කඩුපුලේ නමවැනි දිගහැරුම....

98 11 29
                                    

නවම් - හරි හරි දැන් කේන්ති ගත්තා කියලා කරන්න දෙයක් නෑනේ කේෂ්. තනුක දත් මැදලා ඉවරනේ.

තනුක - ආ....ආ.... දැන් මේ මං උබෙ මහලොකු බුරුසෙවෙන් දත් මැද්දා කියලා අවුල් ද ඇයි ආහ්?? ඊව්ව්ව්ව් තිරිසනා. මොකක්ද ඔය යාළුකම? තුහ් නෙදකින් මැරිලා යද්දි ඔක්කොම අරන් යනවා වගේනෙ හැසිරෙන්නෙ. කවදා හරි තෝ මැරිච්ච දවසක මං  මේ ඇදන් ඉන්න ජංගියයි , කයිසමයි , ටී ෂර්ට් එකයි , තොගෙ මහලොකු බුරුසුවයි කොටින්ම කිව්වොත් තොගෙයි කියලා මං පාවිච්චි කරපු හැම සක්ක සකල මනාවමයි  දානවා තොගෙ පෙට්ටිය අස්සට.

නවම් - පේනවා නේද තේජාන්?? මුන් දෙන්නට අවුරුදු විසි දෙකක් කියලා කියතෑකිද?? පුදුම වදයක් දෙන්නෙ මට. පැය විසි හතරෙන් , විසි දෙකක්ම මුන් දෙන්නගෙ වලි බේරනවා මං.

තනුක - ආ..... එයා බලන්නකො කේෂ්. අපි රණ්ඩු උනාද බං දැන්?? මෙයාට පිස්සු. කතා කරහන් මගේකා මං වෙනුවෙන්.

කේෂ් - රණ්ඩු උනා තමයි. ඔන්න නවා මං නම් ඕවා දන්නෙ නෑ. දෙන පනිෂ්මන්ට් එකක් මූට දෙන්න.

තනුක - ඊව්ව්ව්ව් පාවාදෙන්නා. මං යනවා යන්න ගෙදර. මේ අයියා මලෝ දෙකම එකයි. එයාලට ඕන උනාම විතරයි මාව මතක. අනිත් හැම වෙලාවෙම මාව කොන් කරනවා. ඔව් යකෝව් මං යනවා  යන්න. හිතේ දුකින් යන්නෙහ්. අදින් පස්සෙ ප්‍රොෆෙසර් නවම් ආශිංසනත් , ඔහුගෙ එකම සහෝදර වල් වනචර , අසමජ්ජාති , හිතක් පපුවක් නැති , මැරෙන වෙලාවට උගෙයි කියන හැමදේම අරන් යන්න ලැහැස්ති වෙන , හරියටම මීට තත්පර දෙක තුනකට කලින්  මගෙ හොදම යාළුවා වෙලා හිටිය අනුවින්ද කේසර නැතහොත් කේෂ් නමැති පරම පර බල්ලා සමග තිබූ සම්බන්දය චූටි , සුරතල් , යහපත්  ගතිගුණ වලින් හෙබි මා නැතහොත් තනුක තත්සර විසින් මේ මොහොතේ පටන් නවතා දික්කසාද වන වගයි. ඈවරයි , දෑවරයි , තුන් ඈ.............................. වැදුණාහ් යකොව් ඔළුව..... ඌයීඊඊඊඊඊඊ....

?? - ආව්ව්ව්ව්ව්....කොහෙ බලන් යනවද මන්දා.

තනුක - අනේහ් මගේකා මට සිදුණා......

තනුක ආපසු හැරි කේෂ් අසලට ගොස් ඔහුට තුරුළු විය.

මහිෂ - යසා උබ?? මට කෝල් එකක්වත් දුන්නෙ නෑනේ. මොකෝ මේ පැත්තෙ??

හිමකර කඩුපුල්....Where stories live. Discover now