" ඉතිම් කොහොමද පුතා "ටේහ්යොන් වගේම ජංකුක් හිටපු මේසේ ගාවින් නැවතුනු ආගන්තුක පුද්ගලයා එහෙම අහද්දි ජංකුක් නම් ඒ කෙනා දිහා බලන් හිටියේ ඇහිබැමක් උස්ස ගෙන උනත් ටේහ්යොන් නම් ඒ කෙනා දිහා බලන් හිටියේ සුහද හිනාවක් යොමු කරමින් ..
" මම හොදින් චෝයි අන්කල් "
" අහන්නත් සතුටුයි "
" ඉතිම් චෝයි අන්කල්ට කොහොමද "
" වරදක් නෑ මගේ ලෙඩ වලට බෙහෙත් බිබී ඉන්නවා "
" තාමත් ? "
" මම දැන් වයසයිනේ දරුවෝ "
" එහෙනම් වාඩි වෙලාම අපි කතා කරමුකෝ "
ටේහ්යොන් තමන්ගේ ඉදිරියේ තියෙන පුටුව පෙන්නද්දි චෝයි හිනා වෙලා එතනින් වාඩි උනා
" ඒක නෙමේ කවුද මේ හුරතල් පිරිමි දරුවා "
චෝයි ජංකුක් දිහා බලලා ටේහ්යොන් ගෙන් ඇහුවා
" අහ් මේ ජංකුක් ! යුංගි හියුන්ගේ මල්ලි කෙනෙක් "
" ඕහ්හ් කොහොමද ජංකුක් "
" හොදයි අන්කල් "
චෝයි හිනා වෙලා අහද්දි ජංකුකුත් හිනා වෙලාම චෝයිට උත්තර දුන්නා
" ඒක නෙමේ පුතේ මමියි ඩැඩයි ඔයාට තාම කතා කලේ නැද්ද "
" නෑ චෝයී අන්කල් මම හිතන්නේ නෑ එයාලට මං ගැන මතක වත් ඇතී කියලා "
" එහෙම හිතන්න එපා දරුවෝ එයාලා දවසක ඔයාට කතා කරයි "
" දැන් අවුරුදු ගානක් තිස්සේ මං මගේ හිතම රවට්ට ගත්තේ ඔහොම හිතලා තමා "
" බලාපොරොත්තු නැති කරන්න එපා මොකද ඔයයි කිම් පව්ලේ උරුමක්කාරයා ඉතිම් මූන්ගාල් දවසක ඔයාට කතා කරයි "
" චෝයි අන්කල්ට ඩැඩාව හම්බ උනේ නැද්ද "
" ලගකදි නම් මට එයාව හම්බ උනේ නෑ අපි අන්තිම පාර හම්බ වෙලත් දැන් මාසයක් විතර වෙනවා ඒකත් මම කැනඩා වල බිස්නස් වැඩකට ගියපු වෙලාවකදි අහන්බෙකින් දැකලා "
" චෝයි අන්කල් ගාව ඩැඩාගේ නම්බර් එක තියෙනවද "
" අහ් ඔව් ඉන්න මම දෙන්නම් "
YOU ARE READING
𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒 || 𝐓𝐊 ✔✔
Romance" ඇයි ඔයා ඔච්චර පරණ තාලේ විදිහට අදින්නේ අලුත් ජෙනරේෂන් එකේ කොච්චර ෆැෂන් තියෙනවද .. පොඩ්ඩක් ඒවත් ට්රයි කරලා බලන්නකෝ " ______________________________________________ " ඇත්තටම එයා ගොඩක් බෝරින් කෙනෙක් කිසිම ෆන් එකක් නෑ " ______________________________...