🦋 Chapter 30 🦋

733 201 12
                                    

Next day .... ☘️

කලින් දවසේ ජංකුක් ගේ වාචාල කට නිසා ටේහ්‍යොන් ට මල පැනලා මුලු රෑම ටේහ්‍යොන් ජංකුක් එක්ක කතා නොකර හිටියා . ඒත් ඉතිම් ජංකුක් ට බෑ ටේහ්‍යොන් නැතුව එක තප්පරයක් වත් ඉන්න . කරන්න පුලුවන් සේරම ගොන් වැඩ කරලා ජංකුක් කොහොම හරි ටේහ්‍යොන් ව යාලු කර ගත්තා .

නොකීවට ටේහ්‍යොන් ටත් බෑ ජංකුක් නැතුව ඉන්න ඒත් ඒ දේ නම් ටේහ්‍යොන් ගේ මුරණ්ඩු හිත කොයි වෙලාවක වත් පෙන්නුවේ වත් පිලිගත්තේ වත් නැහැ . ජංකුක් කොච්චර රෝස් ගේ ගෙදර තියෙන ඩිනර් එකට යන්න අකමැති උනත් ටේහ්‍යොන් එක්ක ආයෙත් රණ්ඩු වෙන්න බැරි කමට ජංකුක් ඩිනර් එකට යන්න ලෑස්ති උනා .

ටේහ්‍යොන් කවදාවත් නැතුව හොදට හැඩ වැඩ දාලා ලෑස්ති වෙද්දි ජංකුක් ගේ සැක කරන හිත නම් වැඩේ නැවැත්තුවේ නැහැ . කොහොම හරි ටේහ්‍යොනුත් ඩිනර් එකට යන්න ලෑස්ති වෙලා පහලට එද්දි ජංකුක් වගේම ජෙනීත් පහල බලන් හිටියා .

වෙනදා මේ දෙන්නා අහස පොලොව ගැට ගහන්න තරම් කතා කලත් අද සද්දයක් වත් තිබුනේ නෑ .ටේහ්‍යොන් ඉතිම් දෙන්නා පොඩි වලියක් දාගෙන ඇතී කියලා තමන්ගේ ඔලුවත් දෙපැත්තට ගසන ගමන් ජංකුක් ජෙනී දෙන්නා ඉස්සරහින් හිට ගත්තා .

" එහෙනම් දෙන්නම ලෑස්තියිනේ ? "

ටේහ්‍යොන් එහෙම අහනවත් එක්කම ජංකුකුයි ජෙනියි තමන්ගේ හිස ඉහල පහල කරන්න ගත්තා

" එතකොට මුකුත්ම අමතක කලේ නෑනේ සේරම ගත්තනේ "

ටේහ්‍යොන් ආයෙත් වතාවක් අහද්දි ජංකුකුයි ජෙනියි ආයෙත් කලින් විදිහටම හිස වැනුවා

" ගුඩ් එහෙනම් දෙන්නම කාර් එකට ගිහින් නගින්න මම ටැනීට කිස් එකක් දීලා එන්නම් "

ටේහ්‍යොන් ජංකුක් දිහා හොර ඇහින් බලන් කියද්දි ජංකුක් bombastic side eyes වලින් ටේහ්‍යොන් දිහා බැලුවා . ජංකුක් කොච්චර ස්වීට් උනත් එයාගේ ඒ බැල්මට නම් ටේහ්‍යොන්ගේ ඇගත් සීතල උනා මොකද පුංචි උනත් ජංකුක් ගම්මිරිස් ඇටයක් වගේ හරිම සැරයි .

ටේහ්‍යොන් සුටුස් ගාලා ලිස්සලා යද්දි ජංකුක් ඇන්ග්‍රි බර්ඩ් කෙනෙක් වගේ ජෙනී එක්ක කාර් එකෙන් ගිහින් වාඩි උනා . සුපුරුදු විදිහටම ජෙනී ඉස්සරහ සීට් එකෙන් වාඩි වෙද්දි ජංකුක් පිටි පැස්සේ සීට් එකෙන් වාඩි උනා . කොච්චර උනත් දෙන්නගෙන් එක්කෙනෙක් වත් එක වචනයක් වත් කතා කරේ නැහැ .

𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒  || 𝐓𝐊 ✔✔Where stories live. Discover now