හිතුවක්කාරකම් දෙකායී 🔥

1.2K 157 153
                                    

ඉතින් පුරුදු පරිදි අක්කගෙ අඩත්තේට්ටම් මැද්දෙම අප්පච්චිගෙ සුදු දෑතින් ගෙදර ගෙනාපු ආදරණීය චොකලට් අයිස් එක මගේම කරගත්තු මං රෑ බත් පත කටවල් දෙකට තුනට කාලා දාලා  පැන්නෙ අප්පච්චිගෙ සරමෙ  අර වල ගැහුනු සරම් බොක්කෙට.
තොටිල්ලක් වගේ අප්පා.
සුභ නැකතින් මගේම උන චොකලට් අයිස් එක දිහා ආදරණීය බැල්මක් හෙලලා මුලු මැජික් අයිස්ක්‍රීම් කම්පැණියට පිං ප්‍රාර්ථනා කරේ මාගේ කුසේ ගින්දර උහුලන පණුපැටව් ටිකව අමුර්තය වගේ අයිස් වලින් ඉස්මුරුත්තා වෙනකම් සනසවන හින්දයි.

ලක් දිව් තලයේ  තව චිරාත් කාලයක් මැජික් අයිස් වැජඹේවා. මේ මගේ ඒකායන පැතුමයි.

අක්කටත් කට කැඩිච්ච කතා එකක් දෙකක් කිය කියා හොර මීයා වගේ අප්පච්චිගෙ සරම් තොටිල්ලෙ ඉදගෙන පැද්දි පැද්දි අයිස් එක කොනක ඉදන් ලෙව කන ගමන් මම ආයෙමත් ගිලුනෙ මගෙ මනෝ පාරෙ. කල්පනා කරන්නද දේවල් නැත්තෙ. අනික මම කල්පනා නොකර කෝමද ඔයාල කතාව දැනගන්නෙත්. හුම් . මේ පරහිතකාමී චූටි හාමු මං හින්දම හොදා ඔයාලටත්.

කොළඹ ඉද්දි කෙසේ වෙතත් නුවර ඉද්දි සරම් අදින එක අයියගෙයි , අප්පච්චිගෙයි පුරුද්දක්. ඒ කියන්නෙ ඉතින් මට රජ සැප තමා.බෙල්ලි එල්ලිලා සරම් තොටිල්ලෙ ඉදගෙන පැද්දෙන්නයි තියෙන්නෙ පොඩි මට..තව ඕනි නම් වැනියන් කලු වැනීයන්න් කිය කියා නැලවෙන්නත් පුළුවන්.

අයියා , අප්පච්චි කොහොම සරම් ඇන්දත් මට සරම් අදින්න බැරි ලෙඩක් තිබ්බා ඒ කාලෙ ඉදන්ම. ඒක කොයි තරම්ද කියනව නම් ගෙදර ඉදන් විනාඩි පහේ දුර පන්සලට තිබ්බත් මම පොඩි කලෙ ඉදන් අවසන් විභාගෙ දක්වා දහම් පාසල් ගිහින් ඉවර වෙනකම්ම ඒ දුර හවසට ආවෙ තාත්තගෙ කාර් එකේ.මං දන්නව බන් ඇවිද්ද පය දහස් වටී කියලා . ඒ උනාට කොහෙවත් කියලා නෑනෙ නම්බුවට වඩා පය වටී කියලා . එහෙම කිව්වෙ ඇයි කියලද බලන්නෙ. හේතුව වෙන මොකුත් නෙවෙයි . උදේ බෙල්ට් එකක් පවා දාලා ඇදන් යන සරම දවල්ට අයියගෙ බෙල්ට් එකත් දාලා හිරට බැදන් හිටියත් දහම් පාසල් ඉවර වෙන්න ලං වෙද්දි කෝම හරි ගැලවිලා වැටෙන්න එනව.ඉනේ හිටින්නෙම නෑ .අලි දම්වැල් දැම්මත් වැඩක් නෑ ඉතින් . හැමදාම ඉන්ටර්වල් එකට දහම් පාසලේදි මාව හොයන් ඇවිත් බෙල්ට් එක හිරට දාලා මගෙ නම්බුව බේරගත්තෙ ස්කෝලෙදි මම නම්බුව ලෙෆ්ප් කරල දාපු මගෙ ලාදුරුවා තමා ඉතින් . මගෙ අයියා කොටේ.
ඒකා මට ආදරෙයි ඉතින් හෙනට.

හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅Onde as histórias ganham vida. Descobre agora