< Till the end of my breath >

335 72 40
                                    

උදෑසනම අවදි උනු ජංකුක් ටේහ්‍යොන් නැගිටින්නට කලියෙන් ඉක්මනින් පහල කිචන් එකට ගියා . උදෑසන හත වන විට සාමාන්‍යයෙන් බැන්ග්ලෝ එකේ ඉන්න මේඩ්ලා තමන්ගේ රාජකාරි අවසන් කරන නිසා ජංකුක් ඉක්මනින් කිචන් එකට පිය මැන්නා . දැනට මත් ඩයින්ග් ටේබල් එක උඩින් ටී කපස් රෙඩි කරලා තියලා තිබුනත් කිචන් එකේ කිසිම මේඩ් කෙනෙක් නම් පේන්න හිටියේ නැහැ .

ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගත්තු ජංකුක් තමන්ගේ සාක්කුවෙහි දමා ගෙන ආ Curare පවුඩර් එක එලියට අර ගත්තා . ටේබල් එකෙ සුගර් කප් එකේ තිබුනු ස්පූන් එක අතට ගත්තු ජංකුක් Curare පවුඩර් එකෙන් මේස හැන්දක් අර ගෙන කිම්ගේ ටී කප් එකට දමලා මික්ස් කරන්න ගත්තා . බැන්ග්ලෝ එකේ හැම තැනකම වගේ කැමරාස් තියෙන නිසාම ජංකුක් පහලට එන්න කලින් කැමරාස් සියල්ලම අක්‍රිය කලා .

කිසිම දෙයක් සිදු නොවුනු විලසින් සුගර් කප් එකට ආයෙම ස්පූන් එක දමපු ජංකුක් තමන්ගේ ටී කප් එක අතට ගත්තා . එයත් එක්කම කිචන් එකට මේඩ් කෙනෙක් එද්දි ජංකුක් වෙනසක් නොපෙන්වා ඇය සමග සුදහව සිනහා සුනා . ජංකුක් දැනට මත් තමන්ගේ ටී කප් එක අර ගෙන තිබුනු නිසා ජංකුක් හට බෝව් කෙරුව මේඩ් කිම් ගේ ටී එකත් අරන් උඩට ගියා .

කිසිම වැරද්දක් සිදු නොවී පලමු වන පියවර සාර්ථක වෙද්දි ජංකුක් තමන්ගේ ටී එකත් අර ගෙන ගාර්ඩ්න් එකට ගියා . ගාර්ඩ්න් එකේ තිබුනු බෙන්ච් චෙයාර් එකෙන් වාඩි උනු ජංකුක් ටී එකෙන් උගුරක් බොන ගමන් තමන්ගේ අත ටේබල් එක උඩින් තියා ගත්තා . කකුලක් පිට කකුලක් දමා ගනිමින් ජංකුක් එහෙන්මම චෙයාර් එකට තදින්ම හේත්තු වෙන ගමන් නිහඩව කෙටි කල්පනාවකට වැටුනා .

ඒ අතර අවදි උනු ටේහ්‍යොන් ජංකුක් ගේ කාමරයට ගියත් ජංකුක් කාමරයේ නොසිටි නිසාම පහලට ආවා . කිචන් එකේ තමන්ගේ ටී එකත් උණු උණුවෙන්ම දුම් දමමින් තියෙද්දි ටේහ්‍යොන් තමන්ගේ ටී එක අතට ගත්තා . කිචන් එකේ ඉන්න මේඩ් කෙනෙක් ගෙන් ජංකුක් ගැන ටේහ්‍යොන් විමසද්දි ජංකුක් ගාර්ඩ්න් එකට යනවා දැකපු මේඩ් ඒ ගැන ටේහ්‍යොන් ට කිව්වා .

හරි උද්‍යෝගිමත් බවකින් ටී එකෙන් උගුරක් බොන ගමන්ම ටේහ්‍යොන් ගාර්ඩ්න් එක දිහාවට අඩිය තිබ්බා . ජංකුක් තමන්ගේ ටී එකත් ටේබල් එකෙන් තියලා ගාර්ඩ්න් එකේ තියෙන රෝස මල් යාය දිහා බලන් කල්පනා කරමින් ඉන්නවා දැකපු ටේහ්‍යොන් ප්‍රමාද නොවීම ජංකුක් ගාවට ලං උනා . ජංකුක් අසලින්ම ඇති බෙන්ච් චෙයාර් එකෙන් ටේහ්‍යොන් වාඩි උනත් ජංකුක් නම් ඒ වගත් වත් දැනන් හිටියේ නැහැ .

𝐃𝐀𝐑𝐋𝐈𝐍𝐆 || 𝐓𝐊 Where stories live. Discover now