(නො)නිමි Intro❤️✨️

114 16 24
                                    

නොනිමි intro💚✨️

මේක මට අලුත් දෙයක්...
මගේ පළවෙනිම Nonfiction එක ඔන්න දානවා...🤭❤️
මේක Girl x Boy කතාවක්...සමහර ස්ථාන නම් මනඃකල්පිතයි..හැබැයි සමහර චරිත වෙනත් නම්වලින් ජීවමාන අය...
මං දන්නෙ නෑ ඔයාල මගේ මේ style එක කොහොම පිලිගනියිද කියල...මං හිතනව පොඩ්ඩක් හරි කැමතිවෙයි කියලා...❤️

සාමාන්‍ය Jackygirl writing style එක පොඩ්ඩක් matured කරගන්න මං බලාපොරොත්තු වෙනවා...ඉතින් ඔයාල මේක කියෙව්වොත් ඔයාලගෙ අදහස කමෙන්ට් එකකින් ලියල යන්න...දන්නවනෙ මං කමෙන්ට් කියවන්න ආස කෙනෙක්...🤭

ඒවගේම මේකෙ තව කතාවකට සමාන වෙන තැන් තියේනම් දෙයියන්ගෙ පිහිටෙන් මාව දැනුවත් කරන්න මං වෙනස් කරන්නම්...මොකද මං Nonfiction දෙකමයි කියවල තියෙන්නෙ ජැස්සන් පල්ලා අනිත් කතාවල මෙලෝ හත්තිලව්වක් දන්නෑ😅

ඉතින් මේ "නොනිමි" කතාවෙ පොඩි character intro එකක් බලමුද...?💚
(මං ෆොටෝ දාන්නෑ...කතාව අතරෙ ඔයාලගෙ imagination එකට ඉඩ දෙනවා)

🎀උමාෂි මිනේරා ගමගේ

අවුරුදු 22යි...STI uni එකේ BSc(hons) Psychology 2nd Year එකේ ඉන්නෙ...දකුණු රටේ චරිතයක්...වචනයේ පරිසමාප්තියෙන්ම පිස්සු කෙල්ලෙක්...හැබැයි හිත හොඳ හැමෝම ආදරේ කෙල්ලෙක්...හරි ඉක්මනට යාලුවො ඇතිකරගන්න පුලුවන්...ඒවගේම කේන්තියත් ටිකක් වැඩියි...සේරටම වඩා එයාගෙ ලේවලටම බැඳිල තියෙන fangirling life එකක් එයාට තියෙනවා...කතාවෙන්ම ඉතුරු ටික දැනගන්නකො...

🎀සහන්මි අයාරා කාරියවසම්

මිනේරගෙ වයසෙ ඒ ඩිග්‍රියම කරන යුනියෙ මිනේරගෙ හොඳම යාලුවා වගේම රූම්මේට්...ගම පොළොන්නරුව...අහිංසකව ඇවිත් අහිංසක කම විනාස වුන කෙල්ලෙක්...අයාරත් හරි හොඳ ඒත් introvert චරිතයක්...

🎀ශාරදා සාංචි සුබ්‍රමනියම්

උඩ දෙන්නගෙ වයස එක්කම Bsc (hons)Science degree එක කරන චාම් පිස්සු අහිංසක තංගච්චියෙක්...මිනේරා අයූ එක්ක එක රූම් එකේ ඉන්න තුන්වෙනි රූම්මේට්...ගම නුවරඑලිය....
                      ...............................

🛸මිලාන් සසංක මදනායක

අවුරුදු 23යි...ශාරදාගෙ ඩිග්‍රියෙම Senior Batch එකේ...සල්ලිකාර පවුලක වැඩිමල් පුතා වුනාට කැම්පස් අතරෙ තමන්ගෙම බිස්නස් එකකින් හම්බකරගෙන වැඩ ටික කරගන්න කොල්ලෙක්...උස,හොඳ පෙනුමක් තියෙන ඩීසන්ට් පොරක් කියල දැනට හිතාගන්නකෝ...

🛸සතීර අකලංක පෙරේරා
     යුගාන් සතිෂ්ක අබේසේකර

මිලාන්ගෙ පාප කර්ම මිත්‍රයො දෙන්නා...ඉස්සරහට කෙරුවාවල් බලමුකො...

              ...................................

අලුත් චරිත මගදි එයි...
මේක තවත් එක typical කතාවක් කියල හිතාගෙන කියවන්න එපා...හදපු කතාව අතරෙ පුංචි පුංචි ඇත්ත කතාවකුත් තියෙනවා...ඉතින් ඔයාලගෙ කැමැත්තක් කරන්න🤭🤭...

යමු "නොනිමි" එක්ක අලුත් ගමනක්......❤️

-Jackygirl🍓

-Jackygirl🍓

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
නොනිමි❤️✨️Where stories live. Discover now