"අකී පුතේ මොකක් හරි ප්‍රශ්නයක් ද ....."
"එහෙන නැ අප්පච්චි "
"නැති වෙන්න බැ...මම බලාගෙන දැන් දවස් ගානක් ඔතනට එනවා ඔහේ කල්පනා කර කර ඉන්නවා.....හිතේ තියෙන දේ කියන්න..හිර කරන් ඉන්න හොද නැ ඔය කාලේට "
" අනේ එහෙම නැ අප්පච්චි ..මට හිතෙනවා මගේ අප්පච්චිත් හිටියානම් කියලා..මගේ අම්මා එක්ක..."
"මගේ පුතාට මගේ ආදරේ මදිද....මගේ නෝනාගේ ආදරේ මදිද ...."
"අනේ නැ අප්පච්චි .... කිසි කෙනෙක් ආදරේ නොකරපු මට ඔයාලා දෙවිවරු වගේ.....අනේ මොකුත් හිතන්න එපා..."
මම හිතන්නේ මම සුදු අඅයියා ගැන හිතලා මට ගෙදර අය මග ඇරිලා...ඒත් මේ සුදු අයියා මගේ හිතේ හොල්මන් කරනවා නොසැහෙන්න ....දැනට මාසයක් වෙනවා ඒ කෙනාගේ මතක එක්ක මම තනියෙම විදවනවා...ඇත්තටම කිව්වොත් මට මගේ මහාත්තයා පවා මග ඇරෙනා වෙලාවල් නොතිබුනා නොවෙයි....
අනේ මේ මට මොක්ද වෙන්නේ.....මට තනියෙම මේ වේදනාව උහුලන්න බැ...මට මගේ මහාත්තයා ඇරෙන්න වෙන කෙනෙක් එපා....එත් මට සුදු අයියා කියන කෙනා එක පාරක් හාරි දකින්න ඔනේ...දැන් නිකන් ඒක දොලදුකක් වගේ...මම බැලුවේ මගේ ඉස්සරාහට නෙරලා තියෙන කුස දිහා...
'අනේ මගේ පන ටික...අම්මි පබ ගාලක පැටලිලා මගේ පුතේ..දන්නවද මම ඔයාලගේ අප්පච්චිට ගොඩක් ආදරෙයි ...එයා නැතුව මොහොතක්වත් ඉන්න බැරි තරමටම....මගේ සත්තලන් අම්මි නැති කාලේක අප්පච්චි හොදට බලා ගන්න....
උබලා ලොකු වෙනකොට අපි වයසට යනවා...ඉක්මනට පරිස්සමෙන් එලියට එන්නකෝ හ්ම්ම්.....ඔයලාත් බලන්නකෝ ඇවිත් අප්පච්චිගේ ආදරේ ....ඔයාලටත් ලෝබ හිතෙයි....'
මම තනියෙන් මගේ පැටව් එක්ක කතා කර කර හිටියේ ලොකු පුතා පුපත් උඩ දාගෙන සැපය නිදි එකේ...හිතට ආව කම්මැලිකම නිසා අම්මාගෙන් අහාගෙන කොට්ට උරේකට මල් මහන්න පුරුදු වුනේ නිකන් ඉන්න වේලාවට මල් මහන්න...
මා බඩින් නිසායි..මට උන අනතුර නිසයි එයා අකමැති වුනා මම රස්සාවට යනවට ....ඒක එයාගේ හිනයක් වගෙම මගේ හිනයක් වුනත් අවසානේ මට වුනේ දරුවෝ නිසායි .මගේ කසාද ජිවිතේ නිසයි ගෙදරට වෙලා ඉන්න....
YOU ARE READING
blessing for me ( yizhan )
Fanfictionහැමොටම ලැබෙන්න ඔන ඔයා වගේ සිමා විරහිතව ආදරේ දෙන කෙනෙක්. ජිවිතේ අමාරු තැනදි අත දිලා පැත්තකට වෙලා බලන්න ඉන්න කෙනෙක් ආදරෙයි කියලා වචනෙන් නෙවෙයි ක්රියාවෙන් පෙන්න කෙනෙක් ඔයා මට රූස්ස ගහක් .සරණක් නැතිව හිටපු මට සරණක් වුන.මේ ආත්මෙට විතරක් නෙවෙයි සංසාර...