රන් සමනල්ලු 6

974 113 58
                                    

උදේ වරුවේ සිටම හවස ප්‍රසන්ගයට යාමට සුදානම් වීමට කන්සායි සුදානම් වුවාය.ප්‍රසංගයට පැය දෙකකට පමණ පෙර ඇය තුන්වන වතාවටත් නා පිරිසිදු වී ඉක්මනින් කොණ්ඩය වියලා ගත්තාය. සුදු පැහැ අත් දිග සිල්ක් බ්ලවුසය ඉදිරි පසින් පලා තිබු අතර කන්සාය් එව එකිනෙක පියෙව්වාය. සුදු පැහැති කලිසමද ඇගලා ගත් ඇය එය බ්ලවුසයට යට කළාය. බ්ලවුසයෙ මදක් සකසු ඇය කැටපතෙන් පෙනෙන තමාගේම ප්‍රතිබිම්බය දෙස මදක් බලා සිටියාය. මෙ තරම් උනන්දුවෙන් ඇදුම් පැළදුම් අදින්නේ වසර දෙකකට පසුව බවට මතක්‌ වී ඇගේ නෙතග මදක් තෙත් විය.. නමුත් දැන් තත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. ඒ වෙනසට කන්සාය් මහත් ප්‍රිය කළාය. වෙනදාවඩා ආකර්ශනීය ලෙස සිටීමට පෙනීම කන්සාය්ට එදා අවශ්‍ය විය.මවගේ රුපලවන්‍ය පෙට්ටිය ගත් ඇය සමේ පාටට ගැලපෙන ලෙස පෙනෙන නොපෙනෙන ලෙස කුඩා හැඩ ගැන්වීමක් දැම්මාය. ලා දුබුරු පාට තොල් සායම් මදක් ගෙන සෙමෙන් තොල් වල ආලේප කර දෙතොල් මදක් දෙපසට අතුල්ලා එව සැම තැනටම පැතිර යන ලෙස ආලේප කර ගත්තාය.පනවක්‌ ගෙන කොණ්ඩය තදින් හිටින ලෙස් උඩට කර පිරා කොණ්ඩය මදක් දෙපසට වැනුවාය. එවිට දෙපසින් කඩා හැළුණු කොණ්ඩය ඇයට ආකර්ෂනීය බවක් ගෙනාවේය.සුදු සැහැල්ලු සපත්තු දෙකද පය ලා ගත් ඇය නැවත කැටපත ඉදිරියට ගියාය. තමා වෙනදාට වඩා ආකර්ෂනීය බව එය්න් තහවුරු වීම නිසාදෝ ඇගේ කට කොනකට සිනහවක් නැගිණි එක් සාක්කුවකට අතක් දමා ගත් ඇය නැවතත් කොණ්ඩය අතින් උඩට කරමින් කාරය වෙත ගියාය.
එහි යන විටත් අමායා පැමිණ සිටියාය.තමා එනතුරු ප්‍රවේශපත් කවුළුව ලග සිටගෙන සිටින ආකාරය ඈත සිටම කන්සායිට පෙනීන. ඇය දුටු සැනින්ම මෙතරම් වෙලා හොදට තිබුණු ඇගේ හදවත ඕනෙවටත් වඩා ලබ්ඩබ් ගාන්නට විය. කෙල පීඩක්‌ සෙමින් ගිල දැමු කන්සාය් නිවසේදී කැඩපත ඉදිරියේ පුහුණු වූ ලෙස එක් අතක් කලිසම තුලට රුවාගෙන අනික් අතින් කොණ්ඩය සකසමින් අමායා කරා සෙමෙන් ගමන් කළාය.

" හුගාක් වෙලාද ඇවිල්ල " අමුතු අපහසුවක් දැනුනු නිසාදෝ එය මගහරින්නට මෙන් කන්සාය් අමයාගෙන් ඇසුවාය.

"අනේ නැ.. ඔයා හරී ලස්සනයි අද... ඈත එනකොට ඉදන්ම මම මෙ බලාගෙන හිටියේ එක "

🦋රන් සමනල්ලු🦋 (Completed )Hikayelerin yaşadığı yer. Şimdi keşfedin