< Angry Taehyung > ⚠️

656 122 40
                                    

ටේහ්‍යොන් ටත් ජංකුක් ටත් වෙඩි තැබුව පුද්ගලයා අදුරු කුටියක ගැට ගසා තිබුනා . ඔහුගේ කකුලට වෙඩි වැදී තිබුනු නිසාම ඔහු තවමත් සිටියේ වේදනාවෙන් . ඒ වගේම කිම් ගේ බොඩිගාඩ්ස්ලා ඔහුට සෑම පැයකට වරක්ම පැමිණ විත් පහර දෙමින් ප්‍රශ්න කරන්න ගත් නිසා ඔහු තවත් දුර්වල වෙලා තිබුනා .

කෙතරම් පහර දුන්නත් ඔහුගේ කටින් කිසිම දෙයක් නොකියා ඉන්න තරම් ඔහු පරිස්සන් උනා . දැනට දින දෙකක්ම ගත උනත් කිම්ට වත් ඔහුගේ බොඩිගාඩ්ස්ලා ටත් ඔහුගෙන් කිසිම තොරතුරක් ලබා ගන්න බැරි උනා . ටේහ්‍යොන් ව මේ ප්‍රශ්න අතරට ඇද ගන්න කිම් අකමැති උනු නිසාම මැන්ෂන් එකට ටේහ්‍යොන් එන එක කිම් තහනම් කලා .

කිම්ට ඕනේ උනු මේ පුද්ගලයගෙන් ටේහ්‍යොන්ට ටාර්ගට් කරලා ශූට් කරන්න වෝන් කලේ කවුද කියලා දැන ගන්න . ඒත් ඔහු ගෙන් කිසිම තොරතුරක් නොලැබුනු නිසාම කිම් දැඩි කනස්සල්ලකට පත් උනා . කොච්චර පහර දුන්නත් ඔහු එක කෙල බින්දක්වත් හලන්නේ නැති තරමටම පක්ෂපාතී අයෙක් කියලා කිම්ට හොද හැටි තේරුන් ගියා .

කිම් ආයෙම බැන්ග්ලෝ එකට ආව ගමන් ටේහ්‍යොන් ඒ විස්තර ගැන අහද්දි හැමදාම වගේ කිම්ට කියන්න තරම් දෙයක් ටේහ්‍යොන් ට තිබුනේ නම් නැහැ . ඒකෙන් මේකෙන් ටේහ්‍යොන් තරහ අර ගෙන කිම්ටත් කෑ ගහන්නේ ජංකුක් ට මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් කිම් ඒ මනුස්සයව නොමරා හුරතල් කරන නිසා .

කිම් අදත් බ්‍රැන්ඩෝ එක්ක මැන්ෂන් එකට යද්දි ගාඩ්ස්ලා වගයක් අර මනුස්සයගේ ඔලුව වතුර එහෙකට ඔබලා ප්‍රශ්න කරමින් හිටියා . ඒත් ගාඩ්ස්ලා අහන හැම ප්‍රශ්නෙයකටම හිනා වෙනවා ඇරෙන්න ඔහු ගෙන් වෙන කිසිදු ප්‍රතිචාරයක් නොලැබුනා .

කිම් පුදුමාකාර ඉවසීමකින් කටයුතු කලා මොකද කිම් දන්නවා මේ වගේ දේවල් කලබල වෙලා කරන්න පුලුවන් දෙයක් නෙමෙයි කියලා . ඒත් හිටි හැටියේම මැන්ෂන් එකට ටේහ්‍යොන් කඩන් පාත් වෙද්දි කිම් පවා පුදුම උනා .

" ටේහ්‍යොන් මං කිව්වා නේද මෙහෙට එන්න එපා කියලා "

ටේහ්‍යොන් සමග පැමිණි ගාඩ්ස්ලා කීප දෙනා ටේහ්‍යොන් ගේ පිටු පසින් හිට ගත්තා . කිම් තරහින් ටේහ්‍යොන් ගේ ඇගට ගොඩ උනත් ටේහ්‍යොන් නම් කිම්ගේ වචන වලට ඇහුම්කම් දුන්න වගක් නම් පේන්න තිබුනේ නැහැ .

𝐃𝐀𝐑𝐋𝐈𝐍𝐆 || 𝐓𝐊 Where stories live. Discover now