🦋 Chapter 15 🦋

892 220 7
                                    

" ආව් හිමින් ජංකුක් "

" ගොඩක් රිදෙනවද හියුන් "

" ඔව් කම්මුලක් නෑ වගේ මට දැනෙන්නේ "

" ඔයත් ඉතිම් ඕනේ නැති දේවල්නේ කරන්න යන්නේ "

" මට ඕනේ උනේ ඔයාට පොඩි ජෝක් එකක් කරන්න "

" ඔව් ඔව් දැන් හරිනේ ජෝක් එකක් කරන්න ගිහින් කර ගත්තු එක මම නම් කියන්නේ හොදම වැඩේ කියලා "

" ආව් ආව් ඔයා මට රිද්දනවා "

" රිදෙන්න තමා කරන්න ඕනේ කරන ගොන් වැඩ වලට "

ජංකුක් රතු වෙලා තියෙන ටේහ්‍යොන් ගේ කම්මුලට ගගා හිටපු ජෙල් එක තදින් ගාන්න ගත්තේ ටේහ්‍යොන් වේදනාවෙන් ඇඹරෙද්දි

" ඒත් ජංකුක් යුංගි හියුන් මට ගහපු එක වැරදී "

" ඇයි එහෙම කියන්නේ "

" මම සෙඩියුස් කරන්න හැදුවේ ඔයාව මිසක් එයාව නෙමේනේ ඉතිම් එයාට ඕනේ නෑනේ මට ගහන්න "

" මෝඩයෝ යුංගි හියුන් කියන්නේ මගේ සහෝදරයා ඉතිම් එයා කැමති ද ඔහේ මාව එක පාරටම කිස් කරනවා බලන් ඉන්න "

" ඒ උනාට එයා ගහන්න ඕනේ නෑනේ ඔන්න ඔයා ගැහුවා නම් හිත හදා ගන්න හරි තිබ්බා "

" මම ගැහුවා නම් ගහන්නේ ආයේ ඔයාට කම්මුලක් නැති වෙන්න "

" මම දන්නවා ඔයාට එච්චර දෙයක් කරන්න බෑ කියලා "

" යුංගි හියුන් ගෙන් ගුටි කාලත් තාම ලොකු කම අඩු වෙලා නම් නෑ "

" මේ කිම් ටේහ්‍යොන් කියන්නේ ලේසියෙන් කාටවත් නැවෙන කෙනෙක් නෙමේ "

ටේහ්‍යොන් හෙන ගැම්මෙන් කියද්දි ජංකුක් නම් කලේ කටත් ඇද කරලා ඇස් රෝල් කරපු එක

" ජිමින් හියුන් තව ටිකකින් එයි හෝට් වෝටර් ටිකක් අරන් කම්මුල තවන්න එතකොට ඔය ඉදිමිලා තියෙන ගතිය නැති වෙයි "

" මගේ කම්මුල ගොඩක් ඉදිමිලාද "

" ඔව් හරියට මී මැස්සෝ විදලා වගේ "

" දෙයියනේ මගේ හැන්ඩ්සම් ෆේස් එක "

ටේහ්‍යොන් තමන්ගේ අත් දෙකම කම්මුලකට තියා ගෙන සුසුම් හෙලන්න ගත්තේ ජංකුක්ට කරපු ජෝක් එකක් කවදාවත් තමන්ට මෙහෙම දේකින් ඉවර වෙයි කියලා හීනෙකින් වත් නොහිතපු නිසා

𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒  || 𝐓𝐊 ✔✔Where stories live. Discover now