🦋 Chapter 10 🦋

925 240 15
                                    

Next day morning ... 🌄

" මල් පිබිදෙන එක වසන්ත සමයක
ඔබ හමුවේවි කියා ...
පෙරුම් පුරා මග බල උනිමි මම
ඇයි තව නාවෙ ඔයා ...
ටර රම් ටම් ටම්
ටරම් ටරම් ටම් ටම් ... "

ජංකුක් උදේම නැගිටලා සින්දුවකුත් කියාගෙන පහලට ආවේ පොඩි ඩාන්ස් එකකුත් දාන ගමන් .

" ගුඩ් මෝනින් අජුම්මා "

" ගුඩ් මෝනින් චූටි බේබි "

ජංකුක් පහලට එද්දි කිචන් එකේ අජුම්මා ඉන්නවා දැකපු නිසා හයියෙන් අජුම්මා ට ගුඩ් මෝනින් කියලා කෑ ගැහුවා

" චූටි බේබි මට විනාඩියක් දෙන්නකෝ මම කෑම ටික මේසෙට අරන්නම් "

" මාත් උදව්වක් දෙන්නද "

" අනේ මට පුලුවන් චූටි බේබි මේවා කරන්න බේබි ඉන්නකෝ "

" මම දැන් මහත් උනොත් ඔන්න අජුම්මා තමා"

" දැන් මොකෝ එහෙම කියන්නේ "

" රස රස කෑම හදලා සේරම මට කන්න  දෙනවා ඊට පස්සේ අතක් පයක් හොලවලා මම වැඩක් කරන්න යද්දි ඔන්න කිචන් එකේ ඉදලා අජුම්මා බෙරිහන් දෙනවා "

ජංකුක් තොලත් උල් කර කර කියද්දි වික්ටෝරියා කලේ හිනා උනු එක

" එහෙම කරන්නේ චූටි බේබී එක්ක තියෙන තරහකට නෙමේ ආදරේකටනේ "

" ආදරෙයි නම් කෝ මගේ බනානා මිල්කි එක මට තාම දුන්නේ නෑ ඒක  "

ජංකුක් තොලත් පෙරලලා කිව්වේ ආයෙත් වික්ටෝරියගේ මූණ ලස්සන හිනාවකින් පිරිලා යද්දි

" මෙන්න චූටි බේබිගේ බනානා මිල්කි එක හැබැයි ගොඩක් බොන්න එපා බඩේ අමාරුව හැදෙන්න පුලුවන් "

" අජුම්මට පිස්සුද බඩේ අමාරුව කියා මට මොලේ අමාරුව වත් හැදිලා නෑ තාම . බනානා මිල්කි එකයි මායි අතර තියෙන්නේ වෙනම මෙව්වා එකක් ආන්න ඒකට තමයි කියන්නේ අජුම්මා සැබෑ ප්‍රේමය කියලා "

" අනේ අනේ පිස්සු කොල්ලා "

  වික්ටෝරියා ජංකුක් ගේ කම්මුලක් මිරිකලා කියද්දි ජංකුක් කලේ එයාගේ හා දත් දෙක දාලා හිනා උනු එක

𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒  || 𝐓𝐊 ✔✔Where stories live. Discover now