< Car racer >

755 117 30
                                    

යාන්තමින් දවල් වෙලා තිබුනු නිසා කර්ටින් අතරින් ඉර එලිය ටේහ්‍යොන් ගේ මුලු කාමරේට පුරාවටම වැටිලා තිබුනා . කලින් දවසේ රෑ ජංකුක් ටේහ්‍යොන් ව උස්සන් ඇවිත් බෙඩ් එකෙන් දාලා ගිය විදිහටම ටේහ්‍යොන් බෙඩ් එකේ වැතිරිලා හිටියා .

ශර්ට් එක සම්පූර්ණයෙන්ම වගේ ගලව ගෙන ඉන්න ටේහ්‍යොන් ඇස් අඩවන් කර ගන්න ගමන් තමන්ගේ ඇස් පොඩි කරන්න ගත්තේ ඉර එලිය කෙලින්ම තමන්ගේ මූණට වැටිලා තිබුනු නිසා .

කොච්චර ඩ්‍රින්ක් ගත්තත් ටේහ්‍යොන් ඉන්නේ කිසිම අමාරුවකින් නෙමේ කියලා නම් හොදින්ම පෙනුනා . කොහොමත් ටේහ්‍යොන් කියන්නේ ඇල්කොහොල් ආගමක් කර ගත්තු මනුස්සයෙක් ඉතිම් කොච්චර වෙරි උනත් පහුවදාට ටේහ්‍යොන්ට කිසිම ඇගේ අමාරුවක් වත් මේ වෙනකල් තිබිලා නැහැ .

බෙඩ් එකෙන් පැන්න ටේහ්‍යොන් බිම වැටිලා තිබුනු කොට්ටෙටත් පයින් ගහ ගෙන සෝෆා එක මුල්ලේ ගුලි කරලා දාලා තිබුනු තමන්ගේ ටවල් එකත් අර ගෙනම බාතෘම් එකට ගියා . ටේහ්‍යොන් නාන ගමනුත් කල්පනා කලේ ජංකුක් ගැන . ඊයේ තමන් ගෙදර ඇවිත් තිබුනු විදිහ නිසා කිම් ජංකුක් ට බනින්න ඇතී කියලා ටේහ්‍යොන් හිතුවා .

විනාඩී විස්සක් පමණ ගත වෙද්දි ටේහ්‍යොන් ටවල් එකෙන් යටි කය විතරක් ආවරණය කර ගෙන බාතෘම් එකෙන් එලියට ආවා . ක්ලෝස්ට් එක ගාවට ගියපු ටේහ්‍යොන් ශෝට් පෑන්ට් එකට ලූස් ටී එකක් මැච් කරලා අදින්න ගත්තා . හැමදාම වගේ ටේහ්‍යොන් ගේ ෆයිනල් ලුක් එක පර්ෆෙක්ට් ! 

අතින්ම කොණ්ඩේ හදා ගත්තු ටේහ්‍යොන් බ්ලැක් නයිට් පර්ෆියුම් එකත් ස්ප්‍රේ කරලා තමන්ගේ එක අතක් සාක්කුවට දා ගනිමින් කාමරයෙන් එලියට ආවා .  ටේහ්‍යොන් ට ඕනේ උනා ජංකුක් ව ගිහින් මුණ ගැහෙන්න .ඒක නිසාම තමන්ගේ කාමරය එහා පැත්තෙන්ම තියෙන ජංකුක් ගේ කාමරය ගාවට ගියපු ටේහ්‍යොන් ජංකුක් ට කතා කරා .

ඒත් ජංකුක් ගෙන් කිසිම පිලිතුරක් නොතිබුනු නිසාම ටේහ්‍යොන් හිතුවේ ජංකුක් ට්‍රේනින් හෝල් එකේ ඇතී කියලා .ඒත් ට්‍රේනින් හෝල් එකට ගියත් ජංකුක් එතන නොහිටපු නිසාම ගාර්ඩ්න් එකෙත් ගරාජ් එකෙත් ටේහ්‍යොන් ජංකුක් ව හොයන්න ගත්තා .

𝐃𝐀𝐑𝐋𝐈𝐍𝐆 || 𝐓𝐊 Where stories live. Discover now