< The challenge >

322 88 44
                                    

අදයි දවස !! ටේහ්‍යොන් මෙච්චර කාලයක් බලන් හිටපු දවස අදයි !! චැලේන්ජ් ඩේ එක නොදැනීම උදා වෙද්දි හැම රේසර් කෙනෙක් වගේම එක් රැස් වෙලා හිටියේ රේසින්ග් ට්‍රැක් එකට . එතනට ජැක්සන්ගේ අය වගේම මැගීගේ අයත් ඇවිත් සිටි නමුත් එතන ජැක්සන්ගේ සහෝදරයා උනු ජේම් නම් පේන්න හිටියේ නැහැ . ටේහ්‍යොනුත් ජිමිනුත් ස්ටෙෆනිත් ජංකුකුත් මේ අය සියල්ලොමත් තරමක් දුරින් සිට සිද්ද වෙන සෑම දෙයක් දිහාම හොද අවදානයකින් බලන් හිටියා .

කිහිප වතාවක්ම ජැක්සන් ටේහ්‍යොන් අසලට පැමිණ විත් ටේහ්‍යොන් සමග කතා බහ කලත් ඒ කිසිදු කතා බසක් තුල සුදහශීලී බවක් නම් ගැබ් වෙලා තිබුනේ නැහැ . ඒ වගේම ඒ සෑම වතාවකම ජැක්සන්ගේ ඇස් නතර වෙලා තිබුනේ ජංකුක් ගාව . ටේහ්‍යොන් ගේ බෝයිෆ්‍රෙන්ඩ් උනු ජංකුක්ව ජැක්සන් දැක්කේ ටේහ්‍යොන් ගේ තවත් හොදම තේරීමක් විදිහට . ජංකුක් පරිපූර්ණයි ඒ වගේම කඩවසම් .

රේසින් ට්‍රැක් එකේ නතාලියත් ජැක්සන්ගේ කාර් එකත් පමණක් නතර කර තිබුනා . මොකද මේක ජැක්සන් ගෙත් ටේහ්‍යොන් ගෙත් තරගය පමණක් උනු නිසා . චැලේන්ජ් එක ස්ටාර්ට් කරන්න තවත් පැයකට පමණ ආසන්න කාලයක් තිබුනු නිසා කට්ටිය ඕගනයිස් කරලා තිබුනු පොඩි පාර්ටි එක හැම ටීම් එකකම අය එන්ජෝයි කලා . ටේහ්‍යොනුත් ෂැම්පේන් වීදුවක රස බලන ගමන් ජංකුක් ව තමන්ගේ ලගට ලං කරවා ගෙන ජංකුක් ගේ ඉන පිරිමදින්න ගත්තා .

ඒ අතර ස්ටෙෆනියි ජිමිනුයි අනිත් ටීම්ස් වල අය එක්කලා කතා කරද්දි ටේහ්‍යොන් ටයි ජංකුක් ටයි තවත් ලගින් ඉන්න හොදටෝම ඉඩ කඩ සැලසුනා . ටේහ්‍යොන් හිස් කරන සෑම ෂැම්පේන් උගුරක් පාසම ටේහ්‍යොන් හිස් කලේ ජංකුක් ගෙන් තමන්ගෙ ඇස් එක මොහොතකට වත් අහකට නොගෙන . ටේහ්‍යොන් කෙතරම් රෝමාන්තික අයුරුන් ජංකුක් එක්කලා හිටියත් ජංකුක් නම් තමන්ගේ ඉනෙහි තිබුනු ගන් එකත් තද කරමින් වට පිටාව ගැන හොදින් සෝදිසි කලා .

" හැම වෙලාවෙම මගේ බොඩිගාඩ් ඩියුටි එක කරන්න එපා ඩාර්ලින් මං ආසයි ඔයා ලවර් කෙනෙක් වගේ මාත් එක්ක ඉන්නවටත් "

ටේහ්‍යොන් ජංකුක් ගේ අතෙහි රැදී තියෙන ගන් එක දිහා බලන් කියද්දි ජංකුක් හිනා වෙලා තමන්ගේ යට කරලා තිබුනු ශර්ට් එක පහලට දැම්මේ ගන් එක කාටවත්ම නොපෙනෙන විදිහට .

𝐃𝐀𝐑𝐋𝐈𝐍𝐆 || 𝐓𝐊 Where stories live. Discover now