01. සූරිය මංගල්ලේ💥

82 11 59
                                    

නොනිමි 1

"වාණිජ සහ නීති පීඨ අතර කඹ ඇදීමේ තරඟය ඉතාමත් උණුසුම්...කසුන් බලන්න මේ කඹේ හෙල්ලෙන්නෙවත් නෑ...
ඔව් පසිඳු...මට පෙනීයනවා වාණිජ අංශයේ සමහර ආදරණීය සහෝදරවරුන්ගෙ සරම් කරේ තිබෙන ආකාරය..."

අයූ කොමස් එකයි ලෝ එකයි නේද අදින්නෙ...
අපි එක්ක සයන්ස් එක වෙන්නැති නේද...

දන්න විදියටනම් ඔව් උමා...දඟලන්නැතුව පොඩ්ඩක් හිටපන්කො මේ රෙද්ද අන්දනකම්...
අයාරා ටිකක් සද්දෙන් කිව්වෙ මිනේරගෙ දැඟලිල්ල නිසාමයි...

කව්ද මේ ලුංගි සංස්කෘතිය සරසවි අවුරුදු උත්සව වලට ගෙන්නපු පරයා...බලපම් තුන්පාරක් රෙද්ද කැඩුනා...බැච් එකේ කොල්ලො ටික ඉස්සරහ රෙද්ද කැඩුනනම් අරන් එන්නෙ කරට...

හිනස්සන්නෙපා අනේ...ඉන්න මේපාර කට්ටක් ගහමු...
බඩේ අනින්නෙපා ඈ...මේව චීනෙට යන දේවල්...
ආයෙ පටන්ගන්නෙපා ඉතින්....
ඒ උනාට Cudu mahaththaya සරමට ලස්සනට ඉඳියි නේත...
කටවහගෙන බඩ පස්සට...ආං එහෙම...හරි...දැන් ඔය ඉන්නෙ රන් එතනා වගේ...
මොන තනා...
කනේ වංගුද...

කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් වෙච්ච STI university එකේ අලුත් අවුරුදු උත්සවේ අද...යුනි එකේ කිසිම ෆැකල්ටි බේදයක් නැතුව අවුරුදු උත්සවේ කෙරීගෙන යනවා...ලුංගි ඇඳපු සරම් ඇඳපු කෙල්ලො කොල්ලොන්ගෙන් ග්‍රවුන්ඩ් එක පිරිලා ගිහින්...
පෞද්ගලික උනාට මොකද සමහර රජයේ කැම්පස් වල උප සංස්කෘතියත් STI එකේ නැත්තාම නොවේ...

මේ ගුල්ලි...ඔයාල තමයි සයන්ස් එකට නෑගම් යන්න ඕනෙ...
මොකක්...අපි...
ඔව් ඔව්...Organizing comitee එකේ අපේ ෆැකල්ටියෙන් උන්නෙ ඔයයි මායි නෙ...මට මියුසිකල් එකේ වැඩක් උඹ මේකි එක්ක ගිහින් වරෙන් හොඳ එකී වගේ...
අනේ සඳුන්...
මේ උදව්ව කරපං මට...
හරි හරි මේ අන්තිම ලාස්ට් ෆයිනල් එක...
ගනින් මේ කැවිලි පිඟාන...සඳුන් අයාරගෙ අතට සරුවට පුරෝපු කැවිලි පිඟානක් දුන්නා...
උමා එන්නකො යන්න....
යමංකො.....

අවුරුදු උත්සවේ ලුංගි සංස්කෘතිය ලස්සන වුනාට මිනේරට නම් ඒක එච්චර සුන්දර වුනේ නෑ...
කලුපාට Short blouse එකකට තාත්තගෙන් ඉල්ලගෙන ආපු කොලපාට,අලි බෝඩරයක් තියෙන බතික් සරම මැච්කරල ඇඳපු මිනේරගෙ පෙනුම එච්චර අවුල් වුනේ නැහැ...උරහිසෙන් පල්ලෙහාට දිග අග්ගිස්ස නිල්පාටින් කලර් කරපු කොන්ඩෙ කඩා දාලා අයූගෙ කීමට පැත්තකින් රතු මලකුත් ගැහුවම කියන්න තරම් කැතක් නම් තිබුනෙ නෑ...

නොනිමි❤️✨️Where stories live. Discover now