🥀Chapter 30🥀

563 118 41
                                    

🖤 prove

ඇත්තටම අද උන දේවල්.. හිතාගන්නවත් බැ.. ලියා ඒ වගේ දෙයක් කරයි කියලා.. එයා මගේ යුවීගේ ජීවිතේ බේරගන්න ලේ දුන්නා කියලා..එයා එයා ගැනවත් හිතන්නේ නැතුව මගේ යුවියා වෙනුවෙන් කැපවුනා.. මම දන්න විදිහට ලියා මට වෛර කරනවා..😔😔 ඒත් එයා යුවී ගැන හැමවෙලේම හොයලා බලනවා.. ඇත්තටම මට හිතුනා මම ගත්තේ හරිම තීරණයක් කියලා..එයාට ආදරය කරපු එක.. ඒක හොදට දැනිලා තියෙනවා.. ඒත් මම මොකක්ද කලේ හරියට හොයන්නේ බලන්නේ නැතුව ලියාට බැන්නා.. එයාට රිද්දුවා.. නාම්ජුන් කිව්වා හරි ලියාට මාව  , අපිව මෙහේ දාලා යන්න ලොකු හේතුවක් තියෙන්න ඇති.. අපි ලියාගේ යාලුවා උන ශෙනායාගෙන් ඒ වගේම සෝගෙන් ඇහුවත් ඒ දෙන්නා අපට මුකුත් කිව්වේ නෑ.. ඒකෙන් කුකීයාගෙයි ශෙනාගෙයි තිබ්බ යාලුකමත් නැති උනා..එත් මට හිතුනා මම තමා මේ හැමදේටම මුල කියලා..😖😖 ඒත් කවුද අර මින්හ්‍යුක් කියන එකා..ඒකා ඇයි ලියා ගැන ඒ වගේ හොයලා බලන්නේ..😒😒ඒකා කොහොමද මගේ ලියාට එහෙම ලන් වෙන්නේ...ඒ කියන්නේ ලියා දැන් එයාගේ ජීවිතේ අලුතින් පටන් අරන්ද??ඒ කියන්නේ මින්හ්‍යුක් කියන්නේ ලියාගේ බෝයිෆ්‍රෙන්ඩ්ද..😔😔

මම ලියාගේ  පෝන් එක අරන් හොස්පිට්ල් බැල්කනි එකට ආවා..එලියට ආවේ අරුන් දෙන්නා දැක්කොත් මට විහිලු කරන නිසා..මම ඇවිල්ලා පෝන් එක බැලුවේ කාටවත්ම සැක හිතෙන්නේ නැති වෙන්න..හරියට මගේ ඔෆිශියල් දෙයක් කරන්න ආවා වාගේ..ඇවිත් ලියාගේ පොන්  එකේ ගැලරි එකට ගියා..ඒක දැක්කම.. ඒකේ තනිකරම වගේ තිබ්බේ මගේ පොටොස්..😲😲මම එක එක shows වලට ගිහින් ගත්ත ඒවා.. තව මම ඇමෙරිකා වල තිබ්බ ටීවී ප්‍රෝගරෑම් එකක යන්න ඇමෙරිකා ගියා..එහෙදී හැමෝටම හොරෙන් මම  එලියට ගියේ පොඩ්ඩක් නිදහසේ ඉන්න..ඇත්තටම ඒ ඒකාකාරි ජිවීතේ මට හරි වදයක්..මම එකේන් පොඩ්ඩක් නිදහස් වෙන්න එලියට ගියේ..එහෙ ගිහින් ඉද්දී එලියට ඇවිදින්න ගියා තනියම..ඒකේ පොටෝ එකකුත් තිබ්බා..සුදු මාස්ක් එකක් දාන් කලු ජැකට් එකයි දාන් එලියට ගිය දවස මට මතක් උනා..ඒ පොටෝ එක ගහලා තියෙන්නේ හොරෙන්..ඒ කියන්නේ ලියා මාව ඇමෙරිකා වලදී අදුන ගෙනද? ඒ කියන්නේ එයාට මාව එහෙම උනත් අදුන ගන්න පුලුවන්ද?? ලියා එච්චරටම මන් ගැන දන්නවාද?? මට තාම හිතා ගන්න බෑ..මට මතක් උනේ එදා මම එයාට ගිෆ්ට් එකක් විදිහට දුන්න පෝන් එක..ඒකේ මගේ පොටෝ එකක් වෝල් පේපර් එකට දාලා දුන්නා කියලා යකා නටපු හැටි..ඒත් දැන් මේකේ තියෙන්නේ මගේ පොටොස්..මට නම් ලියාව දැන් තේරුම් ගන්නම බෑ..ඒ එක්කම මම නිකමට වගේ එයාගේ නෝට් පෑඩ් එකට ගියේ මොනවා හරි හොයා ගන්න පුලුවන් වෙයිද කියලා හිතන ගමන්..ඔව් මම හොයපු දේ හම්මුනා..ඒක හරියට ඩයරි එකක් වගේ..ඒ නිසාම මම ඒකේ අවුරුදු හතක් ආපස්සට බැලුවා..මේ තියෙන්නේ..ඒකේ මුලින්ම තිබ්බ එක කියවද්දී මට හිතුනා මේක ස්ටඩී කලොත් මට ලියාගේ අතීතේ ගැන හොයා ගන්න පුලුවන් කියලා..එයා  අපි හැමෝගෙන්ම වෙන් වෙන්න හේතුව..ඇමෙරිකා යන්න හේතුව..මම උත්තර හොයන ප්‍රශ්න වලට උත්තර..ඒත් මේක මට දැන් මෙතන කියවන්න බෑ..ඒ නිසාම මම ඉක්මනට ඒ හැම එකක්ම ස්කීන් ශොට්ස් ගහන් මගේ පෝන් එකට ශෙයා කර ගත්තා..ඒ වගේම කලින් තිබ්බ විදිහටම මුකුත්ම උනේ නෑ වගේ හරියට මම මේ පෝන් එක ඇල්ලුවේ නෑ වගේ හොරෙන්ම ගිහින් එතනින් තිබ්බා..මොකද මෙතන මෙයාට සිහිය ආවොත් ඩෙගා නටන නිසා..ඒ වගේම ඩොක්ටර් කිව්වා වගේම ලියාට සිහිය ආවා..මේක මෙතන කියවන්න බැරි නිසා මම ඉවසන් හිටියෙ ගෙදර ගිය ගමන් කියවනවා කියලා..ඒ වගේම මම යුවීව discharge කර ගත්තේ මගේ වැඩත් එක්ක යුවීව හොස්පිට්ල් තියන්න බැරි නිසා..කොහොමත් යුවීට බෙඩ් රෙස්ට් කලාම හරි කියපු නිසා ඩොක්ටර් යුවීව discharge කලා..

🥀𝑫𝒐𝒏'𝒕 𝑳𝒆𝒂𝒗𝒆 𝑴𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Where stories live. Discover now