කඩුපුලේ සවැනි දිග හැරුම....

108 12 41
                                    


තේජාන් - ඔව්. ඒ මීට කලින් ඔයා මං කියන හැමදෙයක්ම ඒ විදියටම කලා නිසයි. අද එපා කියන දේ කලා නිසානේ මෙහෙම අත් තුවාල කර ගත්තෙ. කොහෙද කියනවා ෆස්ට් ඒඩ් බොක්ස් එක.

නවම් -  ඒක කේෂ්ලා ගෙනිච්ච බඩු පෙට්ටිවල.

තේජාන් - මරු. පොඩ්ඩක් ඔහොම ඉන්නවා මං කඩේට ගිහින් එන්නම්.

නවම් - ඕන නෑ තේජාන් අත හේදුවට පස්සෙ ලේ එන එක නතර උනා. කරදර වෙන්න එපා.

නවම් කෙතරම් ආයාචනා කලද ඔහුගෙ කීම ගණනකටවත් නොගත් තේජාන් දෙපයින් ම ගමන් ගන්නට වූයේ සිල්ලර කඩය සොයා ගැනීමේ අදහසිනි.

මොහොතකින් දාඩියත් පෙරාගෙන ඔහු නවම් අසලට පැමිණෙන්නට වූයේ කුඩා බෙහෙත් පැකැට්ටුවක් අතැතිවයි.

නවම් - මං නිසා බොරුවට කරදර වෙනවනෙ තේජාන්. බලන්නකො ඔයාට දාඩියත් දාලා

තේජාන් - ඉතින් ?? මං අත්පුඩියක් ගහන්න ද ඒ කතාවට?? කට වහන් ඉන්න තරමට මං කැමතියි නවම්. වැරැද්දක් කලාට පස්සෙ නිදහසට හේතුයි කොහෙවත් නැති වල්පල් කතායි මට අදාලම නෑ.

නවම් - ආෂ් රිදෙනවා තේජාන්.

තේජාන් - ඉතින්??පණ්ඩිතකමට මං කියන දේ අහන්නැතුව හිටියනම් බෙහෙත් ටික දාල ඉවර වෙනකන් දගලන්නැතුව ඉන්න. ඊට පස්සෙ නහයෙන් අඩන්න එපා රිද්දුවා කියලා හරිද.

නවම් - ම්ම්ම්ම්.

තවත් මොහොතකින් නවම්ගෙ තුවාලය පිරිසිදුකොට එයට බෙහෙත් ආලේප කල තේජාන් එතැනින් නැගිට සූදානම් වූයේ බිදුණු වීදුරු කැබලි ඉවත් කිරීමටයි.

තේජාන් - ඔතනින් නැගිටලා වෙන තැනකින් ඉදගන්න. මං වීදුරු කටු ටික අයින් කරලා අනිත් බඩු පෙට්ටි ටික එලියෙන් තියන්නම්.

නවම් - තේජාන්......

කෙදිරිලි හඬකින් මෙන් එවදන් පිට වූ විට තේජාන් තරමක් බියට පත් විය.

තේජාන් - ඇයි??

නවම් - ම් මට්-ට ක් කලන් - කලන්තෙ වගේ.

තේජාන් - ආෂ්.... ලේ දකින්න බැරිද නවම් ඔයාට?? නැගිටින්න එපා ඔතනම ඉන්න. මං ඉක්මනට වතුර එකක් අරන් එන්නම්. අනේ ඔතනම ඉන්න නවම් හරිද. එපා කියන දේවල් කරන්න ගිහින් තවත් කේන්ති ගස්සන්න එපා මාව.

හිමකර කඩුපුල්....Where stories live. Discover now