කඩුපුලේ එකලොස්වෙනි දිගහැරුම....

103 13 24
                                    

මහිෂ - එපා අයියේ ප්‍රශ්නයක් නෑ මෙයා මෙහෙම හිටපුදෙන්. ඔයාගේ අතත් තුවාලනේ.

තේජාන් - ඔව් නවම් කමක් නෑ ඔන්න ඔහෙ ඉන්න දෙන්න..පව්නෙ නින්ද කැඩුණොත්.

තවත් හෝරාවකින් පමණ චිත්‍රපටිය නිමා වෙන්නට වූයේ සියල්ලන්ගේ ම දෑස් නිදිමතින් තෙත් කරමිනි.

නවම් - කේෂ් තාම නිදි නේද මහිෂ මල්ලි??

මහිෂ - ඔව් අයියේ.

නවම් - කේෂ්ට අපි මොකද කරන්නෙ තනුක? දැන් ඇහැරෙව්වොත් ආයේ නිදා ගන්න එකකුත් නෑ. අපිටත් කෑ ගහයි නින්ද කැඩුවයි කියලා.

තනුක - එයා හිටපුදෙන් මහිෂයියා ලග..අනේ නවම්මයියේ අපි යමුකො නිදා ගන්න. මට ගොඩක් නිදි මතයි.

දෑස් පොඩි කරමින් නවම් අසලට ගිය තනුක පවසන්නට විය.

තේජාන් - පව් නවම්  මේ කොල්ලට හොදටම නිදිමතෙ. ඔයාගෙත් ඇස්වලින් නිදිමත බේරෙනවා. යන්න දැන් ගිහින් නිදා ගන්න. කේෂ් ඉදියි අපෙ මල්ලි එක්ක.

නවම් - ඒත්.... ඒක මහිෂ මල්ලිට කරදරයක්නෙ තේජාන්.

මහිෂ - නෑ අයියේ ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඔයාලා ගිහින් නිදා ගන්න.

තේජාන් - යසස් මල්ලි යං මගෙ රූම් එකට. මේකෙ නිදා ගන්න අමාරුනේ.

මහිෂ - අවුලක් නෑ අයියෙ ඇද ලොකුයිනෙ. යසා අයිනේ නිදියයි..ඔයාලා යන්න දැන්.

නවම් - තෑන්ක්ස් පැටියෝ. ආයේ ඔහොම කරදරයක් වෙන එකක් නෑ කේෂ්ගෙන්.ගුඩ් නයිට් එහෙනම්. ගුඩ් නයිට් යසස් මල්ලි. හදිස්සියෙ හරි කේෂ් ඇහැරුණොත් මට කතා කරන්න. මං එන්නම් එයාව එක්කන් යන්න.

මහිෂ -  ගුඩ් නයිට් මහිෂ අයියේ.... ගුඩ් නයිට් තේජා....

තේජාන් -  ගුඩ් නයිට්.... ස්විට් ඩ්‍රීම්ස් කොල්ලොනේ.

තවත් මොහොතකින් නවම් , තනුක  සහ තේජාන් සියල්ලෝම මහිෂගෙ නිදන කාමරයෙන් පිටව යන්නට විය.

යසස් - මං පොඩ්ඩක් බැල්කනි එකට වෙලා ඉදලා  එන්නම් බං.

මහිෂ - මේ රෑ මොකටද බං??

යසස් - පොඩි රහසක්. සීන් එක ඇවිත් කියන්නම්.

මහිෂ - මොනාද උබෙ අතේ තියෙන්නෙ??

හිමකර කඩුපුල්....Waar verhalen tot leven komen. Ontdek het nu