🦋 Chapter 25 🦋

853 222 18
                                    


ටේහ්‍යොන් ට උණ හැදුනු දවස් ටිකේම ජංකුක් තමා ටේහ්‍යොන් ගේ ලගින් ඉදලා ටේහ්‍යොන් ව බලා ගත්තේ . ටේහ්‍යොන් ගේ හැම වැඩක්ම පවා කරලා ජංකුක් ගේ ආදරෙත් ටේහ්‍යොන් ට දෙන්න ජංකුක් අමතක කලේ නෑ

ජෙනීත් දැන් ටේහ්‍යොන් එක්ක ඉන්න නිසා ජූන් ආයේ කොරියා වලට යන්න හිතුවේ එහේ තියෙන බිස්නස් වැඩ ජින්ට තනියෙන් කර ගන්න අමාරු නිසා . ඉතිම් ඒක හින්දම මීට දවස් දෙකකට උඩදි ජූන් ආයේ කොරියා වලට ගියා .

ටේහ්‍යොන් අසනීපෙන් හිටියත් කොල්ලගේ හිත නම් තිබුනේ තමන්ට සැනසිල්ලක් උනු ෆ්ලවර් ශොප් එක ගාව . ලෙඩත් පැත්තක දාලා ටේහ්‍යොන් කීප සැරයක්ම ශොප් එකට යන්න හදද්දි ඒ හැම පාරම ටේහ්‍යොන්ට උනේ ජංකුක් ගෙන් බැනුම් අහන්න .

ඒත් ටේහ්‍යොන් සමහර මුරණ්ඩු වැඩ ජංකුක් ට උනත් නතර කරන්න බෑ ඉතිම් අන්තිමේදී ටේහ්‍යොන් ට හොද වෙනකල් ෆ්ලවර් ශොප් එක බලා ගන්න වැඩේ ජෙනියි වික්ටෝරියයි බාර ගත්තා . ඉතිම් ඒකෙන් උනේ ටේහ්‍යොන් ගේ බර ජංකුක් ට පැටවුනු එක

ටේහ්‍යොන් ආසම වික්ටෝරියා හදන කෑම කන්න ඉතිම් වික්ටෝරියා දැන් ශොප් එකට යන නිසා ටේහ්‍යොන් ට ඒ කෑම මග හැරුනා . ඒත් ජංකුක් හදන කෑම ? ටේහ්‍යොන් ඒවටත් ගොඩක් ආසයි . ජංකුක් හැමවෙලාවෙම හදන්නේ අලුත් අලුත් කෑම .

ඉතිම් ටේහ්‍යොන් ආසයි අලුත් ටේස්ට් එකේ ෆුඩ් ට්‍රයි කරන්න . කොහොම හරි ජෙනියි වික්ටෝරියයි ෆ්ලවර් ශොප් එකට ගිහින් වරුවක් ගත වෙද්දි ජංකුක් කිචන් එකට ගියේ අලුත් රෙසපී එකකට කෑමක් හදන්න හිතා ගෙන .

ජංකුක් කිචන් එකේ බරටම වැඩ කරද්දි ටේහ්‍යොන් හිටියේ ජෙනී එක්ක කෝල් එකක . මොකද ටේහ්‍යොන් මොනවා උනත් වැඩිය කැමති නෑ තමන්ගේ සහෝදරියව එයා නොදන්න රටක මේ විදිහට වැඩ කරනවා දකින්න .

පැය දෙකකට ආසන්න වෙද්දි ඇමතුම නිමා උනත් ජංකුක් ගෙන් කිසිම සද්දයක් නැති නිසා තමන්ගේ කාමරේට වෙලා හිටපු ටේහ්‍යොන් හිමින් සීරුවේ පහලට ඇදුන . රෝස පාට ඒප්‍රන් එකකුත් ඇද ගෙන එහාට දුව දුව කෑම හදන ජංකුක් ව ටේහ්‍යොන් ට පෙනුනේ පුලුම් බෝලයක් වගේ.

𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒  || 𝐓𝐊 ✔✔Where stories live. Discover now