හිතුවක්කාරකම් තිස් එකායී 🔥

485 65 121
                                    

බිස්නස් ගැන මෙලෝ ඉන්ටරස්ට් එකක් නැති එකෙක්ට පතාර බිස්නස් මීටිමක පුටුවක් උඩට වෙලා බකන් නිලාගෙන කට්ටියගෙ බ්ලා බ්ලා බ්ලා අහන් ඉන්න වුනොත් කොහොමද දැනෙන්නෙ. හරියට නිකම් ෆෘඩ් සැලඩුයි රාබු මාලුයි වගේ. මට මේ දැන් වෙලා තියෙනව වගේ විපතක් නම් හතුරෙක්ටවත් වෙන්න හොද නෑ අම්මපා..

මං ඉන්න පුටුව තියෙන්නෙ බිත්තිය පැත්තට හරෝලා උනත් එයාල මීටින් එක පටන් ගත්තා. මොකද මේක එයාලට නුපුරුදු දෙයක් නෙවෙයි කියලා අත්තම්මා මට මුලින්ම කියලා තිබුනා. හැබැයි මට මේ මරාලෙට කරගහන්න වෙයි කියලා නම් හීනෙන්වත් හිතුවෙ නම් නෑ . එයාල කවදාවත් එයාලගෙ බොස්ව දැකලා නෑ වගේම කිසිම මීටින් එකකදි එයාලගෙ බොස් කතා කරලත් නෑලූ. උන්ට තියෙන්නෙ රැස්වීමට ඇවිත් දෙපිල බෙදීගෙන බෙරිහන් දීගන්නලු. බැරි වෙලාවත් මොකක් හරි ජල්බරියක් ඇදුනොත් හරි නැත්තන් වැරදි දෙයක් කියවුනොත් විතරයි ලු බොසා අත උස්සලා සංඳාවක් පෙන්නලා කට්ටියව කොන්ට්‍රෝල් කරන්නෙ. ඒ වගේම මීටින් එක පටන් ගන්න කලින් එයාලව ෆුල් චෙක් කරලා , පෝන් අරගෙන හෝල් එක ඇතුලට එවන්නෙ වෙද්දි මීටින් එක ස්ටාර්ට් කරන්න කලින් හැමදාම විනාඩි දෙකක විතර පවර් කට් එකක් වෙනවලු. ඒ වෙලාවටලු එයාලගෙ බොස් ඇවිත් ඉදගන්නෙ. හැබැයි හැමදාම බොස්ගෙ පුටුව තියෙන්නෙ අනික් පැත්ත හරෝලලු. කවදාවත් නොදැකපු බොසෙක් , කටහඬවත් අහපු නැති එකෙක් වෙනුවෙන් මේ මිනිස්සු වැඩ කරන හැටි පුදුමයක් උනත් Avenue  කියන්නෙ එකපාරක් ඇතුළට ආවොත් ආයෙ හැරීමක් නැති උගුලක් වගේ එකක්ලු. කවදාවත් වංචාවක් නොවෙන කම්පැණියක් විදියට මේක කොන්ට්‍රෝල් කරන්නෙ කොහොමද කියලා මට තේරුනෙත් අද තමා. මොකද මේ මීටින් වලට එන අයට වැඩියෙන්න වටින දේ හරියටම කිව්වොත් එයාලගෙ දුර්වලම තැන් වලට තමා බොස් ගහලා තියෙන්නෙ . කොටින්ම කීවොත් මේ හැමෝම මීටින් එකට ඇවිත් ඉදගත්ත වෙලේ ඉදන් යනකම් බොස්ට කිසිම විදිහක , බලපෑමක්වත් ,සීරීමක්වත් නොවී තිබුනොත් විතරයි ඕඩර් එක යන්නෙ එයාලගෙ දෙමාපියෝද  , දරුවොද , යාන වාහනද , මේ හැමදේම ගාඩ් කරන් ඉන්න බොස්ගෙ හෙංචයියො ටිකට එතනින් අයින් වෙන්න. බැරිවෙලාවත් බොස්ගෙ කෝල් එක පරක්කු උනොත් , අනේ මන්දා මොනවා වෙයිද කියලා දන්නෙ නෑ මොකද මෙච්චර කාලෙකට එහෙම වෙලා නෑලු.

හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅Where stories live. Discover now