද??? " අමායා බීම බලාගෙන කීවාය.
"දැන් යාලුද?" කන්සාය් අමායාව තවත් තදින් වැලද ගනිමින් ඇසුවාය.
"නැ " අමායා රවාගෙන කන්සාය් දෙස බැලුවාය.එසැනින් කන්සාය් අමායාගෙ දොතොල් අතර තම දෙතොල් තැබුවාය. මුලින් අමායාට එය අදහා ගත නොහැකි වූ නිසාදෝ පළමු තප්පර කිහිපය වික්ෂිප්‍තව බලා සිටියද පසුව කන්සායිට ඉඩ දෙමින් දැස් පියා ගත්තාය. තොල් කන්සාය්ගෙ උණුසුම් සිපගැනීම් වලිම් ඔද්දල් වෙද්දී අමායා මෙතෙක් වෙලා බද වටේ එති තිබු අතක්‌ ගෙන කන්සාය්ගෙ නිකටෙන් අල්ලා තව තවත් තමා දෙසට ඇදගනිමින් එයට රුකුල් දුන්නාය. ජීවිතේ ප්‍රථම වතාවට එලෙස අමායා තම පළමු සිප ගැනීම ලබා ගත්තාය. අවසානයේ කන්සාය් අමායාගෙ දෙතොල් වලින් ඈත් වුවාය. ඇය අමායාගෙ දිගු දැස් දෙස බලා සිටියාය. දිගු නාසයත් දිගු දැස් දෙකත් කන්සාය්ව පිස්සු වැට්ටුවේය. තමා ඕනෙවටත් වඩා ඇයව සිපගෙන ඇති බව දුටුවේ අමායාගෙ දෙතොල් අතර තාමත් ලේ ගලා යමින් තිබු කුඩා තුවාලය දුටු විටයි.ලේ දෙතොල් වල තැවරීම නිසා ඇගේ තොල් පෙති වෙනදාටත් වඩා රක්ත වර්ණයක් ගෙන තිබුනේය.කන්සාය් ඇගිල්ලෙන් තොල් අතර තිබු ලේ පිස දැමුවාය.

🦋රන් සමනල්ලු🦋 (Completed )Donde viven las historias. Descúbrelo ahora