හිතුවක්කාරකම් හතායී 🔥

806 99 92
                                    

සුම්දර සුකුමල කටහඩක්. නෑ මම මේ බැලුවෙ එකපාරටම කවුද ඒ මැද්දෙන් පැන්නෙ කියලා . යකෝ ටානිනෙ . නුවර යන්න ඕනිලු ටානියාටත්.පිස්සු හැදෙයි සඳ බොඳවෙයි.

" අහ්...හී. මේ මිස් ටානි... අපි මේ"

" දැන් ඔයා කියන්න හදන්නෙ එක්කන් යන්න බෑ කියලද නෙතූ බබී ...ආ.ඒවා හඳේ ඈ.මාව එක්කන් යන්නම ඕනි.හරිද ?"

"අ..අනෙහ් ටානිය්.."

" මොකක්ද මෙතන වෙන්නෙ මිස් ටානියා ඇන්ඩ් මිස්ටර් නෙතුන් ?"

" මොකක්ද මෙතන වෙන්නෙ මිස් ටානියා ඇන්ඩ් මිස්ටර් නෙතුන් ?"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අමේලි ටානියා විජේසිංහ 🌹

(ටිකක් පොෂ් , නට් ලූස් හිත හොඳ සංගමේ සාමාජිකාවක් )

වෙලාවට ටානියාගෙ අඥේ හුඥේ එක මැද්දෙන් පැන්නේ අපේ බොසා. පොර කාත් එක්ක හරි කෝල් එකක තමා මෙතෙන්ට ඇවිත් තිබ්බෙ. මේකිගෙ කුරු කුරුවත් ඇහෙන්න ඇති... මොනව හිතුවද දන්නෙ නෑ . මාත් ගොනා සේ හී හී ගගා උන්නනෙ වයිෆ්ට බය හස්බන් වගේ... කවුරු කර ගැහුවත් මේ ඔඩ්ඩි මොංගලීව නම් වචනෙටවත් කරගහගන්න නම් බෑ ප්වීස්ස් දෙයියෝ 💔.
ඔයා කොහොම මට කෙලෙව්වත් මේ වගේ අන්තෙටම නම් කෙලවන්න හිතන්නවත් එපා හොදේ.

" නෑ සර් මේ නෙතූ බබී වැකේෂන් එකට නුවරට යනවලු. මටත් එයත් එක්ක යන්න එන්නලුනෙ. රුක්ෂාන් තමා එන්න කිව්වෙ. නේද රුක්ෂාන්?"

මම උත්තර දෙන්න කලින් මැද්දෙන් පැන්නෙ ටානි වෙද්දි ! මොකද බොල ඒ කීව කතාව? මම එන්න කිව්වා මේ ගෙම්බිට ? වට් ද හෙල්ල්ල් ... රුකා එන්න කිව්වා  ? කෝ ඕකා . ආ ඔය ඉන්නෙ බිංකුණ්ඩො ගැණ ගැණ. හිටපන් මම තෝවත් අල්ල ගන්නම්.ලග ඉන්න පාප මිත්‍රයෝ තමා හොදටම කෙලවන්නෙ...
දත්මිටි කාගෙන මම රුකාට දෙකක් අනින්න හිතන් යද්දි දවසේ දෙවනි වතාවටත් මට එකම දේ ඇහුනා.

හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅Where stories live. Discover now