කඩුපුලේ පලමු දිගහැරුම....

194 13 12
                                    

කඩුපුලේ පලමු දිග හැරුම....

කේෂ් - ඕයිහ්.... ඉක්මන්ට ඔය නම් ලිස්ට් එක ගෙනත් දීපම්. හිරු කුමරා වයිෆ් එක්ක වලියක් දාගෙන පස්ස පැත්ත පෘථිවිට හරවන් ඉන්නෙ. නැත්නම් මේ හැටි අව් කාස්ටයක් තියෙයි ඈහ්. ආම්චිට රයිස් ගරන්ඩහ්....මේ ගිනි රස්නේ තාර පාරේ බිත්තරයක් දැම්මොත් ඒක සනිකව බැදිලා එන්නෙ. ඒ තරම් රස්නෙයි. තොපි හිතන්නෙ මේ කට්ට අව්වෙත් පිපිලා ඉන්න අපි  සූරියකාන්ත මල් කියල ද??  එහෙම නැත්නම් කාන්තාරෙක ඉන්න  ඔටුවෝ කියල ද හිතන් ඉන්නෙ?? වර ඩෝහ් ඉක්මන්ට වරහ්. මගෙ සිරුරේ උෂ්ණත්වය සෙල්සියන්ස් අංසක බර ගාණකට ඉහල ගිහින් තියෙන්නෙහ්. තනුකයාහ්.... මගෙ ඔළුව උඩ ගින්දර කැරකෙනව ද බලහන් අර කාටුන්වල වගේ. පට්ට රස්නෙයි අයියොහ්.....

කේෂ්  කෑ ගැහුවේ අව් රස්නය ඉවසන් ඉන්න බැරිම  තැනයි. අද ඔවුන්ගෙ විශ්ව විද්‍යාලයේ අවුරුදු උත්සවය.  මෙය අනාථ නිවාස කිහිපයකම දරුවන්ගේ  සහභාගීත්වයෙන් යුතුව ආරම්භ වූ උත්සවයකි. මීලගට යෙදී තිබුනේ " බැලුම් පිපරවීමේ "  තරගයයි. නමුත් කාර්‍යමණ්ඩල සාමාජිකයෙකු ලෙස පෙනී සිටි " කේෂ් "ට එහි නම් ලැයිස්තුව ලැබී නොතිබුණි.

තනුක් - කෑ ගහන්න එපා හාලියෝ. පොඩි උන් බය වෙයි තොගෙ ඔය ගොරහැඩි කටේ සද්දෙට.

කේෂ් - අනේ මේ තාරා කොටෝ තෝත් කටවහන් ඉදපිය. කොට පගයා එනවනෙ මට උපදෙස් දෙන්න. අන්න අතන තියන තඩි  කළු ගලේ ගිහින් තොගෙ අතපය හතර තියලා ඇණ ගහනවා හරිත මං.  එතකොට මේ අව් රස්නෙට තෝ රෝස් වෙලා ඉදියි.ඊට පස්සෙ මොක්කු මොක්කු හරි ඇවිත් කෑලි කපන් යන්නැතෑ " බැදපු තාරා මස් " කියලා හිතන්.

තනුක- ඊව්ව්ව්ව්ව් සම්කිලියාහ්. කාම්ලකන්නි කටක් තියෙන්නෙ තොටනම්.

කේෂ් -  වෙන්න ඇති. අනේ ඉතිම් මොන තිරිසන් කතාව කිව්වත් උබ මා එක්ක ඉන්නවනේ බම්. අවංකෙන්ම  උබ මගේකා ඈ. මං උබට පැලෙන්න ආතරෙයි. උම්ම්ම්ම්ම්ම්ව්ව්ව්වාහ්.....

තනුක - අන්න අරෙහෙට පලයන් බල්ලා. උම්මා දෙන මුවාවෙන් ඇවිත් මූණෙ තිබුණ ඔක්කොම දාඩිය මගෙ මූණෙ ඇතිල්ලුවා. බුඈක්කා..... කලොත් කරන්නෙ අසික්කිත වැඩක්මයි.

හිමකර කඩුපුල්....Where stories live. Discover now