🦋 Chapter 9 🦋

978 221 8
                                    


කට්ටියම ගාඩ්න් එකට ගියාට පස්සේ වික්ටෝරියා උදව්වට ජෝජ්වත් අඩ ගහ ගත්තා .

" මමයි ජෝජුයි ඉදි කට්ට හොයා ගන්නම් බේබිලා දෙන්නා ඔය එහායින් තියෙන බෙන්ච් එකේ වාඩි වෙලා ඉන්නකෝ "

" අයිගූ අජුම්මා අපිත් එන්නම්කෝ උදව් කරන්න "

"' නෑ නෑ චූටි බේබි බේබිලා අත් වල මඩ ගා ගන්න ඕනේ නෑ . මමයි ජෝජුයි ඉදි කට්ට හොයා ගෙන බේබිලට කතා කරන්නම්කෝ "

  වික්ටෝරියා ජංකුක් තමන්ගේ අත් වල මඩ ගා ගන්නවට අකමැති නිසා කිව්වත් ජංකුක් වික්ටෝරියට උදව් කරන්න හැදුවේ නම් යටි අරමුණක් ඇතුව.

" අජුම්මා කියනවනේ එයාට ඔය වැඩේ ජෝජ් එක්ක කරන්න පුලුවන් කියලා ඉතිම් ඔයා මෙන්න මෙහාට වෙලා ඉන්න ජංකුක් "

" එහෙම කතා කරන්න එපා හියුන් අජුම්මා මේ උදේ ඉදලා මහන්සි වෙලා දැන් මේකත් හොයන්න මහන්සි උනාම එයා පව් "

ජංකුක් අති රගපෑමක නිරත වෙද්දි ටේහ්‍යොන් ට හිතුනෙම මේකා සාක්කුවේ දාගෙන ආපු ඉදි කට්ට ගාඩ්න් එකට දා ගන්න බැරුවනේ මේ තරම් බොරු කරන්නේ කියලා

" බේබිලා යන්නකෝ වික්ටෝරියටයි මටයි මේ වැඩේ කරන්න පුලුවන් "

" ඒක තමා ජෝජ් මාත් මේ කියන්නේ කොහෙද ඉතිම් බේබිලා දෙන්නා හරිම මුරණ්ඩුයිනේ "

ජෝජ්ගේ කතාවට වික්ටෝරියත් එකතු වෙන ගමන් කිව්වේ දෙන්නා ගාඩ්න් එක ගාවින් හෙල වෙන්නේ නැති නිසා

" හරි අජුම්මා අපි එහෙනම් බෙන්ච් එක ගාවට යන්නම්කෝ ඔය කියන ඉදි කට්ට අජුම්මට හම්බ උනොත් අපිට කියන්නකෝ "

' හරි ලොකු බේබි "

" ඒත් ..."

" මෙන්න මෙහෙට එනවා යන්න "

ජංකුක් ආයේත් ඒකට විරුද්ද වෙන්න හදපු නිසා ටේහ්‍යොන් ජංකුක් ගේ ටී එකෙන් ඇද ගෙන බෙන්ච් සයිඩ් එකට ආවා .

" තමුසෙ මහ කපටියෙක් ජංකුක් "

" මම එහෙම නෑ "

" මම දැක්කා තමුසෙ ගේ කලිසම් සාක්කුවි ඉදි කට්ටක් තියෙනවා "

𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒  || 𝐓𝐊 ✔✔Where stories live. Discover now