3. පොටෝ මොටෝ👍

43 6 45
                                    

නොනිමි 3

මොකද්ද උමා උඹ ඔච්චර උදෙන් නැගිටින්නෙ රට අල්ලන්න යන්නද...
තවමත් බෙඩ්ශීට් එකෙන් වැහිලා ඉන්න අයූ උදෙන්ම නැගිටලා වොශ් දාලා ලෑස්තිවෙලා ඉන්න මිනේරගෙන් ඇහුවා...

ඒ මිනේරගෙ පුරුද්ද...නිවාඩු දවසක වුනත් දවල්වෙනකල් නිදාගන්න බෑ...කොහොමහරි උදෙන් ඇහැරෙනව...

උදේම මල් වගේ නැගිටින්නෝනෙ අයූ...දවල්වෙලා නැගිට්ටම තියෙන මූසලකම බලපන්...හොඳම උදාහරණෙ උඹ...

කොහෙ යන්නද ඔය ලෑස්තිවෙල ඉන්නෙ...
ආ අර ෆොටෝ ගහන්න එන රෝමන්කාරයොන්‍ට පප්පගම පෙන්නන්න අපිට එන්න කිව්වා...ආට් එකට දෙන්නෙක් එනවලු...මායි අවියයි යනව උන්ට උදව්වට...උඹ නිදාගනින්...
ආ හාහා...පරිස්සමෙන්...
මං යන්නං...ශාරු ගේන ඒව තනියෙන් කන්නෑ මං එනකල් ඉඳාන් ඈ...එහෙනං කොල්ලො අපි ගියා...

මිනේරා කාමරේ දොරත් වහගෙන හොස්ටල් රූම් එකෙන් එලියට ආවා...ඊයෙ දඟලලා හැමෝම නිදි...
උදේ හත හමාරයි...කලුපාට Cargo pant එකට තැඹිලිපාට drop shoulder tee එකක් ඇඳගෙන ආපු මිනේරට උදේ සීතල එච්චර දැනුනෙ නෑ...

Feel like It's all my fault
I messed it up
I don't get it
I'm just not good at it
When we're at it
Things get rough

ගුඩ්මෝනින් ඇන්ටී....

So, help me
Clean up all the things
You threw and broke
I need to find a little
Peace inside this home
Sayless cause baby, you'll be
Storming out the door
In any minute, I can't hold you long

සිංදුවකුත් කියාගෙන Clean කරන ඇන්ටිටත් ගුඩ්මෝනිං කියාගෙන පඩි දෙකෙන් දෙකට පැන පැන ආපු මිනේරා හොස්ටල් බිල්ඩිමෙන් එලියට එද්දි එහාපැත්තේ කොල්ලොන්ගෙ හොස්ටල් එකේ ඉඳන් අවිශාන් එනවත් පෙනුනා...

ගුඩ්මෝනිං අංකල් ගේට්ටුව අරින්නකො...
කොහෙද මේ උදෙන්ම....
බාහිර වැඩ අංකල්...විසාල කරදරයක් වෙලාතියෙන්නෙ...
ඔන්න යන්න...
Thank u uncle...
සිකියුරිටි අංකල් එක්කත් කතා කරගෙන ආපු මිනේරා අවිශාන්ට අත වැනුවා...

සුබ ඉන්‍ද්‍රමංගල සාදයක් වේවා අවියා..
මොකාගෙ මඟුල...
ඊව් නොදියුණු ප්‍රාථමික ජීවියා...ගුඩ්මෝනින් කියල කිව්වෙ...
ආ...තේරෙන සිංහලෙන් කියන්න තිබ්බනෙ...මෝනිං මෝනිං...
ඔය නමේ ශාන් කෑල්ල තියෙන උන් මෝඩයි කියන්නෙ නිකංද...මේ රෝමන්කාරයො ආවද...
අනේ අම්මප උම්මා උඹ කියන දේවල් තේරුම්ගන්න වෙනම ඩිග්‍රියක් ගහන්න වෙනව...
උම්මා කියන්ඩෙපා හරිය...මං Cudu mahaththayaට කියනව...
අර ඇලි මිනිහ නේද...උඹෙ ස්ටේටස් බලද්දි මට කැරකිල්ල වගේ බං...හැටි බලපන් කොන්ඩෙ පාට දෙකක්...
මේ මේ මේ මල්ලි....මං මගෙ ආදරේ නාමෙන් ගමේ ‍යාලුවෙක්ගෙ ඔලුවකුත් පැලුවා Cudu mahaththayaට අනං මනං කියලා...කටවහං හිටියෙ නැතොත් උඹෙ කූට්ටම කපල විකුණල මං ඒ මිනිහගෙ කොන්සට් එකක VVIP Area එකේ වාඩිවෙල ඉඳියි...

නොනිමි❤️✨️Where stories live. Discover now