🦋 Chapter 13 🦋

930 233 73
                                    

Next day morning ... 🌄

පහුවදා උදේම ටේහ්‍යොන් චර්ච් යන්න ලෑස්ති උනා . වික්ටෝරියා හදලා දුන්නු ස්ටෝබෙරි මිල්කි එකක් බිබී ටේහ්‍යොන් සෝෆා එකේ ඉදන් කාත් එක්කදෝ ෆෝන් එකෙන් ලොකු කතාවක . ඒ අස්සේ ටැනිත් ටේහ්‍යොන් ගේ සපත්තුවේ කොනක් හප හප සෙල්ලම .

තාමත් පැයකට කිට්ටු උනත් ජංකුක් නම් රෙඩි වෙලා තිබුනු පාටක් පේන්න වත් තිබුනේ නෑ . ටේහ්‍යොන් කෝල් එකේ ඉන්න අතරෙම සෙකන්ඩ් ෆ්ලෝ එකට ඇස් යැව්වේ ජංකුක් එනවද කියලා බලන ගමන් .

දන්නෙම නැතුව කෝල් එක එන්ඩ් උනත් ජංකුක් නම් නෑ . ටේහ්‍යොන් ඉතිම් බැරිම තැන සෝෆා එකෙන් නැගිට්ටේ තවත් බලන් හිටියොත් මාස් එක මිස් වෙන නිසා . පහල ඉදන්ම ටේහ්‍යොන් ජංකුක් ට කතා කරනවත් එක්කම ජංකුක් කලබලයෙන් ම පහලට දුවගෙන ආවා

" ඔහ් ඇති යාන්තම් දැන් හරි ආවා . මොනවද මෙච්චර වෙලා කලේ ? ඇදුමක් අදින්න මේ තරම් වෙලාවක් ඕනේ නෑනේ "

ටේහ්‍යොන් තමන්ගේ අත් දෙක හරහට බැදගෙන ජංකුක් ගෙන් ඇහුවා

" මට ඇදුමක් තෝර ගන්න ටිකක් වෙලා ගියා"

" ජංකුක් මොකක්ද මේකේ තේරුම ඔයා පොඩි ලමයෙක් නෙමේනේ . අනික කවුද තමන් උදේ ගමනක් යනවා නම් ඇදුම් ඒ වෙලාවට ලෑස්ති කරන්නේ ? අඩුම ගානේ අපි ඇදුම කලින් දවසේ රෑ වත් හොයලා තියන්න ඕනේ  "

" අයිගූ හියුන් මේ ෆස්ට් ටයිම් මම පරක්කු උනු  නැත්තම් මම හැමදාම මගේ ඇදුනුත් රෙඩී කර ගෙන මාත් රෙඩී වෙන්නේ ඒ වෙලාවට "

" ඒත් ජංකුක් ඕඩර් එකට වැඩ කරන්නයි වෙලාවට වැඩ කරන්නයි ඉගෙන්  ගන්න ඕනේ  මොකද මම ආස නෑ හැමදේම අච්චාරුවක් කර ගන්නවට ඕකේ ? "

" ඕකේ ඕකේ ! නෙක්ස් ටයිම් මෙහෙම වෙන්නේ නෑ "

" ම්ම් ඒක හොදයි .. දැන් ගිහින් ඔයාගේ මිල්කි එක බීලා එන්නකෝ "

" ඔම්මා බනානා මිල්කි එක  මට කලින් රූම් එකටම ගෙනල්ලා දුන්නු නිසා මම ඒක බිව්වා"

" ඔහ් එහෙනම් සේරම හරිනේ "

" ඔව් "

" ගුඩ් එහෙනම් අපි යමු "

𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒  || 𝐓𝐊 ✔✔Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ