කඩුපුලේ දෙවනි දිගහැරුම....

88 9 5
                                    

කේෂ් - සල්ලිවලට නැවෙන එකෙක් නෙවෙයි සම්කිලියෝ මං. තෝ පලයන් ඒ ඇදුම ඇදන්. මටනම් බෑහ් මල උට්ට..මේක හරි කෙලියක් උනානේ යම්කෝ.

නවම් - තනූ.... හොද ලමයා වගේ යන්න දැන් කේෂ් එක්ක. ගිහින් එයාට ලෑස්ති වෙන්න උදව් කරන්න. මං යනවා ස්ටාෆ් එක පැත්තට. තරගේ පටන් ගද්දි මං කතා කරන්නම්.

කේෂ් - අනෙ අයියේ කියන දේ අහනවකෝ.

නවම් - යන්න දැන්..මාත් යනවා.

එසේ පැවසූ නවම් කාර්‍ය්මණ්ඩලය දෙසට ගමන් කරන්නට විය.

තනුක - යමන් දැන් ලෑස්ති වෙන්න.

කේෂ් - පල ගස් බල්ලා යන්න.මට තෝ එක්ක කිසි කතාවක් නෑ.

තනුකත් සමග කෝපයෙන් සිටි කේෂ් ගමන් ගන්නට වූයේ විශ්ව විද්‍යාල විවේකාගාරය දෙසටයි.

තනුක - තොගෙ වැඩේ ඉතින් මට බනින එකනේ. කියන දේ අහපන් මගේකා. අපි දැන් ලෑස්ති වෙමු. හැබැයි උබ ගියෙ නැත්නම් නවම්මයියට වස නෝන්ඩිය හරිද. කොට්ටපොර මගුලෙනුත් නම අයින් කලානේ. ඔහොම මේ හැම රෙද්දෙන්ම අයින් කලාම එයාටත් චාටර් එකනේ.

කේෂ් - ඉතින් මං කිව්වද නම දාන්න කියලා??  තෝ පලයන් මගෙ සරම ඇදන්.

තනුක - පුලුවන්නම් යනවා තමා පරයෝ. ඒත් ලැජ්ජා වෙන්න බෑ. ඔක්කොම උන් බොඩිබිල්ඩස්ලා වගෙ උස මහතට ඉන්නවා. මට පුලුවන්ද මේ කැහැටු ශරීර කූඩෙ උස්සන් උන් අස්සෙ රිංගන්න?? යකෝ මිනිස්සුන්ට කණ්ණාඩි දාන්න වෙයි ඔය සද්දන්තයෝ අස්සේ මාව හොයන්න.

කේෂ්  - මල කරුමයක් බං තෝයි අයියයි. මාව කන්නම ඉපදිච්ච පගයෝ දෙන්නෙක්.

තනුක - ආපෝ ඔව් ඔව්. මේ පගයො දෙන්නා නැත්නන් තෝ මැරිච්ච තැන්වල පොල් ගස් හැදිලා ඒ පොල් ගස්වලින්  හොද ආදායමකුත් අරන්.

කේෂ් - හැව් හැව් තමා. යමන් ගම් මූසලයා. හරියට සරම අන්දපන් මට.

තනුක - බෙල්ට් එක දැම්මාම බය වෙන්න දෙයක් නෑ පරයෝ. තෝ පලයන් වොශ් රූම් එකට. මං නවම්මයියගෙ ලොකර් එකෙන් ඇදුමයි ටවල් එකයි අරන් එන්නම්.

තනුක එසේ පවසමින් පිටව යන්නට වූයේ අවශ්‍ය කලමණාකරණ රැගෙන ඒමටයි. විවේකාගාරයේ තනිවූ කේෂ් මොහොතක් කල්පනා කොට අවසානයේ තරගයට සහභාගී වීමට තීරණය කලේය. ඒ තනුක පැවසූ ආකාරයට තම එකම සහෝදරයාගේ නම්බුව රැක ගැනීමේ අරමුණෙනි.

හිමකර කඩුපුල්....Where stories live. Discover now