02.උම්මා💋

49 6 44
                                    

නොනිමි 2

යුගාන්...තෝ ඕක ඇතුලෙ පැලවෙලාද ගස් බල්ලො එලියට වරෙන්කො...
මං උඹට කිව්වා ඔය දියබරිය යන්න කලින් ගිහින් නාගනින් කියල කොහෙද අවුරුදු කුමාරියො දිහා බලන් පැණි පෙරුවනෙ...දැන් එනකල් ඉඳපන් ගෝතයා...

අඩෝ එහෙම කියන්නෙපා අප්පච්චි...අපි උනත් ආසයි කෙල්ලො දිහා බලන්න...වේලි වේලි ඉන්න අපිට කෙල්ලො ලබා දෙන්න දෙවියනේ....

අප්පච්චි කියන එක නවත්තපන් හු...

ඒ එක්කම washroom එකේ දොර ඇරගෙන යුගාන් එලියට ආවෙ සිංදුවකුත් කියාගෙන...
එලියට පලයන් ඉක්මනට තව පොඩ්ඩෙන් පයිප්පෙ පුපුරල මැරෙන්නෙ...
සතීර Washroom එක ඇතුලට දුවද්දි යුගාන් ඇවිත් ඇඳේ ඉඳගෙන කොණ්ඩෙ පිහින්න පටන්ගත්තා...

මිලා උඹ කොහෙ යන්නද සපත්තු මදින්නෙ හෙට නිවාඩුනෙ...
හෙට යන්නෑ බං අනිද්දට අර Musical එකේ ෆොටෝ ටිකක් ගහන්න  යන්නෝනෙ...Photography club එක නම් මහ pucac....
කුණු මුත්තා හෙන බිසී වගේ...
එක බල්ලෙක් අප්පච්චිලු තව පගයෙක් කුණු මුත්තලු දැන් අර ආපු කෙල්ලො දෙන්නගෙ ෆැකල්ටියම මට හිනාවෙනවැති...
අප්පච්චි කතාව සතීරය එක්ක බලාගනින්...කුණු මුත්තා කිව්වෙ මං නෙවෙයි ඒ කෙල්ලම තමයි...
සතීර තමයි අර නිශාදි හදන් ආපු කේක් තැටිය තියං කෙල කෙල ඒ කෙල්ලො දෙන්නට අනංමනං කිව්වෙ...පෙරේත බල්ලා...

හැබැයි බං ඒකිගෙ කටක් නම් නෙවෙයි...පුදුම ස්පීඩ් එකකින්නෙ කියං ගියේ...
මොකද්ද බං ඒ ෆැකල්ටිය...මං දන්නෙත් නැතුව කැවිලි පිඟාන ගත්තෙ...
ආ ඒ ආට් එකේ...අර කොන්ඩෙ දිග නංගි නම් Psychology degree කරන්නෙ...කටර් එක වගේ එක්කෙනා එයාගෙ යාලුව මං හිතන්නෙ...
උඹ දන්නෙ කොහොමද...
ඕගනයිසින් කමිටියෙ ඉන්න ඇඹලයො ටික සේරම ඒ කෙල්ලට කෙල හලනව කියල දන්නැද්ද...

ආ දැන් මීටර් උනේ...ඒ ඒ කෙල්ලද...මං වැඩිය දැක්කෙ නෑ බං ගෲප් මැසේජ්....

ඔන්න උඹට කෝල් එකක් එනවා...
අහ්...

ලොකු පුතා...
ඔව් අම්මා කියන්න...
විශේෂ දෙයක් නෑ...මං නිකමට කතාකරේ...
ආ අද අවුරුදු උත්සවේනෙ අම්මා...දැන් ටිකකට කලින් ආවෙ...
මහන්සිද...කොහොමද කෑම එහෙම...
එච්චර මහන්සි නෑ අම්මා...දැන් අපි මොනවහරි ගෙනත් කනවා...උයන්න කම්මැලියි...
හරි හරි හොඳ දෙයක් අරන් කන්න...කෝ අනිත් දෙන්නා...
යුගාන් ඉන්නව අම්මෙ සතීර නානවා...
හරි පුතාල තුන්දෙනා පරිස්සමෙන් ඉන්න බුදුසරණයි මං තියන්නම්..
හරි අම්මා බුදු සරණයි...

නොනිමි❤️✨️Where stories live. Discover now