කඩුපුලෙ සත්වැනි දිගහැරුම....

101 12 10
                                    

Doctor - ඔන්න හරි. මැහුම් නම් දාලා ඉවරයි. රිදුනේ නෑනේ නවම්ට??

නවම් - නෑ ඩොක්ටර්.

තේජාන් - ආයේ කවදටද එන්න ඕන බං මැහුම් කපන්න??

Doctor - දවස් හතරකින් එන්න. තුවාලේ වේලෙන්න බෙහෙත් වගයක් දෙනවා. ඒවත් වෙලාවට බොන්න. අත තෙමන්න එහෙම එපා මැහුම් අයින් කරනකන්.

තේජාන් - හරි බං. තෑන්ක්ස් උබට. එහෙනම් අපි ගිහින් එන්නම්.

Doctor - හරි කොල්ලා. අසනීපයක් උනාම මෙතනට ඇවිත් පල් වෙන්න එපා. මට කෝල් එකක් ගනින්.පරිස්සමින් පලයන් එහෙනම්.

තේජාන් - හරි මචං අපි ගිහින් එන්නම්.

එසේ පැවසූ තේජාන් , නවම් සමග කවුන්ටරය වෙත අදාල මුදල ගෙවා මෝටර් රථයට නැගී නිවෙස කරා පිටව යන්නට විය.

තනුක - නවම්මයියලා ආවාහ්.... නවම්මයියේහ් අපි මෙහෙ....ඔයාලට අපිව ඇහෙනෝද?? ඔහෙ නෙවෙයි අනේ මේ උඩ බලන්න.

තේජාන්ගෙ නිවසෙහි උඩම මහලට වී අදුරු වලාකුළු දෙස බලා සිටි කේෂ් එක්වරම තිගැස්සි යන්නට වූයේ තනුකගේ කෑ ගැසීම නිසාවෙනි.

කේෂ් - සම්කිලියා පලයන් තෝ මොට්ටසෝරී. මුල් ලමාවිය සංවර්ධනය වෙලා නෑ තොගේ. මං බය උනා පර බල්ලෝ කෑ ගහපු කෑ ගැහිල්ලට.

තනුක - ආ.... ඉතින් තෝ පිටසක්වල ලෝකයක අතරමං වෙලා හිටියා කියලා මං පලි ඈ..මේ ලෝකෙ සිහියෙන් හිටියනම් බය වෙන්න දෙයක් නෑනේ.

කේෂ් - තෝ එනවනම් වරෙන්..නැත්නම් ඔතනට වෙලා හිටපන්..මං යනවා පල්ලෙහාට.

එසේ පැවසූ කේෂ් පහත මාලයට යෑමට සූදානම් විය.

කේෂ් - මහී....

මහිෂ - කියන්න කේෂ්.

කේෂ් - ඔයත් යමුකෝ පල්ලෙහාට.

තනුක - නෑ නෑ එයා හිටපුදෙන් මගෙ තනියට. තෝ පලයන් තනියම.

කේෂ් - මහී....

මහිෂ - පල්ලෙහාට යන්න ඕනද?? තනුක මල්ලි ඔයත් එනව ද? නැත්නම් මං යන්න ද කේෂ් එක්ක??

තනුක - ඔයයි මායි ඉන්නවා. කේෂ් තනියම යනවා.

කේෂ් - තනුකයා උබ හොදටම මං ගැන දැන දැනයි ඔහොම හැසිරෙන්නෙ.

හිමකර කඩුපුල්....Where stories live. Discover now