හිතුවක්කාරකම් දාහතරායී 🔥

568 78 66
                                    

"ඉතින් මල්ලි ඔයාට ඉන්නවද ලවර් කෙනෙක් හරි ක්‍රෂ් එකක් හරි "

"මොන ලව්ද අනේ. මායි රුකයි ඕනි නම් ඉලව්වකට ගිහින් චොකලට් බිස්කට් එකක් කාලා එයි. ඒ මිසක් අපි නෑනෙ ඔව්වට. අනික අනේ අපිට නෑනෙ ඔය ක්‍රෂ් . තියෙන්නෙ ටොයිලට් එක මදින්න බ්‍රෂ් විතරයි "

" ඇහ් ? "

" ක්‍රෂ් නැති උනාට අපේ අම්මා මාව බන්දන්න කොල්ලෙක් හොයන ගමන් ඉන්නෙ "

" ඇයි කොල්ලෙක්ම. මං කියන්නෙ ඇයි අම්මා ලේලිලාට කැමති නැද්ද ?"

"ම්හුක්. නෑනෙ . අම්මගෙ මතේ අනුව දැන් ඉන්න දෙදාහෙන් පස්සෙ ගෑණු චපලයි. බන්දලා ගෙදරට ගෙනාවොත් නැන්දම්මට අපලයි . අපේ අම්මා රාහුට ගෙට කතා කරල තේකක් දුන්නත් මම හිතන්නෙ නෑ ලේලි පොඩ්ඩකට නම් තේ දෙයි කියලා . දුන්නත් දෙයි ඉගුරු දාපු ප්ලේටියක් වහලා තම්බපු මඤ්ඤොක්කා එක්ක කාලා බොන්න. "

" අම්මා එච්චර දරුණුද අප්පා . දැන් එහෙ එන්නත් බයයි වගේ "

" කෙලින්ම කියන්න අයියා !
බය වෙන්න කාරි නෑ අනේ. මොකෝ ඔයාගෙ හිතෙත් එහෙම අදහසක්වත් තිබ්බද ඈ ?"

" මො..මොන පිස්සුද ? මොකෝ හිනා වෙන්නෙ ඈ... කට වහන් ඉන්නව පොඩි එකා "

" හාකො හාකො.... ඉතින් ඔයාගෙ අවුරුදු හයක ලව් එක ගැන කියන්නකො අයියෙ . මම හිතන්නෙ ඔයාට ලව් එකක් තියේ කියලා ඔයා වටේ කැරකෙන උපාසක අම්මලා ටික දන්නෙ නෑ වගේ නේද ? පොටෝ එකක් දාපු ගමන් නැත්තන් කමෙන්ට් වැටෙයියෑ mine mine කියලා . නේහ් ?"

" හ්ම්. ඔයා තමා පළවෙනි කෙනා මට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා කියලා දැනගත්ත. මෙහෙමයි ඉතින් , මං ලව් කරාට එයාට මං ගැන එහෙම හැගීමක් තියෙද කියලා දන්නෙ නම් නෑ . "

" ඒ කිව්වෙ ? "

" තාම වන් සයිඩ් ලව් එකක්. එයා අකමැති වෙයිද කියලා මට බයයි !"

" ඉව්ව්ව්ව්. ඔයාට අකමැති කියන්නෙ එහෙනම් ඒකි ලොන්ත පූසියක් වෙන්න එපැයි අනේ . පිස්සුද ? අනිවාර්යයෙන්ම ඕක ඔයාට සෙට් වෙයි ... "

" ම්ම් ... බලමුකො. හැබැයි එයා පූසියක් නම් නෙවෙයි . පූසෙක් "

" එ....ඒඑ කිව්වෙ ඔයා ලව් කරන්නෙත් කොල්ලෙක්ටද ? "

හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅Where stories live. Discover now