කඩුපුලේ පස්වෙනි දිගහැරුම....

92 11 4
                                    

තේජාන් - මං ලග විසඳුමක් තියනවා. ආඩම්බර නොවී ඒකට එකඟ වෙන්න. මුරණ්ඩු උනයි කියලා වෙන යහපතක් නෑනේ.

කේෂ් - මොකක්ද ප්‍රොෆෙසර් ??

තේජාන් - ඔයාගේ අයියා ටිකක් මුරණ්ඩු චරිතයක්. ඒ නිසා එයානම් කැමති වෙයිද කියලා මං දන්නෙ නෑ. ඒත් මට මේ වෙලාවේ කරන්න පුලුවන් ලොකුම උදව්ව සහ ඔයාලට ගන්න පුලුවන් එකම තීරණෙත් මේක කියන්න මං දන්නවා. ඔයාලා එන්න අපේ ගෙදර. එහේ ඕනතරම් ඉඩ තියනවා. මායි මල්ලියි විතරයි ඉන්නෙ. කිසිම මුදලක් අවශ්‍ය නෑ. කැමති කාල සීමාවක් ඉන්න පුලුවන්.

කේෂ් - තෑන්ක්ස් ප්‍රොෆෙසර්. ඒත්....

නවම් - මං කැමතියි තේජාන්.

කේෂ්  / තනුක - මොකා????

කේෂ්ටත් , තනුකටත් එය විශ්වාස කල නොහැකි අයුරේ පිලිතුරක් විය. මන්ද යත් නවම් යනු ලෙහෙසියෙන් කිසිවෙකුගේත් කීමකට එකඟ වන අයුරේ චරිතයක් නොවූ බැවිනි.

නවම් -  ඔව් කේෂ්. මේ වෙලාවේ මගෙ ඔළුව පිස්සන් කොටුවක් වෙලා තියෙන්නෙ. මීට එහා ගන්න කිසිම තීරණයක් මගෙ ඔළුවෙ නෑ.

නවම් තවදුරටත් කෝපයෙන් , වෙව්ලමින් පවසන්නට වූයේ තේජාන්ගේ අත අත් නොහැරමයි.

කේෂ් - අයියේ.... පොඩ්ඩක් ඉවසන්නකො ඔහොම කේන්ති ගන්නැතුව.

තේජාන් - මෙහෙන්මම යමු ඔයාලගේ ගෙදර. මාත් උදව් වෙන්නම් බඩු අස් කරන්න. ඔයා ඔහොම කලබල වෙලා බෑ නවම්.

නවම්ගේ හිස අතගාමින් තේජාන් පවසන්නට විය.

කේෂ් - එයා කලබල නෑ ප්‍රොෆෙසර්.  පුංචි කාලේ ඉදන් මෙයාගේ හැටි මේ. කේන්ති ගියාම එයාට එයාව පාලනය කර ගන්න බෑ. නවා.... අපි යමු බස් එකේ. බොරුවට ප්‍රොෆෙසර්ට වද දෙන්න ඕන නෑනේ.

නවම් - ඔයා යන්න තේජාන්. අපි බඩු ටික පැක් කරලා ඔයාට කතා කරන්නම්

තේජාන් - එහෙම ඕන නෑ අනේ. මටත් මේ දවස්වල නිවාඩු නිසා කරන්න වැඩකුත් නෑ. මල්ලිත් කාර් එකේ ඉන්නවා. එයත් එයි. අපි යමු දැන්.

එසේ පැවසූ තේජාන් නවම්ගෙ දෑතින් අල්ලාගෙන පාර පැන මෝටර් රථය අසලට ගමන් ගන්නට විය. කේෂ් සහ තනුක ද ඔවුන්ගේ පිටුපස ගමන් කරන්නට වූයේ බලු නකුටන් දෙදෙනාවද තුරුළු කරගනිමිනි.

හිමකර කඩුපුල්....Where stories live. Discover now