🌸02❤

917 116 13
                                    

අද සිංහල දෙමළ අලුත් අවුරුද්ද ,මේ වෙනකොට හැම ගෙදරම සතුට දොරේ ගලනවා ඇති.එත් මට අවුලක් නැ.මට හදවතින්ම විශ් කරන්න ටික දෙනෙක් ඉන්න නිසා.මම කිරි උතුරන්න ඔනේ පොල් ගාලා මිරිකලා .සාලේ ලිප හදලා බලන් ඉන්නේ නැකත එනකන්.

"උඹ මොකද ඔතන කරන්නේ.අපේ අවුරුද්ද කන්නේ නැතුව පල කාමරේට .ආවා මෙතන අවුරුද්දම කාළකණ්ණි කරන්න මුසලයා"

"පුජානි අදවත් මේ ළමයට කෑ ගහන්නේ නැතුව ඉන්නවා.අකිදු ඔහොම ඉන්නවා.මේ අවුරුද්දේ අකිදු අපිත් එක්ක අවුරුද්ද සමරනවා.එච්වරයි ."

"ඩැඩි....ඔයාට පිස්සුද මේකා එක්ක අපි කොහොමද ....චී..."

"ලොකු නන්ගිට බැරිනම් ඔයාට පුලුවන් කාමරේට යන්න,කෝ පොඩී එන්න මන් ලගට "

අද පලවෙනි වතාවට මාමා මන් වෙනුවෙන් කතා කරා .මටත් පුදුමයි.එත් හිතේ මහා අමුතු බයක් තියෙනවා.මම මේකට සතුටු වෙන්නද අඩන්නද කියලා

"ප්‍රසන්න.....මොකක්ද මේ නටන්න හදන නාඩගම ආ.....අද තමුසේ මගෙත් එක්ක රණ්ඩු කරන්නද හදන්නේ.මේ මුසලයා නිසා ආ....තොට සාප වෙනවා අපේ පවුලේ රණ්ඩු ඇති කරනවට මස්කබාල්දුවා"

"පුජාණි තමුන් ඔය කට වහා ගත්තොත් හොදයි.කොල්ලා අපි එක්ක සමරන අවසාන අවුරුද්ද මේ.කොල්ලා ආයේ අපි එක්ක අවුරුදු සමරන්න ඉන්නේ නැ.ඒ හින්දා පාඩුවේ ඉන්නවා"

"මාමේ....."

"ඔව්.උඹව ඉක්මනට මෙහෙන් යවනවා,,එතකොට හැමොටම හොදයි .මේ ගෙදර මුසලයොත් නැ.කටවාචාල ගැනුත් නැ.කනක් ඇහිලා ඉන්න පුලුවන් "

මාව මෙහෙන් යවනවා කිව්වා හින්දා එයාලා කැමති වුනා මම අද එයාලා එක්ක ඉන්නවට.මම හිතන්නේ මාව රට අරින්න හදන්නේද කොහෙද ,

හැමොටම කිරිබත් කවලා අවසානේ මටත් මාමා කිරිබත් කැව්වා .මගේ ෆෝන් එකට නිතේශ්ගේන් මැසෙජ් එකක් ඇවිත් තිබ්බා .

"Suba aluth auruddakwewa.ube thiyena presna wisadila sathutin inna puluwan kalayak udaa wewaa. Ape ammath wish karanna kiwwaa"

මාත් ඉතින් රිප්ලයි කරා එසෙම වෙවා කියලා.නෑයෝ කියලා ගොඩක් අය මාමලා ඇසුරු කරන්නේ නැ.ලග පාත ගෙවල් ටිකට ගියා .ඒ ගෙවල් වලින් ආවා.විශේෂකට තිබ්බේ මාමාට මාගේ බිස්නට් පාට්නර් කෙනෙක් ඩිනර් එකට එන්න කියලා තිබ්බ එක විතරයි.

blessing for me ( yizhan )Where stories live. Discover now