8.සිහිල් මාරුතේ❤️

35 5 15
                                    

නොනිමි 8

කලබල දවසක්...හවස හයට ටැලන්ට් ශෝ එක පටන්ගන්න තියෙන්නෙ...උදේ Rehearsal වලින් පස්සෙ පෆෝම් කරන හැමෝම ලෑස්තිවෙන්න ගියේ අනුස්මරණ ශාලාවට...
ඒකට එහා පැත්තෙ තමයි University Auditorium එක තියෙන්නෙ...ලඟදි හදපු සුපිරිම auditorium එකක් ඒ...

Host දාල තිබුනේ පවන් එක්ක සයුරි....දෙන්නම මැනේජ්මන්ට් එකේ...

හවස හයට තමයි පටන්ගන්න තිබුනේ...පෆෝම් කරන අය කලින්ම ලෑස්තිවෙලා...

ශාරු මේක මාර ලස්සනයි නෙ හලෝ...මේ ලා කොළපාට මාර ලස්සනයි...මිනේරා පෆෝමන්ස් එකට කොස්ටියුම් ඇඳගෙන මේකප් රූම් එකේ කණ්නාඩිය ඉස්සරහ වටයක් කැරකුනා...
ශාරු ලා රෝසපාට ලෙහෙන්ගා එකක් මිනේරා ලා කොලපාට ලෙහෙන්ගා එකක් ඇඳල හිටියෙ එයාලගෙ Dance performance එකට...
දෙන්නගෙම කොණ්ඩ කඩාදාලා පිච්ච මල් වැල් එල්ලලා ලස්සනට පෙනුනා...හවස පාමංකඩ කෝවිල ගාවට ගිහින් පිච්ච වැල් දෙකක් ගෙනත් දීපු යුගාන්ට පින්සිද්ද වෙන්න ගෑනු ළමයි දෙන්නම හරි අංගසම්පූර්ණයි...

මේ දෙන්නගෙ හැඩ බලන්නකෝ...
මිලාන් අයියා.....
ඔව් ඔව් මිලාන් අයිය තමයි...දැක්කනෙ මිනෝ ශාරු මට කතාකරන විදිය...කොහෙද ඔයා කට ඇරපු ගමන් කුණුමුත්තා හරි මදනයකා හරිනෙ කියන්නෙ...
මං කතාකරන විදිය තමා හරි...
දෙන්නා ලෑස්තිද...ගින්දර වගේ දෙන්නෝනෙ හරිද...
ඔයත්...මං තාම ඔයා කියන සිංදුව මොකද්ද දන්නෙ නෑ මිලානෝ...
ඇයි මං කිව්වෙ...චන්ද්‍රපාල---
අනේ මේ...
මේ මේ කිට් එක හොඳයි නෙ...ශේප්ද...

කලුපාට කලිසමට සුදු ටීෂර්ට් එක කලුපාට ලෙදර් ජැකට් එකක් ඇඳලා boots දෙකක් දාගෙන හිටපු මිලාන්ගෙ පෙනුම නම් ඇත්තටම Handsome...
ඒ එක්කම කොණ්ඩෙත් උඩට ලස්සනට හදලා මිනේරා හැමතිස්සෙම අඟල් දෙකට වඩා දිගයි කියන රැවුලත් කොට කරලා....

ඒ එක්කම කොණ්ඩෙත් උඩට ලස්සනට හදලා මිනේරා හැමතිස්සෙම අඟල් දෙකට වඩා දිගයි කියන රැවුලත් කොට කරලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
නොනිමි❤️✨️Where stories live. Discover now