7.Think about you??🤔

28 4 11
                                    

නොනිමි 7

උමාෂි මිනේරා ගමගේ...හොඳ සිහියට වරෙන්...අයූට මිනේරගෙ හැසිරීම දැකල හිනාව නවත්තගන්න බෑ...

කඩවලේ මං හිතුවෙ නෑ සිංදුවක් නිසා මෙහෙම වෙයි කියල...

මේ වෙද්දි මිනේරා හිටියෙ හොස්ටල් රූම් එකේ මැද බිම තිබුන හිස් ඉඩේ අන්දරේ මැරිල වගේ හාන්සි වෙලා...
මේ සේරම පටන්ගත්තෙ උදේම Release වුන සිංදුවක් බැලුවට පස්සෙ...

මාව හොස්පිටල් ගිහින් දාන්න අයියෝ...

නැගිටපන් උමා...එකොලහට ලෙක්චර්ස්...අයූ ආයෙම මිනේරව නැගිට්ටවන්න ට්‍රයි කරා...

ලෙක්ච්චරර් ඇහුවොත් උඹලට බැරිද මං මැරුණා කියන්න...

බෑ...මෙහෙ වරෙන්...

විනාඩි දහයකින් මිනේරත් රංගනේ නවත්තලා ලෑස්තිවෙලා එලියට බැස්සා...
ලෙක්චර්ස් ඉවරවෙලා හවසට තියෙන ටැලන්ට් ශෝ එකේ final meeting එකට යන්නත් තියෙනවා...මේ ටිකේම එක එක ඉවෙන්ට් වලට මහන්සිවෙලා මිනේරට කොයිල් වගේ...ඒ අස්සෙ ලෙක්චර්ස්...

ශාරු කොහෙන්ද අපි කොස්ටියුම් හොයාගන්නෙ...තව සතිදෙකයි...
බයවෙන්නෙපා අයි අයියෝ...මටයි අක්කටයි එක වගේම ලෙහෙන්ගා දෙකක් තියෙනව dancing event එකකට ඇඳපු.. ජුවලරි එක්කම...අපෙ අක්කා ඔයාගෙ සයිස් වගේ නිසා ඒක ඔයාට හරියයි...
ෂුවර්ද...
ඔව් ඔව් මං අද හවසට යනවනෙ වීකෙන්ඩ් ගෙදර ඉන්න...සඳුදට ගේන්නම්...
අයූත් යනව නේද...
ඔව් උමා...සති තුනකින් ගෙදර ගියෙ නෑ...long weekend සෙට් වුනාම යන්න හිටියෙ...උමා ඔයා තනියෙන්නෙ කමක් නැද්ද...
අපෝ කමක් නෑ...නිදහසේ ඉන්න පුලුවන් මල වද දෙක නැතුව...
බලන්නකො ශාරු මෙයා කියන ඒවා...
අයූ එනකල් බොටකඳයා බලන් ඇති නේ...
අනේ උමා මං ඉන්නෙ පොළොන්නරුව ටවුන් එකේ...අලි නෑ හලෝ...
අයූ මිනේරට එකක් ගැහුවා...

පැය තුනක lectures ඉවර වුන ගමන් අයූ ශාරු දෙන්නා හොස්ටල් එකට දුවල ගිහින් ලෑස්තිකරපු බඩුත් අරන් එලියට ආවෙ කොටුවට යන්න බස් එක අල්ලගන්න...

තුන්දෙනත් එක්ක හෝල්ට් එකට ගිහින් අයූ ශාරු දෙන්නා බස් එකට නැග්ගම මිනේරා ආයෙමත් හොස්ටල් එක පැත්තට ඇවිදගෙන ආවෙ සයන්ස් ෆැකල්ටිය මැදින් තියෙන ශෝට්කට් එකෙන්...

නොනිමි❤️✨️Where stories live. Discover now