🦋 Chapter 33 🦋

778 190 14
                                    


යුංගිගේ කෑ ගැහිල්ලත් එක්ක සෝෆා එකේ ගැරඩියො දෙන්නෙක් වෙලිලා ඉන්නවා වගේ හිටපු ටේහ්‍යොනුයි ජංකුකුයි වෙඩිල්ල වගේ ඈත් උනා . ටේහ්‍යොන් සෝෆා එකෙන් නැගිටලා හිට ගද්දි ජංකුක් බිම බලාගෙනම නැගිටලා ටේහ්‍යොන් ගේ අතින් අල්ල ගත්තා . එක පාරක් යුංගි තමන්ගේ කනට ගහපු එක ටේහ්‍යොන් ට මතක් උනු නිසාම ටේහ්‍යොන් ට පොඩි බයකුත් නොදැනුනා මත් නෙමේ .

" ජංකුක් මොකක්ද මෙතන වෙන්නේ "

" යුංගි හියුන් ජංකුකුයි මමයි ... "

" මම තමුන් ගෙන් නෙමෙයි ඇහුවේ ජංකුක් ගෙන් "

යුංගි තද බැල්මක් ටේහ්‍යොන් දිහාවට යොමු කරන් හිටියා ඒක නිසාම ටේහ්‍යොන් තමන්ගේ කට වහ ගත්තා . ජංකුක් ට දැනුනු බය නිසාම ටේහ්‍යොන් ගේ අත තව ටිකක් තදින් අල්ල ගත්තා . ජිමින් නම් කිසිම දෙයක් කර ගන්න බැරුව යුංගිගේ පිටි පැස්සට වෙලා හිටියේ යුංගිට තරහ ගියාම කවුද ඉන්නේ කියලා වත් බලන්නේ නැති නිසා .

" තමුන්ට කන් ඇහෙන්නේ නැද්ද ජංකුක් "

" හියුන් අපි ආදරේ කරනවා "

" දැන් කොච්චර කාලයක්ද "

" ම්ම් මාසයක් "

" ඇයි මට කලින් මේ ගැන කිව්වේ නැත්තේ ජංකුක් ? "

යුංගි ගේ ඇස් දිගටම ජංකුක් ගේ දිහාවට එල්ල වෙලා තිබුනා . ටේහ්‍යොන් ට තේරුනා ජංකුක් ඉන්නේ බය වෙලා කියලා ඒක නිසා ටේහ්‍යොන් යුංගි ඉන්න එක වත් නොහිතා ජංකුක් ව තව ටිකක් තමන්ගෙ ලගට ලං කර ගත්තා . ටේහ්‍යොන් කරපු දේ යුංගි දැක්කත් යුංගි මුකුත්ම නොකියා ඉන්න වග බලා ගත්තා .

" මට බය හිතුනා හියුන් බනියි කියලා "

" ඉතිම් ඒකද කොරියා යන්න අදිමදි කලේ "

" හ්ම් ඔව් මට ටේ හියුන්ව දාලා යන්න බැහැ "

ජංකුක් එහෙම කියද්දි යුංගිට ඉබේම වගේ බැලුනේ ටේහ්‍යොන් දිහා . ඒ වෙනකොටත් ටේහ්‍යොන් හිටියේ ජංකුක් දිහා බලා ගෙන . ටේහ්‍යොන් ගේ ඇස් අවංකයි ඒ වගේම ජංකුක් ගේ වචනත් !

" කොහොමත් මම ජංකුක් ට යන්න දෙන්නෙත් නැහැ "

මෙච්චර වෙලා නිහඩව හිටපු ටේහ්‍යොන් කතා කලා . ජෙනියි ජිමිනුයි මේ දිහා බලන් හිටියේ නාට්ටියක් බලනවා වගේ . හරියට බැලුවොත් කතාවේ ඉන්න දුෂ්ටයා තමා යුංගි .

𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒  || 𝐓𝐊 ✔✔Where stories live. Discover now