🦋 Chapter 42 ( End ) 🦋

1.1K 185 54
                                    

Wedding day ...

මූන් ගාල් සැලසුම් කරපු විදිහට හැමදේම හොදින් සිද්ද වුනා .. ටේහ්‍යොන් ගෙයි රෝස් ගෙයි වෙඩින් එක ලොකුවටම ගන්න මූන් ගාල් හැමදේම ලෑස්ති කරලා තිබුනා . වෙඩින් හෝල් එකේ ප්ලේ වෙන මියුසික් වලට දැනට මත් කට්ටීය නටන ගමන් වයින් වලින් මත් වෙන්න ගත්තා ..

මූන් ගාල් ගේ ෆැමිලි එකේ අය වගේම මිස්ටර් පාක් ගේ ෆැමිලි එකේ අයත් ඉක්මනින් එකතු උනා . ඒ අතර මූන් ගාල් තමන්ගේ බිස්නස් පාර්ට්නෙර්ස්ලා කීප දෙනෙක් එක්ක සුහද කතා බහක නිරත වෙමින් හිටියා .. ඒ හැමෝම කියපු විදිහට ටේහ්‍යොන් කඩවසම් තරුණයෙක් .. ඒකේ සැකයක් නම් කොහෙත්ම නැහැ

" ඇත්තටම ඔයා ගොඩක් වාසනාවන්තයි මූන් ගාල් ටේහ්‍යොන් වගේ පුතෙක්ව ලැබෙන්න "

ඔව් ඇත්තටම ටේහ්‍යොන් වගේ පුතෙක් ලැබෙන්න නම් මූන් ගාල් ගොඩක් වාසනාවන්ත උනාට මූන් ගාල් වගේ ඩෑඩ් කෙනෙක්ව ලැබෙන්න ටේහ්‍යොන් ගොඩක් අවාසනාවන්ත උනා ..

" ඒක නම් ඇත්ත මම නම් ඉන්නේ මූන් ගාල් ඔයාගේ පුතාව මීට් වෙනකල් ඉවසිල්ලක් නැතුව "

" මම කලින් දැනන් හිටියා නම් මූන් ගාල්ට පුතෙක් ඉන්නවා කියලා එහෙනම් කලින්ම මම මගේ දුවව ටේහ්‍යොන් ට ප්‍රොපෝස් කරනවා "

ඔය වගේ කතා බස් මූන් ගාල්ගේ කන් වලට වැද්දි මූන් ගාල් හිනා වෙවීම ඒ ප්‍රශ්න මග හැරියා .. ඒ අතර ටේහ්‍යොන් රූම් එකට වෙලා වෙඩින් ඩ්‍රෙස් එකත් ඇදලා රෙඩි වෙලා හිටියත් කොල්ලා රූම් එකේ එහාට මෙහාට ඇවිද ඇවිද නිය පොත්තත් හප හපම කල්පනා කලේ ජංකුක් ගැන ..

වෙඩින් එක පටන් ගන්න තව වෙලාව ඕන තරම් තිබුනා .. ජංකුක් ව එලියට අර ගත්තට පස්සේ යුංගි ටේහ්‍යොන් ට ඒ ගැන ඉම්ෆෝම් කරන්නම් කිව්වත් තාම යුංගිගෙන් ජංකුක් ගැන ටේහ්‍යොන් ට කිසිම තොරතුරක් ලැබුනේ නැති නිසා ටේහ්‍යොන් හිටියේ ටිකක් විතර කලබල වෙලා ..

" ආයිශ් මොනවා වෙලාද ඇයි තාම කිසිම උත්තරයක් නැත්තේ "

ටේහ්‍යොන් ලග තිබුනු මල් වාස් එක පොලොවේ ගහලා තමන්ගේ කොන්ඩේ හයියෙන් ඇද ගත්තා .. ඒ අස්සේ රූම් එකේ දොරට කවුද මන්දා ඇවිත් තට්ටු කරන්න ගද්දි ටේහ්‍යොන් ට තවත් තරහා ගියා

𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒  || 𝐓𝐊 ✔✔Where stories live. Discover now