"මේ පොඩි අයියා.ඔයාගේ සම්පුර්ණ නම කියන්නකෝ අනේ.අකිදු ඉතුරු කැල්ල"
"අකිදු යහම්පත් විරසිංහ ,දැන් ඇයි මොකක්ද ඔයාට මෙයාගේ නමෙන් තියෙන වැඩේ"
මගේ නම ඇහුවට උත්තර දුන්නේ මම නෙවෙයි අර නපුරා මේකා මගේ හැමදෙම දන්නවා වගේ කතාව.එත් හිතේ පොඩි සතුටක් තියෙනවා.මන් ගැන හොයන්න තව කෙනෙක් ඉන්නවා කියලා දැනුන නිසා.
"ලොකු අයියා.අපි එලියට යන්කෝ.මම කැමති නැ අර ඇවිත් ඉන්න කට්ටියට.අනික මම පොඩි අයියගේ නම ඇහුවේ එයාව අදුර ගන්න.නැතුව ලව් කරන්න නෙවෙයි "
"අම්මෝ බන් .අපේ එකි වගෙම කටු ඉත්තක්නේ බන්"
"හා හා...අත්ත අග මල් තියෙනවා හරිද.ඔයලගේ අර උඩැක්කි දෙක වගෙ නෙවෙයි මම "
මේකිට තියෙන්නේ කටක් නෙවෙයි.මෙවට හිනා වෙලත් බැ.නොවිත් බැ.මම බිම බලාගෙන හිනා වුනා.
"අයියා....අයියා..."
"මොකො බන්."
"මේ...මේ පොඩි අයියාට අඩන්න විතරක් නෙවෙයි හලෝ ලස්සනට හිනා වෙන්නත් පුලුවන් .යුමෙත් අයියා මල්ලිව කෙල්ලොන්ගෙන් පරිස්සම් කරන්න වෙයි හොදේ"
මේ කෙල්ල කිව්ව දේට මගේ හිනාව අතුරුදන් වුනේ මිට කලින් මගේ හිනාව කවුරුත් ලස්සනයි කියලා නැති නිසා.
"අනේ ඒ පාර අඩන්නේ ඇයි අනේ.අනේ අඩන්න එපා .ඔයා අඩනවා දැක්කොත් අපේ අයියා මට බනි.හොද අයියානේ අඩන්න එපා"
කටවත් ඇහෙන්නේ නැති වෙන්න මට එකි ආයාචනා කරනවා.මම ටග්ගාල කදුලු පිහා ගත්තේ නපුරාගේ හැටි එක දවසට තේරුම් ගත්ත නිසා.
"කල්ප අයියා.....අපේ අයියා "
අන්න පොඩි නන්ගිලා දෙන්නත් එනවද කොහෙද ,මම හිමිට ඇදෙන් බැහින්න හැදුවේ එලියට යන්න හිතා ගෙන වෙනකොට මට ඇදෙන් බිමට අඩිය තියන්න ලැබුනේ නැ.
"තමුසේ ඔය කොහෙද යන්න හදන්නේ..."
"එලියට සර් "
"සර් කියන කැල්ල අයින් කට ගන්නවා.අයියා කියලා කතා කරනවා නැත්තම් කල්ප කියලා නම කියනවා.තමුසේ ඇදෙන් බහින්න ලැස්ති වෙන්න එපා "
YOU ARE READING
blessing for me ( yizhan )
Fanfictionහැමොටම ලැබෙන්න ඔන ඔයා වගේ සිමා විරහිතව ආදරේ දෙන කෙනෙක්. ජිවිතේ අමාරු තැනදි අත දිලා පැත්තකට වෙලා බලන්න ඉන්න කෙනෙක් ආදරෙයි කියලා වචනෙන් නෙවෙයි ක්රියාවෙන් පෙන්න කෙනෙක් ඔයා මට රූස්ස ගහක් .සරණක් නැතිව හිටපු මට සරණක් වුන.මේ ආත්මෙට විතරක් නෙවෙයි සංසාර...