කඩුපුලේ අටවෙනි දිගහැරුම....

98 14 47
                                    

නවම් - අනේ මල්ලි ඉතින් ඔයාට තනියම ඉන්න වෙලාවක් හම්බෙලා නෑනේ.

කේෂ් - ඒ උනාට මට බය හිතුනා නවා. ඔයාලා දන්නවා මං කළුවරට කොච්චරක් බයද කියලා. කොහොම කිව්වත් මට ඒක ඉවසන් ඉන්න හරි අමාරුයි.

කේෂ් පවසන්නට වූයෙ දෑස් මතින් ගිලිහෙන කදුළු , කාටත් හොර රහසේ පොලෝ තලයට මුහු කරමිනි.

නවම් - සොරි පැටියෝ ආයේ එහෙම වෙන්න දෙන්නෙ නෑ.

තනුක - අන්නේ මගේකා.... ඒක දැන් වෙලා ඉවරනේ කොල්ලො. අප්සට් ගන්න එපා. මහී අයියා ආවනේ උබේ වාසනාවට. කෝ දැන් හොද එකා වගේ කාහන්.

තනුක සහ නවම් කේෂ්ගෙ හිස අතගාමින් ඔහුව සනසවන්නට උත්සාහ දරන්නට විය.

කේෂ් - බඩගිනි නෑ තනූ. මගෙ ඔලුව රිදෙනවා. ඇගටත් අමාරුයි ටිකක්. නවා ඉක්මනට කන්න ඔයා. ම් මට නිදා ගන්න ඕන.

නවම් - කන්නෙ නැද්ද කේෂ්?? අද දවසටම හරි කෑමක් නෑනේ.හොද දරුවා වගෙ කන්නකෝ.

කේෂ් - බෑ නවා.

නවම් - බඩු ඇද්ද නිසා මහන්සි ද?

කේෂ් - ඔව් නවා. මට නිදා ගන්න ඕන.

තේජාන් - දෙවනි තට්ටුවෙ පලවෙනි රූම් එක ඇරේන්ජ් කරලා තියෙන්නෙ කේෂ්. සුමනපාල මාමා එක්කන් යයි ඔයාව.

නවම් - ඇදට වෙලා ඉන්නකො එහෙනම්. මම බොන්න මොනා හරි හදන් එන්නම්.

කේෂ් - කන්න නවා ඉක්මනට.

තේජාන් - ඔයා යන්න කේෂ්. බෙඩ් එක ලග තියන ටේබල් එකේ උඩම ලාච්චුවේ පැනඩෝල් තියනවා.ඒ දෙකකුත් බීලම නිදා ගන්න. මං නවාට කවන්නම්.

නවම් - එපා තේජාන් ඔයා කරදර වෙන්න එපා.

තේජාන් - මොකක්ද ඒකෙ ඇති කරදරේ?? කේෂ් හොද ලමයා වගේ යන්න දැන්.

කේෂ් - ආයේ කරන්ට් එක ගියොත් ඔයාලා කවුරු හරි එනවා නේද??

තනුක - උබ පලයන් කාමරේට. බය වෙන්න එපා තව කටවල් තුන හතරයි මටත් කන්න තියෙන්නෙ.

තේජාන් - මේ දවස්වල පවර් කට් වෙනවා නිතරම.ඔයා බය වෙන්න එපා කේෂ්. නවමුත් කාලා එයි ඉක්මණින් කාමරේට.

කේෂ් - මං යනවා එහෙනම්. ගුඩ් නයිට් ප්‍රොෆෙසර්. ගුඩ් නයිට් මහී.

හිමකර කඩුපුල්....Where stories live. Discover now