5.සූකිරි Vibes🤭

33 5 8
                                    

නොනිමි 5

දවස් එකින් එක හරිම ඉක්මනට ගෙවිල ගියා...අවුරුද්දෙන් පස්සෙ සාමාන්‍ය stressful academic life එක පටන් ගන්නවත් එක්කම හැමෝම Busy වෙලා...
අවුරුද්දෙන් පස්සෙ ඊලඟ භීෂණේ වුනේ වෙසක්...මේ පාර මොනව සංවිධානය කරයිද කියල තමයි මුලු කැම්පස් එකම බලාගෙන හිටියෙ...

ගියපාර භක්ති ගීත තිබුන නිසා මේපාර මොනව කරයිද දන්නෑනේ...

කැම්පස් එකේ ආට් සයන්ස් ෆැකල්ටි වෙන්වෙන තැන තිබුන ලොකු නුගගහ යටට එකතුවෙලා හිටපු සතීර මිලාන් යුගාන් වගේම මිනේරා අයූ ශාරු තුන්දෙනත් කතාකරකර හිටියා...
ඒ නුගේ යට තමයි ගොඩක් වෙලාවට කට්ටිය එකතුවෙන්නෙ...අදනම් හරිම අහම්බෙන් තමයි සෙට් එකම එකම වෙලාවෙ එතනට ඇවිත් තිබුනේ...

දන්නෑ යුගාන් අයියෙ...මේ ඔහේගෙ නම කියවද්දි මට අපෙ බෑන්ඩ් එකේ එක්කෙනෙක්ව මතක් වෙනව...එයාගෙ නම Yugyeom...
වැඩිකල් නොගිහින් සූකිරිගෙ භාෂාව අපේ ඔලුව ඛාදනය කරනවා...
සතීර කිව්වෙ ඇත්ත...දැනටමත් මිනේරගෙ දකුණු රටේ භාෂාව සෙටාර් එක ආක්‍රමණය කරල ඉවරයි...

මිලාන් අයියා කැන්ටිමට ගිහින් වඩේ බදිනවද බලහන් කවුරුහරි...අයූ කිව්වෙ වඩේ ගේන්නං කියල අතුරුදහං වුනු මිලාන් ගිහින් විනාඩි පහලොවකටත් වැඩි නිසා...

එයා එනවා~~~ මන්දාරම් කතාවේ..සඳ කින්නරාවී...ආ සොරි කින්නරයා...
මිනේරා ඈත වඩේ මල්ලත් අරන් එන මිලාන් දිහා බලල කිව්වා...
සූකිරි කොහොමද ඔච්චර අවස්ථානුකූලව ඔයවගේ දේවල් ඔලුවට ගලාගෙන එන්නෙ...යුගාන් ඇහුවෙ මිනේරගෙ ඔලුව තදකරල අල්ලන ගමන්...

මට සෑහෙන්න මොලේ තියෙනවනෙ යුගාන් අයියෙ...

හම්මේහ්...මිලාන් එහෙම කියාගෙන බංකුවෙ මිනේරා ගාව තිබුන හිස් ඉඩේ වාඩිවුනා...
අපි හිතුවෙ මිලාන් අයියා ගිහින් වඩේ බදිනවැති කියල...වඩේමල්ල අවුස්සන අයූ කිව්වා...

මගදි වඩේ මල්ල පස්සෙන් එද්දි මෝහිනී සෙට් උනා...සාරිය අන්දන්න උනානෙ...ඒකයි පරක්කු උනේ...
යෙන්න කඩවලේ මිලාන් අයියෙ...චීචී එහෙමත් කරනවද...
මොනව කරන්නද තංගච්චි...සාරිය කැඩුනොත් පවුනෙ...නේ...මොකද්ද මිනෝ වඩේ මල්ලෙ පීනන්නෙ...

නොනිමි❤️✨️Where stories live. Discover now