🦋 Chapter 41 🦋

591 149 18
                                    


In the morning ....

" අනේ ජින් හියුන් මම එක පාරකුත් කිව්වනේ මම දගලන්නේ නැහැ කියලා අනේ මාවත් එක්කන් යන්නකෝ "

" අපෝ බැහැ ජංකුක් ටේහ්‍යොන් මට කිව්වේ එයා එනකල් ඔයාව මැන්ෂන් එකෙන් එලියට වත් යවන්න එපා කියලා "

" අනේ මම පොරොන්දු වෙනවා මාකට් එකට ගියාම හියුන් කියන දේම අහන් ඉන්නවා කියලා "

" මියන්හේ ජංකුක් ඒත් මට බැහැ ඔයාව එක්කන් යන්න හොද ලමයා වගේ මැන්ෂන් එකට වෙලා ඉන්න ඕනේ මම ඉක්මනට එනවා හරිද "

ජින් ජංකුක් ගේ ඔලුව අත ගාලා කිව්වත් ජංකුක් ට නම් ඕනේ උනේ ජින් එක්ක මාකට් එකට ගිහින් එන්න .. ඒත් ටේහ්‍යොන් ජින්ට කියලා ගියේ මොනම හේතුවකට වත් ජංකුක් ව තමන් නැතුව මැන්ෂන් එකෙන් එලියට එක්කන් යන්න එපා කියලා .

ඉතිම් ජින් ටේහ්‍යොන් කිව්ව විදිහටම ජංකුක් ට කොහෙවත් යන්න දුන්නේ නැහැ ඒත් ජංකුක් නම් කැමති නැහැ කොටු වෙලා ඉන්න ඒත් එහෙමයි කියලා ජින්ට බැහැ ජංකුක් ව එක්කන් ගිහින් රිස්ක් එකක් ගන්න .

" කෝ දැන් ඉතිම් මූණ එල්ලන් ඉන්න එපා මම මාකට් ගිහින් එද්දි ඔයාට බනානා මිල්කි එකක් අරන් එන්නම්කෝ "

" හ්ම් හ්ම් "

" එහෙනම් මම ගිහින් එන්නම් පරිස්සමෙන් ඉන්න ඕනේ කොල්ලෝ "

" හරී "

ජින් ජංකුක් ගේ ඔලුව අත ගාලා කාර් එකට නැගලා මාකට් එකට ගියා . ජංකුක් ගේට් එකත් වහලා දාලා ඇවිත් සෝෆා එකට පැනලා ටීවී රිමෝට් එක අතට අරන් ටීවී එක දැම්මා . එක චැනල් එකකම වගේම බෝරින් ප්‍රෝගෑම්ස් ගියපු නිසා ජංකුක් ඈනුමකුත් අරින ගමන් කම්මැලි කමින් ටීවී එක ඕෆ් කරලා දැම්මා ..

තමන්ට කරන්න කියලා වෙන කිසිම දේකුත් නැති නිසා ජංකුක් ෆෝන් එක අරන් ගේම් එකක් ගහන්න ගත්තා කොහොමත් ජංකුක් කියන්නේ ගේම්ස් වලට ආස ගේම් පිස්සෙක් .. ඒත් මැන්ෂන් එකේ බෙල් එක වදින්න ගත්තු නිසා ඕනෙම නම් ජංකුක් ට විනාඩි පහක් දහයක් එක දිගට ගේම් එක ගහන්න හම්බ වෙන්න ඇතී .

ආපු එකාටත් බැන බැන ජංකුක් ගිහින් ගේට් එක අරිද්දි එතන හිටියේ ඩ්‍රැක් වගේම එයාගේ ගෝලයෝ කිහිප දෙනෙක් . ජංකුක් ට අවාසනාවකට වගේ ඩ්‍රැක්ව අදුර ගන්න බැරි උනා ඉතිම් ඒක ඩ්‍රැක්ට ලොකු වාසියක් උනා . ඩ්‍රැක් ගේ අතේ පොඩි පැකේජ් එකක් තිබුනා බැලූ බැල්මට නම් කට්ටියව පෙනුනේ මොනා හරි බඩු වගයක් බෙදන කට්ටියක් වගේ ඉතිම් ජංකුක් ට උනත් කිසිම සැකයක් ඇති වුනේ නැහැ

𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒  || 𝐓𝐊 ✔✔Where stories live. Discover now