< The kiss >

631 123 20
                                    

" ශිට් මූව මම මරනවා බං "

" උබ දැන්මම ඌත් එක්ක පැටලෙන්න යන්න එපා බං බලමුකො ඌ මොකාටද එන්නේ කියලා "

" කොන්දක් නැති පොන්නයෙක් බං මූව නම් මම මරන්නේ නැතුව අතාරින්නේ නැහැ "

ටේහ්‍යොන් ගේ ඇස් පුරාවටම ගැබ් වෙලා තිබුනේ ලොකු තරහක් . ජැක්සන් කියන්නේ රේසින් ෆීල්ඩ් එක ඇතුලේ ටේහ්‍යොන් ට ඉන්න ලොකුම හතුරා කිව්වොත් හරි . ටේහ්‍යොන් කවදාවත් ජැක්සන්ට පරාද වෙලා තිබුනේ නැහැ .

කෙටියෙන්ම කිව්වොත් රේසින් ෆීල්ඩ් එක ඇතුලේ ගොඩක් අය හිටියේ ටේහ්‍යොන් ට දණ නමා ගෙන මොකද ටේහ්‍යොන් එක්ක කාටවත් තරග කරලා දින්න බැරි නිසා . ඉතිම් ඒක නිසාම ජැක්සන්ට ඕනේ උනේ ටේහ්‍යොන්ව වට්ටන්න .

මීට අවුරුදු දෙක තුනකට කලියෙන් සිද්ද උනු සිදු වීමක් නිසා නොහිතපු විදිහට ජැක්සන්ව පොලිස් භාරයට නතු උනා . ඒත් කොහොම හරි හිරෙන් නිදහස් වෙලා ආපු ජැක්සන්ගේ හිතේ තිබුනෙම තවමත් ටේහ්‍යොන් ගැන ලොකු වෛරයක් . මොකද ජැක්සන් හිරේ ගියේ ටේහ්‍යොන් ගේ සාක්ෂියක් නිසා .

ඇස් වලට පෙනි පෙනිම අහිංසක කෙල්ලෙක්ව ජැක්සන් රේප් කරද්දි ඒ කෙල්ලගේ පිහිටට හිටියේ ටේහ්‍යොන් ඒත් එතකොටත් හොදටම පරක්කුයි . ජැක්සන් නිසා ඒ කෙල්ල ඒ වෙනකොටත්  තමන්ගේ හුස්ම අතෑරලා ඉවරයි ඉතිම් ටේහ්‍යොන් කලේ ජැක්සන්ව පොලීසියට අල්ලලා දීපු එක .

ඒ දෙයින් සිද්ද උනේ ජැක්සන්ගේ හිත තුල ටේහ්‍යොන් ගැන තිබුනු වෛරය පළිගැනීමක් දක්වා වර්ධනය උනු එක . ඊටත් වඩා සැගවිච්ච රහසකුත් ජැක්සන් තුල ගැබ් වෙලා තිබුනා . ටේහ්‍යොන් ගේ මරණය දකින එකයි ජැක්සන්ට තදින්ම වුවමනා වෙලා තිබුනේ ඒක කොයි මොහොතේ කොතනදි සිද්ද වෙයිද කියලා නම් කාටවත්ම කියන්න බැහැ .

නමුත් ටේහ්‍යොන් ගේ ජීවිතේ නොදැනුවත්වම හෝ තිබුනේ අනතුරක . ටේහ්‍යොන් කතා කරන දේවල් ජංකුක්ට නොඇහෙනවම නෙමේ ජංකුක්ට මොනවා නැතත් තේරුන් ගියා ටේහ්‍යොන් තමන්ට නොකිය මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා .

තමන්ට ටේහ්‍යොන් ගෙන් ඒ ගැන අහන්න පුලුවන් කමක් නොතිබුනත් ටේහ්‍යොන් ඉන්න තත්ත්වේ ටිකක් බරපලතයි කියන වග නම් ජංකුක් ට හොදාකාරවම අවබෝධ උනා .

𝐃𝐀𝐑𝐋𝐈𝐍𝐆 || 𝐓𝐊 Kde žijí příběhy. Začni objevovat