In the morning 🌄 ...අද උදේම යුංගි වගේම ජිමිනුත් බැන්ග්ලෝ එකට එනවා කියලා දැනුම් දුන් නිසා ටේහ්යොන් ෆ්ලවර් ශොප් එකට නොයා ගෙදර ඉන්න තීරණේ කලා . වික්ටෝරියත් උදේම කට්ටියට රස රස කෑම හදන්න යද්දි වෙනදා වගේම ජෙනිත් වික්ටෝරියට උදව් වෙන්න ගියා . උදෑසන දහය පමණ වෙද්දි ජිමින්ගේ කාර් එක ටේහ්යොන් ගේ බැන්ග්ලෝ එක ගාව නතර කරන් හෝන් කරන්න ගත්තා .
ජෝජ් ඉක්මනට ගිහින් ගේට් එක අරිද්දි ජිමින් කාර් එකෙ ශටර් එක පහත් කරලා ජෝජ්ට සුහද හිනාවක් සංග්රහ කලා . එහෙන්මම ජිමින් කාර් එක ටේහ්යොන් ගේ ගරාජ් පාකින් එක ලග පාක් කලාට පස්සේ කාර් එක ඇතුලේ හිටපු යුංගි මුලින්ම බැස්සා . සන්ග්ලාස් දෙකකුත් දාගෙන හිටපු යුංගි එක අතකින් තමන්ගේ කොන්ඩෙත් හැදුවේ පුදුම ආඩම්බර කමකින් .
ජිමිනුත් කාර් එකෙන් බැහැලා මොනවදෝ මන්දා බෑග්ස් වගයක් උස්සන් බැන්ග්ලෝ එක ඇතුලට යද්දි යුංගිත් ජිමින් එක්කම ඇතුලට ගියා . ඒ යන කොට නම් ලිවින් රූම් එකේ හිටියේ ජංකුක් විතරයි . ඒත් ජංකුක් නම් කරන්නේ පොඩි එකෙක් වගේ සෝෆා එකේ දිගා වෙලා කාටූන් බලන එක . යුංගි තමන්ගේ ඔලුවත් වනලා ජංකුක් ගේ ඉස්සරහින්ම තියෙන සෝෆා එකේ ගිහින් වාඩි උනා .
ඒ වෙලාවේ තමා ජංකුක් උනත් දැක්කේ යුංගියි ජිමිනුයි ආපු වග . කොල්ලට නම් මාරම සතුටුයි ජංකුක් යුංගිව දැකපු ගමන් දුවලා දුවලා ගිහින් යුංගිගේ ඇගට පණිද්දි යුංගි තමන්ගේ මූණත් බෙරි කරන් අහක බලා ගත්තේ ජංකුක් කොච්චර දග වැඩ කලත් අද වෙනතුරු යුංගි ජංකුක් ට එක වචනෙකින් වත් බැනලා නැති නිසා .
" ඔයාලා නැතුව පාලුවෙන් මං හිටියේ "
" ඔච්චර පාලුවෙන් හිටියා නම් එන්න තිබුනනේ අපිව බලන්න "
" අහ් එන්නේ කොහොමද ගිය පාට ටේ හියුන්ගේ කණට ගැහුවේ "
" ඌ ඒ ඕනේ නැති මගුලක් කරන්න ගිය නිසානේ දැන් කෝ ඕකා ඉන්නවද "
" හ්ම් ඉන්නවා උඩ එයා මොකක්ද මන්දා ලොකු වැඩක් "
ජංකුක් ඇගිල්ලකුත් කටේ ගහන් ඇස් කරකව කරකව කියද්දි ජිමිනුත් ජංකුකුයි යුංගියි අතර මැදින් වාඩි උනා . ජංකුක් දත් තිස් දෙකම දාලා ජිමින් එක්ක හිනා වෙද්දි ජිමින් ජංකුක්ගේ ඔලුව අත ගාලා යුංගිගේ ඇගට හේත්තු උනා .
BẠN ĐANG ĐỌC
𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒 || 𝐓𝐊 ✔✔
Lãng mạn" ඇයි ඔයා ඔච්චර පරණ තාලේ විදිහට අදින්නේ අලුත් ජෙනරේෂන් එකේ කොච්චර ෆැෂන් තියෙනවද .. පොඩ්ඩක් ඒවත් ට්රයි කරලා බලන්නකෝ " ______________________________________________ " ඇත්තටම එයා ගොඩක් බෝරින් කෙනෙක් කිසිම ෆන් එකක් නෑ " ______________________________...