රන් සමනල්ලු 12

792 112 58
                                    

විභාගය අවසන් වී ගෙවී ගීය මාස තුනක කාලය තුල ගෙදරටම වී සිටි කන්සාය් කලේ උදේ සිට සවස් වන තුරුත් සවස සිට සිට උදේ වන තුරුත් නිදාගැනීමම පමණි.අමායාට තමා සැලකු විදිහ එතරම් හොද නොවූවද එයට වඩා වෙනත් ක්‍රමයක් ඇයව වලක්වන්නට තිබුනේ නැත. අවසානයේ එය්න් පිඩා වින්දේද කන්සාය් වුවද එක අතකට ඒ ගැන කන්සාය්ට ඇති වුයේ අබිමානයකී. අනෙක් අතින් අමායා මතක් වීමෙන් ඇති වූ පාළුවය.විබාග ප්‍රවේශ පත්‍ර ගන්නා දිනයේදී අමායා අනෙක්‌ අය සමග කතා බහ කරමින් සිනා වෙමින් සිටියද ඇය තමා දෙසද අවදානයෙන් සිටිය බව කන්සාය් හොරැහින් බලා සිටියාය. අවසානයට දකින විට අමායා සෑහෙන්න කෙට්ටු වී සිටි අයුරු කන්සාය්ට මතක් වීය.ඇය බොහෝ පාඩම් කරනවා වීය යුතුයි. අමායා නම් අනිවාර්යෙන්ම විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා ගනු ඇතැයි කන්සාය් සිතුවාය. ඇය එය එක සිතින් ප්‍රාර්ථනා කලාය. ප්‍රතිපල පැමිණීම හෙට හවස් වරුවේ සිදු වනු ඇතැයි රාත්‍රී පුවත් වලට නිවේදනය කල නිසා කන්සාය්ට මද බියක් දැනිණි. කන්සාය්ද තම උපරිමයෙන් විබගය කල නමුත් ඕනෙම අයකුට ඇති වන බිය ඇයටද ඇති වීය.මෙ මුළු කාලය තුල කිසිම දවසක අමායාගෙන් අඩුම තමාට කෙටි පණිවිඩයක්වත් පැමිණියේ නැති බව මතක් වීමෙන් කන්සාය්ගෙ සිත බියකට වඩා දුකකට ලං වී තිබුනේය.
පසුදා සවස ප්‍රතිපල නිකුත් වී තිබුනේය. කන්සාය්ට A3 සමග ඉහල රෑන්ක් අගයක් ලැබී තිබීම නිසා කන්සාය්ගෙ විශ්ව විද්‍යාල ප්‍රවේශය ස්ථිර වීය.. පවුලේ හැමෝටම එදින රාත්‍රීය සතුටු දායි එකක් වීය.. ඔවුන් විහිලු තහලු කරගනිමින් රාත්‍රී බෝජනය ගත්හ. කන්සාය් පවුලේ අයට හිතු හැටියට සතුටු වන්නට ඉඩ දී කාමරයට ගියේ සුපුරුදු පරිදි නිදාගැනීමටයි. එනමුත් නින්දට පෙර පුරුද්දට මෙන් දුරකථනය පොඩ්ඩක් බැලීමට ඇයට සිතිනි. දුරකථනය බැලු ඇය දුටුවේ අමයාගේන් කෙටි පණිවිඩයක් පැමිණ ඇති බවයි.

A3 නේද? Congarts

කංසායිට අදහා ගත නොහැකි වීය. ප්‍රතිපල පැමිණියට වඩා සතුටක් ඇයට දැනිණි.. ඇය කෙටි පණිවිඩයක් තැබුවාය.

ඔව්
ඔයාට කොමද

එසැනින් අනෙක් පසින් පිළිතුරු labini.

🦋රන් සමනල්ලු🦋 (Completed )Where stories live. Discover now