🦋 Chapter 5 🦋

1K 260 9
                                    

  At the Night time 🌃

කට්ටියම ඩිනර් එක අර ගත්තට පස්සේ තම තමන්ගේ කාමර වලට ගියේ පොඩි නැප් එකක් දාන්න . ජංකුක් නම් ඇදට වැටිච්ච ගමන් නිදි ඒත් ටේහ්‍යොන් නම් සාමාන්‍යයෙන් රෑට නිදා ගන්නේ ගොඩාක් පරක්කු  වෙලා මොකද ටේහ්‍යොන් එයාගේ වැඩ ගොඩක් කරන්නේ මහ රෑට නිසා .

ඒ අතරේ ජිමින් ටේහ්‍යොන් ගේ රූම් එක ගාවට ආවේ ටේහ්‍යොන් එක්ක වැදගත් දෙයක් කතා කරන්න . ඒත් ටේහ්‍යොන් ගේ කාමරේ ලයිට් එක තාමත් පත්තු වෙන නිසා ජිමින් හිතුවේ ටේහ්‍යොන් ඉන්නේ වැඩක වෙන්න ඇතී කියලා .

ඉතිම් ටේහ්‍යොන් ට කරදර නොකර ආයෙත් යන්න හිතපු ජිමින් නැවතුනේ ටේහ්‍යොන් ගේ කාමරේ ලයිට් එක ඕෆ් උනු නිසා .  කාමරේ ගාවට ලං උනු ජිමින් ටේහ්‍යොන් ගේ රූම් එකේ දොරට දෙපාරක් විතර තට්ටු කලා .

" ලව් ඔයා නිදිද ? "

ජිමින් එහා පැත්තේ ඉදන් අහද්දි ජිමින්ට රලු ගොරෝසු කටහඩකින්

" මම නිදා ගන්න හැදුවා විතරයි බබී "

කියලා උත්තරයක් ලැබුනා .

ටේහ්‍යොන් හිමීට එයාගේ රූම් එක දොර අරිද්දි ජිමින් දොර ඉස්සරහට වෙලා හිටියේ නොයිවසිල්ලෙන් ..

" කියන්න බබී ඇයි මේ මහ රෑ මට කතා කලේ "

" ඔයාගේ අකමැත්තක් නැත්තම් අපි ඇතුලට ගිහින් කතා කරමුද "

ජිමින් ටේහ්‍යොන් ගේ කාමරේ ඇතුල පෙන්නන ගමන් කිව්වා

" හ්ම් හොදයි එහෙනම් එන්නකෝ ඇතුලට "

ටේහ්‍යොන් කාමරේ පෙන්නන ගමන් කියද්දි ජිමින් ඇතුලට ඇවිත් ටේහ්‍යොන් ගෙ බෙඩ් එකෙන් වාඩි උනා .. ටේහ්‍යොනුත් දොර ලාවට අඩවල් කරලා ජිමින් එහා පැත්තෙන් වාඩු උනේ දිහු හුස්මක් පිට කරන ගමන්

" මොකක්ද කාරණාව "

ටේහ්‍යොන් අත් දෙකත් එයාගේ පපුවට බැදගෙන අහද්දි ජිමින් තාමත් කලබලයෙන් හිටියේ ඒ ගැන මෙහෙම අහන එක හොදයිද කියලා හිතන ගමන්

" ලව් මේක මගේ අදහසක් නෙමේ ඒක යුංගියගේ  මෝඩම කියන්නත් බැරි අදහසක් . ඔයා ඒකට අකමැතී නම් කිසිම ප්‍රශ්නයක් නෑ මට කෙලින්ම කියන්න ඒ වගේම මේ දේ අහලා මට ඔයාගේ හිත රිද්දන්න ඕනේ ත් නෑ "

𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒  || 𝐓𝐊 ✔✔Where stories live. Discover now