කඩුපුලේ දසවැනි දිගහැරුම....

106 12 25
                                    

මහිෂ - කෝල් එකක් දීලා බලන්න කේෂ්.

කේෂ් - ඔව් අයියේ මං බලන්නම්කෝ. ඔයාලා කෝපි බීලා ඉවරනම් කෝප්ප දෙක තියන්න ඔතනින්. මං හෝදන්නම්.

එසේ පැවසූ කේෂ් තම ජංගම දුරකථනය ගෙන මහිෂගේ අංකය අමතන්නට විය. නමුත් ඇමතුම් කීපයක් ගත්තද මහිෂගෙන් කිසිත් පිලිතුරක් නොවූ තැන කේෂ් එතැනින් පිටව යන්නට වූයේ බලු සුරතලුන් දැක ගැනීමේ අපේක්ෂාවෙනි.

යසස් - ඒ උබ දැක්කද ඒ කොල්ලගෙ ෆෝන් එක??

මහිෂ - ඔව් බං දැක්කා..පැත්තකම ඩිස්ප්ලේ නෑ.

යසස් - කොහොමද බං එහෙම පාවිච්චි කරන්නෙ??

මහිෂ - කොල්ලා හෙන සාමාන්‍යයි බං. වෙන එකෙක් වගේනම් ඔහොම ෆෝන් එකක් පාවිච්චි කරයිද??

යසස් - කේෂ්ලා දුප්පත් ද බං??

මහිෂ - ඔව් බං. ඒත් අනේ මන්දා කිසිම දේකින් වැටෙන්නෙ නෑ බං ඒ කොල්ලා. උබ එයාලා රෙන්ට් එකට හිටිය ගේ දැක්කනම් පිස්සු වැටෙනවා..ඒක නිකන් චූටි මාලිගාවක් වගෙ බං. අනිත් දේ තමයි කේෂුයි , නවම් අයියයි අතර තියෙන බැදීම. ඒක පට්ට බං. උබ කියන්නෙ කේෂ්ගෙ ෆෝන් එකේ ඩිස්ප්ලේ අවුල් ගිහින් තියෙද්දිත් නවම් අයියගෙ බර්ත්ඩේ එකට මේ කොල්ලා ක්ලාස් කරපු සල්ලි එකතු කරලා අලුතින් ෆෝන් එකක් අරන් දීලා. බලහන් ඒ සහෝදර බැදීම.

යසස් - ආ....ආ....ආ.... මූ බලහංකො. පන්සිය පනස් ජාතක පොත දිග ඇරියා වගේනේ කේෂ් ගැන කියවන්නෙ.

මහිෂ - උබ දන්නවනෙ බං මගෙ හිතට ලේසියෙන් කාවවත් සෙට් වෙන්නෙ නෑ කියලා. කේෂ්ව මාර විදියට සෙට් උනා. තනුකයි , නවම් අයියයිත් එහෙමයි බං.. ජීවිතේට සෙට් උන පට්ටම චරිත තුනක්.

කේෂ් - නංගීඊඊඊඊඊඊඊඊ.... මෙහෙ එනවා....

හති දමමින් නිවෙසට ඇතුල් වූ කේෂ් කෑ ගසන්නට විය.

යසස් - නංගි?? කේෂ්ට නංගි කෙනෙකුත් ඉන්නව ද බං??

මහිෂ - ඔව් ඔව්. අක්කෙකුත් ඉන්නවා.

යසස් - හෑ?? කෝ?? ලස්සනද බං උන්??

කේෂ් - නංගී..... නංගී එන්න මං ලගට. කෝ කොහෙද ඉන්නෙ මට හොයා ගන්න බෑ. ආහ් මේ ඉන්නෙ.... මේකට පුදුම දාංගලයක්නෙ තියෙන්නෙ.

හිමකර කඩුපුල්....Hikayelerin yaşadığı yer. Şimdi keşfedin