< Everything is for my love >

379 72 62
                                    

Next day morning ..

උදෑසනම අවදි උනු ජංකුකුත් ටේහ්‍යොනුත් සූදානම් උනේ ජොගින් කරන්න යන්න . බ්‍රෙක්ෆස්ට් එකට බනානා මිල්ක් එකකුයි සැන්විච් එකකුයි අර ගත්තු ජංකුක් ටේහ්‍යොන් ටත් කලින් රෙඩි වෙලා පහලට ආවා . ඒත් තාමත් ටේහ්‍යොන් ලෑස්ති වෙලා නැති නිසාම ලිවින් රූම් එකේ තියෙන සෝෆාවෙන් වාඩි උනු ජංකුක් ටීවී එක ඔන් කලා .

චැනල්ස් ස්කිප් කරමින් ජංකුක් හොද ප්‍රෝගෑම් එකක් හෙව්වත් හැම චැනල් එකකම වගේ බ්‍රේකින් නිව්ස් එකක් ගැන පෙන්නන්න ගත්තු නිසාම ජංකුක් චැනල්ස් මාරු කරන එක නතර කරලා බ්‍රේකින් නිව්ස් එකට තමන්ගේ අවදානය දුන්නා . ජංකුක් තමන්ගේ ඇස් පවා පුදුමයෙන් ලොකු කර ගත්තේ තමන්ට ඇහෙන දේ ගැන විශ්වාස කර ගැනීමටවත් නොහැකිව .

" මෙන්න දැන් ලැබුනු විශේෂ පුවතක් !!

අපරාද රැසකට මෙන්ම දූෂණ චෝදනාවන්ට ලක්ව වසර කීපයක්ම සිර ගත වී සිට නිදහස් වූ ජැක්සන් වෑන්ග් නැමති අපරාදකරු පෙරදා මධ්‍යම රාත්‍රීයේදී රිය අනතුරකින් ජීවිතක්ෂයට . පොලීසිය පවසන ආකාරයට ඔහු ලග තිබී හෙරොයින් ගෑම් දහයක ප්‍රමාණයක්ද තවත් මත්ද්‍රව්‍ය කීපයක්ද සොයා ගෙන ඇත . තවද ඔහු අදික ලෙස මත් පැන් පානය කර මෝටර් රිය ධාවනය කර තිබූ හෙයින් ඔහු මෙම අනතුරට ලක් වන්නට ඇතැයි පොලීසිය සැක පල කරයි . ආරංචි මාර්ග පවසන ආකාරයට ඔහු රෝහල් ගත කරනා විටත් සිය ජීවිතයෙන් සමු ගෙන තිබුණි !! "

ජංකුක් තවමත් තමන්ට ඇහෙන දේ ගැන අදහා ගන්න බැරුව තමන්ගේ පපුවට අතක් තියා ගත්තා . ටීවී එක ඕෆ් කරලා දාපු ජංකුක් එහෙන්මම සෝෆාවට බර වෙලා පහු ගිය දා ස්ටෙෆනි ගේ බර්ත්ඩේ එක දවසෙදි රොනී තමන්ට කියපු දේ ගැන කල්පනා කලා . අනිවාර්යයෙන්ම මේ දේ කලේ රොනී කියලා ජංකුක් තහවුරු කර ගනිද්දි ටේහ්‍යොන් ගේ ආරක්ෂාව ගැන සිතාම ජංකුක් සතුටු උනා .

රොනී තමන්ට පොරොන්දු උනු විදිහටම ටේහ්‍යොන් ගේ ජීවිතයෙන් ජැක්සන්ව අතු ගාලා දාපු එක ගැන ජංකුක් හදවතින්ම ස්තූතිවන්ත උනා . එයත් සමග ජංකුක් ගේ දුරකතනය නාද වෙන්න ගද්දි තමන්ගේ සාක්කුවට අත දාපු ජංකුක් ෆෝන් එක තමන්ගේ අතට අර ගත්තා . ස්ක්‍රීන් එකේ රොනීගේ නම ලොකුවට තමන්ට පෙනෙද්දි ජංකුක් ඉක්මනින් කෝල් එක ආන්සර් කලා .

𝐃𝐀𝐑𝐋𝐈𝐍𝐆 || 𝐓𝐊 Where stories live. Discover now