හිතුවක්කාරකම් දහ නවයායී 🔥

566 82 32
                                    

මං කිව්වත් වගේ මේ සතිය නම් මට හෙන අපලයක් වීගෙනයි එන්නෙ. අක්කත් ගෙදර ආවට පස්සෙ අයියා හැමෝගෙම පෝන් එයාගෙ අතට ගත්තා වගේම කිසිම කෙනක්ට එලියට බහින එකත් තහනම් කරල දැම්මෙ අපි ඔක්කොටම සද්දෙ දාලයි. මුට වැහිලා ඉන්න මේ අමුතු යකාව එලවන්න හොද දඟර ඩාන්ස් එකක් අපිට ලගදිම දාන්න වෙයි වගේ . ඔක්කොටම හපන් දවස් තුනක් තිස්සෙ අපි ගේ ඇතුලෙම හිර වෙලා. ගෙයින් එලියටවත් බහින එක තහනම් කරල දැම්මනෙ මේ මිනිහා...

පෝන් එක ගත්තෙ චොකලට් අයිස් ටබ් එකක් ගෙනත් දීලා වගේම මාව ගේ අස්සෙම තියාගන්න චොකලට් බොක්ස් එකක් ගෙනත් දුන්නා වෙද්දි සංවේදී මානුෂීයප්‍රහාරයකට ලක් උනු මට කරගන්න දෙයක් නැති උනා . පෝන් එකයි අයිස් එකයි අතරින් තෝරාගැනීමක් කරන්න ගිහින් අන්තිමට බඩ වෙනුවෙන් පෝන් එක හිතහදන් මං අයින් කරල දැම්මා ....

පෝන් එක කියන්නෙ කෙලින්ම ඇගෙන් කෑල්ලක් වගේ වෙද්දි ඒක අයින් කරපු වේදනාවට දැන් මං ඉන්නෙ මානසිකව වැටිලා දනිස්ස තුවාල වෙලා

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

පෝන් එක කියන්නෙ කෙලින්ම ඇගෙන් කෑල්ලක් වගේ වෙද්දි ඒක අයින් කරපු වේදනාවට දැන් මං ඉන්නෙ මානසිකව වැටිලා දනිස්ස තුවාල වෙලා .
නිවාස අඩස්සියේ තුන් වෙනි දවසත් කාලකණ්ණි විදියට ගතකරපු රුකයි , මායි , අක්කයි හවස් වෙද්දි වැටුනු වැටුනු තැන් වල දකදොයියන් ගහන් ටීවී එකේ ගාෆීල්ඩ් බල බලා ඉද්දි එකපාරටම ඒකගෙ අර යක්ස ගුහාව වගේ කාමරෙන් එලියට ආපු අයියා තුන්දෙනාට ලෑස්ති වෙන්න කිව්වෙ ගෙදර යන්න . ඇයි දන්නෙ නෑ ඉතින් . ඒත් ඉතින් ඇයි කියලා අහන්න ගිහින් බැනුම් අහගන්නවට සැපයි ගිහින්ම බලන එක .

✿✿✿✿✿

යුගීත් pov

මේ දවස් ටිකට උනු දේවල් දිහා බලද්දි මං හිටියෙ මට පිස්සු හැදෙයිද කියලා බයෙන්. එකපාරක් මට ආයුව නැති උනා. මේ පාර මල්ලි වගේ ආදරෙන් බලා ගත්ත කොල්ලා නැති උනා. මම දන්නෙ නෑ මොන රෙද්දකට නෙතූ ඔෆිස් එකෙන් අයින් උනාද කියලා . ඒත් උට තිබුනා අඩුම මට කියලා යන්නවත් . ආයුව හොයාගන්න පුළුවන් කියන සතුටින් හිතේ එක පැත්තක් පිරුනත් නෙතූ අතුරුදහන් වෙලා වගේ ගිහින් කියන හැගීම හිතේ එක පැත්තකට ගෙනාවෙ සම්පූර්ණයෙන්ම හිස් හැගීමක්. මන්දා මට දැන් පිස්සු වගේ . දවස් තුනක් ! වෙනදට මේ කොල්ලා මට නිකමට හරි මැසේජ් එකක් දානව. ඒත් මේ දවස් තුනම මම කොච්චර මැසේජ් දැම්මත් කෝල් කරත් ඒ ෆෝන් එක දිගටම ඕෆ්. එයාගෙ යාලුවා අර මොකාද එකා රුක්ෂාන්ට පවා කෝල් කරා.උගෙත් ෆෝන් එක ඕෆ්. එතකොට ඔෆිස් එකේ බම්බුව ටානියාගෙන් ඇහුවත් ඒ ගෑනිත් මොකුත් කිව්වෙ නෑ . නෙතූගෙන් මැසේජ් එකක්වත් නැතුව ගෙවෙන දවස් ආයෙම පරණ මාව එලියට ගත්තා. කාත් එක්කවත් කතාබහක් නැති සීතල යුගීත්ව. ආයුයි නෙතුයි හින්දා දිය වුනු අයිස් ආයෙම තට්ටු පිටින් මාව වටකරන් බැදිල වගේ දැනෙද්දි පුරුදු පරිදි මගෙ හිනාව මගෙන් ගිලිහිලා තිබුනා.

හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅Onde histórias criam vida. Descubra agora